(ඉන්දිකා රාමනායක සහ විමුක්ති එස්. රැද්‍රගු)
බුදුරජාණන් වහන්සේට හා බුදු දහමට අපහාස වන අයුරින් පසුගියදා ආන්දෝලනාත්මකව ප්‍රකාශයක් බව කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ (15) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පෙරේදා අලුයම 1.00 පමණ සිංගප්පුරූ ගුවන් සමාගමට අයත් එස් කිව් 469 දරණ ගුවන් යානයෙන් මෙලෙස පිටත්ව ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
බුදු රජාණන් වහන්සේට සහ බුදු දහමට අපහාස වන අයුරින් පසුගියදා මහනුවර ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයක දී මෙම ප්‍රකාශන සිදුකර ඇති අතර, එම ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වී තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබියදී මෙම දේවගැතිවරයා මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් පරිදි ජනාධිපතිවරයාගේ කර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද ඊයේ (15) මේ සම්බන්ධයෙන් විමර්ශයන් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණි.
එම පැමිණිල්ලට අමතරව දේවගැතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාක්මක කරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) වනවිට පැමිණිලි 6 ක් ලැබී ඇති භික්ෂුන් වහන්සේලා ඇතු`ථ විවිධ සංවිධාන වලින් සෙසු පැමිණිළි ඉදිරිපත් වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු එම ආරංචි මාර්ග පවසයි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේවගැති ජෙරම් රටෙන් පනී
මිසදුටු වනචර ජෙරොම් Tuesday, 16 May 2023 09:03 PM
ඕකගේ අයතා ලෙස උපයාගත් බොර්න් එගේන් දේපොළ රජ සන්තක කර බොර්න් එගේන් මිත්‍යදුෂ්ටික හොර කල්ල්ලිය ලංකාවේ තහනම් කරන්න
chandima Tuesday, 16 May 2023 10:25 PM
අනේ ඇත්තද?ආන්ඩුවෙන්මද ටිකට් එක අරන් දීලා තියෙන්නේ ?