IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දොර අරින්න පොලිසිය නැතිව පී.යූ.සී.එස්. එල් සභාපති ආපසු යයි

(යොහාන් භාසුර)

විදේශගතව සිටි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නැවත ඊයේ (28) පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි මුද්‍රා තබා ඇති කාර්යාලයට පැමිණිය ද පොලිසිය කාර්යාලය විවෘත කිරීමට නොපැමිණිමෙන් ඒ මහතා දැඩි අපහසුතාවට පත්විය.

ඒ මහතා විදේශගතව සිටියදී අධිකරණ නියෝගයක් මත කොල්ලුපිටිය පොලිසිය කාර්යාලයට පසුගිය මස 16 වැනිදා මුද්‍රා තැබූ අතර ඒ මහතා පැමිණි පසුව විවෘත කරන බව ද ප්‍රකාශ විය.

කෙසේ වෙතත් රත්නායක මහතා පැවසුවේ කාර්යාලය විවෘත කරන ලෙස කොල්ලුපිටිය පොලිසියෙන් ලිඛිතව ඉල්ලා තිබුණ ද නිලධාරීන් නොමැති යැයි පවසා විවෘත නොකළ බවයි.

අදාල කාර්යාලයට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද පැමිණි ගොස් ඇති බවට දැනගන්නට තිබේ.

 



අදහස් (6)

දොර අරින්න පොලිසිය නැතිව පී.යූ.සී.එස්. එල් සභාපති ආපසු යයි

Hafeel Wednesday, 01 March 2023 12:14 PM

රටේ කැලේ නීතිය රජ වෙලා. මෙවැනි නරක තත්වය උඩ, අවනීතිය රජ වෙනකොට, ලෝකේ කිසිම ආයතනයකින් හෝ ආධාර ලැබෙන්නේ නැහැ.

:       6       13

Rexi Wednesday, 01 March 2023 02:08 PM

සහතික ඇත්ත, හිරිකිතයි..

:       0       0

Buddika Wednesday, 01 March 2023 02:12 PM

මේකට කියන්නෙ රාජ්ය ත්‍රස්තවාඩය කියල. නීතිය වල් බිහි වෙලා.තමන්ගෙ පැවැත්ම පමනක් හරි යයි සිතන පාලකයන් තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් නීතිය නමා ගන්නව. .

:       0       0

aravinda Monarawila Wednesday, 01 March 2023 02:48 PM

අර රනිල් උසාවියටත් ඉහළින් දැන් වැඩ කරන්නේ... එයාව යවන්නේ නැතිව මුකුත් කරන්න බැහැ.

:       4       2

ලතා Wednesday, 01 March 2023 03:19 PM

පඩිය ලැබෙනවා නම් තව වෙන මොනවාද? ඔබ හරිම පින්වන්තයි...

:       0       0

ඔස්මන්ඩ් Wednesday, 01 March 2023 05:34 PM

පොලිසියේ නිළධාරින් නැත්නම් ඒකත් මුද්‍රා තබා වසාදමන්න .අපරාදෙ විදුලිය හා ජලය නාස්ති වෙනවා ඇති .ඕක තමයි කොහේදෝ පොලිසියක ජීප් එකේ කුණුහරුප ලියන්න ඇත්තෙ. යසට තිබුන රටක් පොලිසිය වැටිච්ච තැනක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site