IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දරු දැරි පෝෂණයට සමබල ආහාර වේල මේ මාසේ සිට

(අංජුල මහික වීරරත්න)

5 ශ්‍රේණියට පහළ දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහල නැංවීම සඳහා දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන මෙම මාසයේ අරඹන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ලෝක ආහාර වැඩසටහන ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සහල්වලට යකඩ සහ ෆෝලික් අම්ලය මිශ්‍ර කර සකස් කරනු ලබන සබලකෘත සහල් සැකසීම (Fortified Rice) මේ වනවිට ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කර ඇත. 

එම මණ්ඩලයට අයත් කලංකුට්ටිය සහල් මෝලෙහි සබලකෘත සහල් නිෂ්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර මහතා පැවසීය.

මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන් ලක්ෂ 5කට ඉදිරි මාස 8ක කාලයක් සඳහා මෙම සබලකෘත සහල් සහිත දිවා ආහාර වේලක් ලබා දීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන විසින් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් මිලියන 108ක මුදලක් ලබා දී ඇත.

 



අදහස් (4)

දරු දැරි පෝෂණයට සමබල ආහාර වේල මේ මාසේ සිට

UPUL P.K. Thursday, 01 February 2024 02:36 PM

එක වේලකට රුපියල් 27ක් වැඩි නැද්ද?

:       0       0

Aravinda Monarawila Thursday, 01 February 2024 02:36 PM

ඡන්දය ළංවෙනවිට සුරංගනා කතා කියල්ලා පටන්ගත්තාද? කෘෂිකර්ම ඇමැතියා නේද ඒ නිසා ඉස්සර වෙලා නොමිලේ දෙනවා කිව්වා පොහොර ටික දීලා ඉන්න...

:       0       0

A Monkey Businessman Thursday, 01 February 2024 04:32 PM

ඔය පනතට ඔන්ලයින් සුරක්ෂිතතා පනත නොකියා ‘ මාධ්‍යවල කට වැසීමේ පනත’ වශයෙන් සඳහන් කලනම් වඩා නිවැරදියි.

:       0       0

Srinath priyantha Thursday, 01 February 2024 11:11 PM

කන්න බලාගෙන හැමදේම කරන්නේ අන්තර්ජාතික ප්‍රතිපත්තියක් හදලා කාටවත් වෙනස් කරන්න බැරිවෙන්න.මොනවා දුන්නත් මේ පාර වැඩක් වෙන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site