(රෝෂන් තුෂාර)
දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද (19) නියෝග කළේය.
පසුගිය දොළොස්වෙනි දින ධීවරින් දස දෙනෙකු සමග අත් අඩංගුවට ගත් කිලෝ ග්‍රෑම් 263 ක මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
දෙවුන්දර ධීවරයින් 10 දෙනෙකු ගමන් ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබියදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 179.906ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 83.582ක් මත්ද්‍රව්‍ය කාර්යාංශය පොලිපැක් උර පහළොවක බහා අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේත්‍රාත්වරයාගේ නියෝගයෙන් අනතුරුව අධිකරණ රෙජිස්ඨාර් වරයාගේ නිරීක්ෂණය යටතේ ලාකඩ මුද්‍රා තබා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරිණි.
දෙවුන්දර විරලයේ සිට කිලෝමීටර් 246 ක් ඈත මුහුදේදී නාවික හමුදාව විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබිණි .
මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමට එරෙහිව ධීවරයින්ට පනවා ඇති නඩුව ලබන විසි දෙක දින අධිකරණයේ කැඳවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග