IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දිවුලපතානට අන්තවාදී පිරිසක් ඇවිත්: ලොකු ආරවුලක් නූලෙන් බේරෙයි

(නිමල් ජයරත්න)

අන්තවාදී පිරිසක් පොළොන්නරුව මාදුරුඔය දිවුලපතාන ගම්මානයට පැමිණ එහි පාරම්පරික ගම්වාසින් පිරිසක් සමග අද (22) සවස ඇති කරගන්නට ගිය ආරවුලක් සමථයට පත් කිරීමට,ප්‍රදේශයේ මහා සංඝරත්නය එම ගම්වාසීහු සහ අරලගංවිල හා කරදියනාරු පොලීසි සමත් වූහ.

දිවුලපතාන ගම්මානයේ පවුල් 50 කට ආසන්න පිරිසක් ජීවත් වන අතර එම ඉඩම්වලට මඩකළපුව හා අම්පාර  දිස්ත්‍රික්කයේ ගවයන් නිදහස් කිරීමට ලබාදෙන ලෙසට මඩකලපුව දිස්ත්‍රිකයේ මන්ත්‍රීවරයා මඩකළපු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට දන්වා ඇත.

ඒ අනුව අද මෙම ගම්මානයට වාහන කීපයකින් පැමිණි මෙම මන්ත්‍රීවරයාගේ අන්තවාදීන් පිරිසක් ගම්මානයේ නිවාස වීඩියෝගත කරන අවස්ථාවේදී විශාල ගැටුමක් වර්ධනය වීමට යෑමේදී  එම උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ අරලගංවිල පොලිසිය කටයුතු කර තිබේ,

මෙම ගමට පැමිණි සංවිධාන කීපයක් එල්ටීටීඊ ඩයස්පෝරාව හරහා මුදල් ලබාගනිමින් ඉදිරියේදී පැවැත්වෙන මානව හිමිකම් සංවිධානයට ශ්‍රී ලංකාව තුළ තම දමිළ ජනතාවගේ මානව හිමිකම් කඩ කරන බවට පවසමින් මෙම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකරගෙන ඒ පිළිබඳ නෝර්වේ හා ජිනීවා රටවලට වාර්තා සැපයීම ඔවුන්ගේ මූලික අරමුණ බව මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බුද්ධි අංශ සඳහන් කරයි.

ඒ අය අනුව මෙම පිරිස මාදුරුඔය දිවුලපතාන සිංහල ගම්මානයට ගොස් ගැටුමක් ඇති කරගෙන එය ජාත්‍යන්තරයට හා විදෙස් මානව හිමිකම් සංවිධානවලට තම ජාතියට විවිධ අඩත්තේට්ටම් වන බවට වාර්තා කිරීමට ගිය උත්සාහය සිංහල ගම්වාසීන් සහ ප්‍රදේශයේ සංඝරත්නයත්, පොලිසියත්, එක්ව ව්‍යාර්ථ කරගැනීමට හැකියාව ලැබුණු බවද බුද්ධි අංශ කියයි.

ත්‍රස්තවාදී තර්ජන හමුවේ 1983 වසරේ මෙම ගම්මානයේ පදිංචි පාරම්පරික සිංහල පවුල් 1800ක් විවිධ ප්‍රදේශවලට ගොස් නැවත 2009 වසරේදී සාමය උදාවීමත් සමඟ ඔවුන්ගේ තම පාරම්පරික ඉඩම්වල විවිධ එළවළු, පලතුරු මෙන්ම ස්වයං රැකියා කරමින් ජීවත් වූහ.

මෙම ඉඩම්වලට මඩකළපු සහ අම්පාර ප්‍රදේශයේ ගවයන් ඇතුළත් කිරීමේ මුවාවෙන් මෙම සිංහල වැසියන් ඉවත් කිරීම එල්ටීටීඊ හිතවාදීන්ගේ අර්මුණ බවත්, මේ පිටුපස මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටින බවට මේ වනවිට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබේ.

දෙමළ ඩයස්පෝරාව හරහා මුදල් ලබාගනිමින් මඩකළපුව ප්‍රධානියකු ලෙස කටයුතු කරන්නෙකුද මෙම අවස්ථාවට ගොස් ගැටුම් යළි ඇති කිරිමට උත්සාහ දරා ඇති බවට බුද්ධි අංශ මගින් සනාථ කරගෙන ඇත.

මෙම අවස්තාවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කෙරුණ මාධ්‍ය හැදුනුම්පතක් තිබෙන බව පවසා ඒ එනුවට ව්‍යාජ   හැඳුනුම්පතක් අතැතිව ගම්මානය වීඩියෝ සහ ඡායාරූප ගැනීමට පැමිණි ව්‍යාජ මාධ්‍යවේදීන්ගේ තොරතුරුද බුද්ධි අංශයට අනාවරණය කරගැනීමට හැකියාව ලැබී තිබේ.

පොලොන්නරුව මාදුරුඔය දිවුලපතාන ගම්මානයට පැමිණ ඇති කරන්නට ගිය විශාල ගැටුමක් සහ අසමගියක් සමථයට පත් කිරීමට ප්‍රදේශයේ මහා සංඝරත්නයට හා කරදියනරූ හා අරලගංවිල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබිණි.



අදහස් (5)

දිවුලපතානට අන්තවාදී පිරිසක් ඇවිත්: ලොකු ආරවුලක් නූලෙන් බේරෙයි

Akila Wednesday, 23 August 2023 06:13 AM

අනේ ඇයි ඉතින් අපේ CID එක ඔච්චර ශාක්ෂි හොයාගෙන තියෙද්දිත් මේ මන්ත්‍රී වරායව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ? දැන් ඔය දකුණේ උත්ගොෂන් කරන අයට කරනවා වගේ ? හොයල බලන්න මේක පිටිපස්සේ ඉන්නේ දෙමළ ඩයස්පොරවද නැත්නම් රාජපක්ෂ පිල්ලියක් ද කියල.මොකද දැන් මේ දෙගොල්ලොන්ටම දැන් ඕනේ එකම දේ

:       2       17

නිමල් Wednesday, 23 August 2023 07:37 AM

ඉතින් මේ කට්ටියට ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැතෙයි?

:       1       14

S.H.Liyanage Wednesday, 23 August 2023 09:13 AM

ලෝක දෙමල ඩයස්පෝරාවට කෙසේ හෝ දෙමල රාජ්‍යයක් ඇති කිරීමට ඔන කම ඇත . එය ඉන්දියාවෙ කිරීඑමට කිසිසෙත්ම ඉඩ නොතැනෙන නිසා ලංකාව තෝාගෙන සටනක් රට තුල සහ පිටරට පටන් ගෙන ඇත.

:       1       6

Bunny Preena Wednesday, 23 August 2023 10:37 AM

උගුල්වලට හසුනොවී බුද්ධිමත්ව ක්‍රියා කිරීම අගය කළ යුතු ක්‍රියාවක්... අපි ඉස්සර කළ මෝඩකම් හොඳටම ඇති...

:       0       13

Bamunuarachchi Wednesday, 23 August 2023 08:20 PM

මෙන්න බොලේ පාදිලියෙකුත් ගොඩ බැහැල. මෑන්ට අමතක වෙලා පාදිලි කම මෙහාට ගොඩ බැස්සේ බොහොම මැතක බව. කොහොම උනත් වැඩිකල් යන්න කලින් දෙමල්ලු ටික ආයිත් කනවා . ඒ වඩුග පාලකය නිසා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site