IMG-LOGO

දෙවොල කැත කළ කපුවා වසර 15කට හිරේට

(මනෝප්‍රිය ගුණසේකර)

විවාහය සාර්ථක කර ගැනීම සඳහා දේව කන්නලව්වක් කර ගැනීමට දේවාලයට පැමිණි තරුණිය දූෂණය කිරීමේ චෝදනාවට වැදකරුවු පූජකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද (20) නියම කළේය.

වසර 10කට පෙර විත්තිකරු මෙම අපරාධය කරන අයුරූ ඇසින් දුටු සාක්ෂි නොමැති වුවත් සිය නීත්‍යානුකූල බිරිඳට හෝ බලහත්කාර කමක් කිරීම නීතිය ඉදිරියේ වරදක් බවට පෙන්වා දුන් විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොටට ඇතැයි තීරණය කරමින් ඔහුට අදාළ දඬුවම නියම කළේය.

චෝදනාවන්ටට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය සනූන් බදුර් මොහොමඩ් නමැති කපු මහතෙකුටය.

2012 ජූනි මස 28 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඇගේ කැමැත්තකින් තොරව තරුණීයක දුෂණය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී දුෂණයට ලක් වු තරුණීය ඇගේ විවාහය සාර්ථක කර ගැනීම සඳහා දේව කන්නලව්වක් කර පුජාවක් පැවැත්වවීමට ඇගේ පෙම්වතාද සමඟ විත්තිකරු පවත්වාගෙන ගිය දේවාලයට ගොස් ඇති බවත් ඒ අවස්ථාවේදී විත්තිකරු පෙම්වතා දේවාලයෙන් බැහැරට යවා ඇති බවත් හෙළි විය.

පසුව නිවසේ සිටි විත්තිකරුගේ බිරිඳට කතා කොට පූජාවට බිත්තරයක් අවශ්‍ය බව පවසා ඇයද නිවසින් පිටතට යැවීමෙන් අනතුරුව දේවාලයේ දොර වසා පුජාව කර ගැනීමට පැමිණී තරුණීය දූෂණය කර ඇති බව නඩු විභාගයේදී හෙළි විය.

සිද්ධිය ඇසින් දුටු කිසිවකු නොමැති බව විත්තියෙන් තර්ක කළ අතර දූෂණය කළ බවට ඇසින් දුටු සාක්ෂි නොමැති වුවත් තරුණීයගේ ඇගේ තිබී සොයාගත් සම්පල සමඟ විත්තිකරුගේ ඩී එන් ඒ සාම්පල සැසඳෙන බවට පැමිණිල්ල මගින් සනාථ කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා සිය නීත්‍යානුකූල බිරිඳට හෝ බලහත්කාරකමක් කිරීම නීතිය ඉදිරියේ වරදක් බව අවධාරණය කළේය.

විවාහය සාර්ථක කරගැනීම සඳහා විත්තිකරුගේ දේවාලයට ගිය තරුණීය විත්තිකරු විසින් දූෂණය කර ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා අදාළ චෝදනාවන්ට විත්තිකරු වරදකරු කරමින් විත්තිකරුට වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

සිර දඬුවමට අමතරව රුපියල් 10000/-ක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල නොගෙවුවහොත් අමතර මාස 06ක සිරදඬුවමකට ඔහු යටත් කළේය.  

 



අදහස් (6)

දෙවොල කැත කළ කපුවා වසර 15කට හිරේට

පිටිගල මිලානෝ Monday, 20 February 2023 05:16 PM

ඥාණක්කාත් මොනවා කළාද කියලා කවුද දන්නේ…? ඇසින් දුටු සාක්කි නෑනේ... ස’ හැම සතියේම එහෙ ගියාලුනේ…

:       5       23

මේවා තවත් විශ්වාස කරනවාද? Monday, 20 February 2023 06:11 PM

මෙම වකවානුවේ. ලෝකයේ කොන්ගේ වනාන්ත්‍රයේ ජීවත් වන මිනිස්සු පවා ාහෝ සේ දියුණුවී සිටින මෙම යුගයේ, තවමත්මේවා පිටුපස යන පිරසක් තවමත් ලංකාවේ ඉන්නවාද? කපුවාගේ ඉතිරි ටිකත් කපල දැම්ම නම් සමාජයේ ඉතිරි ජනතාව කරදර නැතිව සිටිය හැකිවේ නේද?

:       0       0

නිත්ත්‍යා Monday, 20 February 2023 06:24 PM

දෙවියන් විකුණාගෙන කන නොසන්ඩාලයින්ට වස් වදින්නේ නැත්තේ ඇයි?

:       5       9

fairoos Monday, 20 February 2023 06:36 PM

ප්‍රමාදවෙලා හරි දඬුවම් ලැබීම ගැන ස්තූතියි...!

:       1       7

Perera Tuesday, 21 February 2023 12:17 AM

කපුවාටත් හොඳ වැඩේ .මෝඩ ගෑනිටත් හොඳ වැඩේ

:       0       0

පැරකුම් Tuesday, 21 February 2023 07:18 AM

ඊනියා ප්‍රෞඪ “සිංහලයින්” ඉන්නකල් කපුවන්ට රජ සැප…! අතීත ශ්‍රී විභූතිය ගැන උදම් ඇනීම දැන්වත් නවත්තල රට දියුණු කරන්න උත්සාහ ගමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 455 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 627 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site