
( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම දිවුලපිටිය මාර්ගයට සමීපයෙන් පිහිටි හල්පෙ ගුරුල්ලගම සුසාන භූමිය ඉදිරිපිට මාර්ග රක්ෂිත කොටස කිසියම් පුද්ගලයෙකු විසින් කම්බි ගසා කොටු කිරීමේ සිද්ධියකට විරෝධය පාමින් ප්‍රදේශවාසීහු අද (1) පෙරවරුවේ එම සුසාන භූමිය ඉදිරිපිට දී විරෝධතාවයක යෙදුණහ .
සුසාන භූමියේ කටයුතු සිදුවන අවස්ථාවන්හිදී පැමිණෙන වාහන නවතා තැබීමේ පහසුව සඳහා මාර්ග රක්ෂිතයේ මෙම භූමි කොටස වසර හැට හැත්තෑවක් තිස්සේ භාවිතා කල බව කියන ප්‍රදේශවාසීහු මේ ආකාරයෙන් එම කොටස කොටු කිරීම හේතුවෙන් සුසාන භූමියට පැමිණෙන ජනතාවට මහත් ගැටලුවකට මුහුණ පෑමට සිදුවන බවද සඳහන් කළහ.
මාර්ග රක්ෂිත කොටස මෙසේ කොටු කර ඇතත් මාර්ග සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධයෙන් මුනිවත රකින බව ද ඔවුහු පැවසූහ . මාර්ග රක්ෂිත කොටස හා යාබද ඉඩමේ පැරණි කම්බි වැට අතර පවත්නා දුර අඩි හය හතක් තරම් ය .
මෙසේ අලුතින් ඉදි කර ඇති කම්බි කණු ගණනාවක් හඬා පෙරළා දමා ඇති බවද බව ද මෙහි දී දැකගත හැකි විය.
උද්ඝෝෂණයේ යෙදුණු පිරිස් යෙදුණු පිරිසෙන් කොටසක් යාබද ඉඩමේ වත්මන් හිමිකරු හමුවී සාකච්ඡාවක යෙදුණු අතර අලුතින් ඉදිකර ඇති වැටෙන් කොටසක් ඉවත් කර දීමට කටයුතු කිරීමට එකගත්වයක් පළ කරනු ලැබීය. මාර්ග සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ගැන ගැනීමට නිට්ටඹුව කාර්යාලයේ නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද පෝදින නිවාඩුව නිසා හැකි වූයේ නැත .


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.