IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ද්විත්ව පුරවැසියන් මැති සබෙන් යා යුතුයි

(සුජිත් හේවාජුලිගේ)

ද්විත්ව පුරවැසිකම සහිත මන්ත්‍රීවරුන් ඉවත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අධිකරණ තීන්දුවක් මගින් හැර වෙනත් ක්‍රමයකින් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බව පවසන කොමිෂන් සභාව ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට විසිඑක්වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමඟ  පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීධූරය දෑරීමේ හැකියාවක් නොමැති බවද ප්‍රකාශ  කළේය.

මැතිවරණයක් අවස්ථාවේ නාමයෝජනා බාර ගැනීමේදී ද්විත්ව පුරවැසිභාවය  සම්බන්ධයෙන් සොයා බැලීමක්  කරන අතර එහිදී යම් පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් හෝ  ප්‍රකාශයක් හෝ කළහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.

කෙසේ වෙතත් කිසියම් අයකු ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයකුද යන්න සම්බන්ධයෙන් එකවරම ප්‍රකාශ  කිරීමේ හැකියාවක් නොමැති බව  කොමිසම පවසයි.

මේ අතර මේ කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත්  මහතා ප්‍රකාශ කරන්නේ ද්විත්ව  පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සිටින්නේ නම් ඔවුන් සිය ධූරවලින් ඉවත් වීමට වහා පියවර ගත යුතු බවයි.

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන්  එම මන්ත්‍රීධූර අත් හැරීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුද ප්‍රකාශ කළහ.



අදහස් (3)

ද්විත්ව පුරවැසියන් මැති සබෙන් යා යුතුයි

AB Monday, 24 October 2022 05:46 PM

වර්තමාන පාර්ලිමේන්තුවේ සිටිනවු ද්විත්ව පුරවැසියන් මැති සබෙන් යා යුතුයි, අදිකරණ චෝදනා ලද සියලු ශ්‍රී ලාන්කික පුරවැසියන් ( දුෂිත දේශපාලකයන් ) පවා පාර්ලිමේන්තුවෙන් ඉවත් කලයුතුවේ. අලුත් කණඩායමක් පාර්ලිමේන්තුවට පත්කරගත යුතුවේ.

:       3       39

PODDA Monday, 24 October 2022 06:26 PM

අපේ ගොයියොද? යනකම් විස්වාස නෑ. මොකද උපදිනකොටම ලැජ්ජා නහරෙ කපලනේ.

:       0       26

siri Monday, 24 October 2022 09:19 PM

මැතිවරණ කොමිෂන් සභාව කියල තියෙන්නේ "ද්විත්ව පුරවැසිකම සහිත මන්ත්‍රීවරුන් ඉවත් විය යුතු බව" නේද අයිබොවන්. ලංකාදීප කියවන්නේ නැද්ද ?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site