(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

විභාග සදහා සූදානම් වන පාසල් දරු දැරියන්ගේ මානසික සෞඛ්‍ය නංවාලීමේ අරමුණින් වැඩසටහනක් ප කලවාන මීපාගම ජයන්ති මහ විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන් කලවාන ප්‍රදේශයේ පාසල් කේන්ද්‍ර කර ගනිමන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත අතර , කලවාන මූලික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ නදී ගුණරත්න මහත්මිය  ස්වෙච්ඡාවෙන් සිදු කරයි .

පැය දෙකක් පුරා පැවති මෙම වැඩ සටහනට සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගි විය.

පාසල් සිසුන් අන්තර්ජාලයට , දුරකථන ක්‍රීඩා වැනිදේට ඇබ්බැහිවීම , පවුල් ප්‍රශ්න සමග පාඩම් කිරීමට සිත එක් අරමුණකට ගත ⁣නොහැකි වීම , ඍණාත්මක සිතුවිලි පහල වීම , අන්ර්ජාලය හරහා තර්ජනය (Cyber bullying ) ආදිය ගැන මෙහිදී පුලුල්ව සාකච්ඡා කෙරුණි.