IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


දැවී ගිය අගමැති නිවෙස සුන් බුන් අතර සැරිසර

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමෙන් වූ හානිය සියසින් දැක බලා ගැනීමට මාධ්‍යයට අස ඉඩකඩ විවර විය.

අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසලට විරෝධය දැක්වීම සඳහා ඊයේ පස්වරු 4ට පමණ පිරිසක් පැමිණ ඇති අතර එම පිරිස පොලිස් මාර්ග බාදක කඩාගෙන එන්නට උත්සාහ කරන විට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර යොදා පිරිස විසුරුවා හැර තිබේ.

මද වේලාවකින් පිරිස නැවත එකතු වී අසල තිබූ පොලිස් ට්‍රක් රථයක් තල්ලු කොට මාර්ග බාධක වැටේ හප්පා එම වැට බිඳ දමා ඇතැයි කියති.

පැමිණි පිරිස පාලනය කර ගැනීමට තරම් පොලිස් සහ හමුදා බලඇණියක් එම අවස්ථාවේ එහි සිට නැති අතර කලහකාරීන් අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ තාප්පයෙන් පැන නිවසට ඇතුළු වී තිබේ.

කලහකාරීන් අග්‍රාමාත්‍යවරයාගේ නිවස ආසන්නයට පැමිණෙන විටම රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ආරක්ෂිත ස්ථානයකට පිටත් කොට යැවූ බව අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය සඳහන් කරයි.

නිවසට ඇතුළු වූ කලහකාරීන් අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ තිබූ වටිනා කියන භාණ්ඩ සියල්ලක්ම සොරාගෙන ගොස් ඇතැයි ද අනතුරුව යම් දහනශීලී ද්‍රව්‍යයක් යොදා ගිනි තබා ඇතැයි ද ආරක්ෂක අංශය සඳහන් කරයි.නිවසට ගිනි තැබීමෙන් අග්‍රාමාත්‍යවරයාගේ නිල රථයට ද දැඩි හානි සිදුවී ඇති අයුරු දැකගත හැකි විය.

මෙම කලහාකාරී ක්‍රියා සිදු සිදුවන අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාගේ නිවස ආසන්න මාර්ගයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ නැගණියක ද සිටි බව ඒ අසල සිටි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

ආග්‍රමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරියෙක් පැවසූයේ නිවසේ කිසි දෙයක් ඉතිරි වී නැති බවත් සියල්ල දැලි අඟුරු බවට පත්වී ඇති බවත්ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිනි තැබුණු නිවසින් අද දහවල් වන විටත් දුම්රොටු විහිදෙමින් තිබිණි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරු ද හානිය දැක බලා ගැනීමට අද උදේ එහි පැමිණියහ.අසල්වාසීහු ද එහි රැස් වී සිටියහ.

(ශාන්ත රත්නායක සහ හිමත් මතීෂ)

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 



අදහස් (14)

දැවී ගිය අගමැති නිවෙස සුන් බුන් අතර සැරිසර

කමල් Sunday, 10 July 2022 10:06 PM

නිවසක් තැනීම යනු වර්තමානයේ මිනිසකුට සිහිනයකි. මිලමුදල් සොයාගැනීම, අමුද්‍රව්‍ය මිලටගැනීම, බාස් කුලිය, තීන්ත, ගෘහ භාණ්ඩ මිලට ගැනීම , මා ණයක් ලබාගෙන නිවස සෑදුවද තවමත් ගෘහ භාණ්ඩ මිලට ගැනීමට නොහැකි විය. ඒවා අමුණන ලද ඒවාය. මෙවන් දේපලක් අළු කර දැමීමට හොද සිහියෙන් සිටින අයකුට නොහැකි සේම, නිවසක් සෑදූ කෙනෙකුටද එය සිදුකල නොහැකිය. පසුගිය සමයේ නිවාස ගිණිතැබූ අයුරු අප දුටුවෙමු. මේ ගිණිවලින් අප මුළු රටම ගිනිගන්නා තුරු නායකයන්, නීතිය නිදාසිටී. රට කොහේට යනු ඇතිද? ම්ලේචයන්ගේ යුගය එළඹී ඇත.

:       2       44

ab Sunday, 10 July 2022 10:24 PM

දැවී ගිය අගමැති නිවෙස පමණක් නොව එතුමාගේ සහ බිරිදගේ library යේ තිබු සියලු දුර්ලබ පොත්, පුද්ගලික දේපල ගිනිබත් කරනලද පුද්ගලයන්, ඔවුන්ව උනන්දු කල පුද්ගලයන් කවුරුන් උවද ස්යල්ලන්හට නිසි දඩුවම් ලබාදිය යුතුවේ. එතුමාට සහ බිරිදට හානියක් නොවන අයුරින් ආරක්ෂිත ස්ථානයකට පිටත් කොට ඔවුන්ගේ ජිවිත ආරක්ෂා කිරීම අගයකලයුටුවෙමු

:       5       41

Perera Monday, 11 July 2022 06:06 AM

බල්ලො එක්ක ලගින්න ගිහිව් මැක්කො එක්ක නැගිටින්න වුණේ සකල සේසතත් නැති කරගෙන...

:       0       0

Sharn Monday, 11 July 2022 07:13 AM

මා ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති අතර පදිංචියද පිටරටකය, ඒත් පසුගිය කාලය පුරාම සිදුවන දේ දුටුමි, හැමකෙනාම අගමැතිකමේ අභියෝගය මගහරිනවිට රනිල් වික්‍රමසිංහ එය භාරගෙන යම් වැඩපිළිවලකට යන අයුරු දුටුමි. මොන දේශපාලන මතවාද දැරුවද කමිනැති එෙහත් මෙවැනි පහත් නින්දිත ක්‍රියාකාරකමි අනුමත නොකරමි. මෙවැනි අමනෝඥ ක්‍රියාකාරකම් නිසා සමස්ථ ක්‍රියාවලියේම ඇති අරමුණු වෙනස්වනු ඇත.

:       4       47

උපුල් සිරිවර්ධන Monday, 11 July 2022 09:27 AM

මේ අපරාධය කළ වුන්ට සාපවේවා!

:       5       34

BamunuarachchiWednesday, 13 July 2022 08:07 AM

ජෙප්පන් රනිල්ගේ ගෙදරට ඔපමණ හානි කලානම් ඊර්ශාවේ තරම බලා ගන්න පුළුවන්. මොවුනට රටේ බලය ගියොත් දේපලක් තිබෙන ජනතාවට් කුමකින් කුමක් සිදුවේවිද? චන්දය පාවිච්චි කීරීමේදී මේ සිදුවීම් ගැන සිතන්න.

:       0       0

sharm warn Monday, 11 July 2022 09:39 AM

මේ ගෙදර මෙච්චරම ගිනිගන්න පෙට්‍රල්වලින් නම් බැහැ. අනිවාර්යයෙන් මේකට සැලසුම් සහගත සම්බනධයක් තියෙනවා. අපේ කොල්ලන්ව කොටු කරන්න තවත් ගේම් ගහන්න එපා. දෙවියන් විනිශ්චය පටන් අරන් තියෙන්නේ කියලා දැන්වත් පිළිගන්න.

:       0       0

sharm warn Monday, 11 July 2022 09:48 AM

ගෙදර බඩුත් අරන් යනකල් ආරක්ෂක අංශවල කට්ටිය ඕමි බැලුවද දන්නේ නැහැනේ...? ගිනි ඇවිලෙන සුළු දෙයක්... එහෙනම් කොහෙන්ද බඩු එන්න ඇත්තේ කියලා අපට නම් තේරෙනවා.

:       0       0

Sisira Katugampola Monday, 11 July 2022 11:28 AM

මෙම නින්දිත ක්‍රියාවට සම්බන්ධ වූ සැම සතුටු වන්න. එය ඔහුගේ මාපිය උරුමයයි

:       5       18

Perera Monday, 11 July 2022 01:37 PM

පොලිසියයි, STF එකයි කෙළින්ම වැඩේට හවුල්...

:       16       17

පියසේන Monday, 11 July 2022 04:47 PM

අරගලය තුළ සිටිනුයේ මෙවන් පීඩිත අමන රැලකි. ඔවුන් තව තවත් ගිනිතබා වනසනු ඇත.

:       9       19

indikaTuesday, 12 July 2022 10:24 AM

අරමුණ මෙන්න මේ මතය ජනගත කිරීම...

:       0       0

BT Monday, 11 July 2022 10:32 PM

අලි සබ්‍රි මහතා පාර්ලිමෙන්තුවේදී ඇසූ පැනය යලි සිහිපත් වුණි: "මේ බුදුන් වැඩම කළ දේශයද?"

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 12 July 2022 02:51 PM

කව්රු කළත් මේවා හෙණ හත ගහන වැඩ. මෙවන් වැඩ කරන මිනිසුන්ද රටේ පාලනයට එන්නේ.අරගලය හොඳ වුවත්, ඒකට කොල්ලා බල්ලා වැදගත් කෙනා,නොවැදගත් කෙනා, උගතා, නුගතා, කුඩ්ඩා, පාතාලයා,තක්කඩියා, මැරයා ආදී හැමෝම රිංගාගෙන.එතකොට කිසි පාලනයක් නැහැ. මේ වගේ දේවල් සිදුවීම වලක්වන්නට බැහැ.ඒ වගේම අර මාධ්‍යයට පහරදුන් හාදයන් හා තවත් වගකිවයුතු අය මේ දේවල් සිදුවෙනකන් බලා සිටියා.මිනිසුන්ට ගහන වතුර ඇයි ගින්න නිවීමට බාධා නොකළේ.අගමැති වරයා තනි මන්ත්‍රී ආසනයක් ඇති කෙනෙක්.රටේ ආරක්ෂාව බාරව සිටි අය මේ දේවල් වලට වගකිව යුතුයි. ඇයි ගිනි තබන වෙලාවේ විදුලිය විසන්ධි උනේ. අගමැති ආරක්ෂාව බාර අධ්‍යක්ෂ ගින්න නිවා දැමීමට පියවර නොගත්තේ ඇයි. පුස්තකාලයක් කවදාවත් ඉස්කෝලයක් ළඟින් ගිය කෙනෙක් හෝ ගිනි තියන්නේ නැහැ. මෙය පිටුපස වෙනත් කුමන්ත්‍රණයක් ඇතැයි සිතිය හැකියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි
2025 මැයි මස 11 101 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා


දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 140 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 793 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 4556 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 2247 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1050 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 926 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1417 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 368 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site