IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


‘දෙවැනි මනාපය කාටවත් දෙන්නෙපා ’

(බිඟුන් මේනක ගමගේ)

කුමන හේතුවක් නිසාවත් ජනාධිපතිවරණයේදී සිය දෙවැනි මනාපය කිසිවෙකුටවත් ප්‍රකාශ නොකරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද(09)  ‘ලංකාදීප’ යට කීය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ද ජනාධිපතිවරණයට අපේක්ෂකයකු කිරීමට යන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද කැඩීමට යැයි ද එහි වාසිය කෙලින්ම ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට යැයි ද ගුණවර්ධන මන්ත්‍රීවරයා චෝදනා කළේය.


එහෙත් ඉතිහාසය පුරාම සිදුව තිබෙන්නේ ආණ්ඩු විරෝධයෙහි ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයාට බහුතර ඡන්දය ලැබීම යැයි කී හෙතෙම රෝහණ විජේවීර, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, වාසුදේව නානායක්කාර, නන්දන ගුණතිලක, ඔසී අබේගුණසේකර ආදී වශයෙන් ජනාධිපතිවරණවලට තරග කළ තෙවැනි බලවේගවලට අත් වූ ඉරණමෙන් එය පැහැදිලි වන්නේ යැයි අවධාරණය කළේය.


අවසාන මොහොතේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමා තවමත් විශ්වාස කරන්නේ යැයි ද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 



අදහස් (0)

‘දෙවැනි මනාපය කාටවත් දෙන්නෙපා ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site