IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


දරුඵල ගන්න දේවාලයෙන් දුන් බෙහෙත් ගත් තරුණියක් මරුට

(චාපා මධුභාෂිණී)

දරුපල ප්‍රමාදවීම හේතුවෙන් අත්බෙහෙතක් පානය කළ තරුණ කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඩී.ජි දිල්මි සදුනිකා විජේරත්න නමැති සීගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි විවාහක තරුණියකි.

මැය මීට වසර තුනකට පමණ ඉහතදී විවාහ වී ඇති අතර මේවනතුරු දරුඵල හට නොගැනීම හේතුවෙන් සිය පියාගේ ඥාති නැන්දනියක පවත්වාගෙන දේවාලයකට ගොස් දේශීය ඖෂධයක් දින තුනක් තිස්සේ පානය කර ඇත.

ඇය මෙම ඖෂධය ලබා දී ඇත්තේ විරේකයක් ලෙසිනි. පසුව මෙම තරුණියට ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන්  අද දින ජයන්තිපුර රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ්වනවිටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.

 



අදහස් (7)

දරුඵල ගන්න දේවාලයෙන් දුන් බෙහෙත් ගත් තරුණියක් මරුට

Perera Tuesday, 11 July 2023 12:37 AM

දේවාලේ බෙහෙත් බීලා අමාරු වුනාම තමයි රෝහල මතක් වෙන්නේ .එතකම් දේවාලේ හොඳයි .මෝඩ මිනිස්සු

:       0       23

ගමේ එකාලා Tuesday, 11 July 2023 12:42 AM

මිත්‍යා විස්වාස පස්සේ ගිහින් කරගත්තු විනාසයක්..

:       0       18

අබිලින් Tuesday, 11 July 2023 06:45 AM

අනේ මෙහෙමත් මෝඩයෝ ඕක වීඕජී දොස්තර කෙනෙකුට කිව්වා නම් මැරෙන්නෙ නැහැ .කොහොම වුනත් ලබා උපන් හැටියට තමයි බබා වැනෙන්නේ. ඕක සමහර විට සැමියාගේ දෝෂයක්ම වෙන්න පුළුවන් නැත්නම් දෙන්නගෙ දෝෂයක් වෙන්නත් පුළුවන්

:       0       15

Shantha - Qatar Tuesday, 11 July 2023 10:33 AM

මිත්‍යා මත පසුපස යන මෙ නූගත් මිනිසුන්ගෙ මානසිකත්වය හදන එක අදාල ප්‍රදේශයෙ පවුල් සෞක්‍යය සේවා තුමියගෙත් වගකීමක්.

:       1       8

කල්පනා Tuesday, 11 July 2023 12:42 PM

වයිද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුනත් මෝඩ කම නැතිවෙන්න බෙහෙත් හදන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි

:       1       10

බද්රානි Tuesday, 11 July 2023 01:27 PM

කරුමෙට මේ ලංකාවේ ඉපදිලා මදිවට, ලෝකෙට හිඟන්නෝ ජාතක කරලා පවුසිද්ද කරගන්නවාට වඩා හොඳයි දරුවෝ බිහි නොකරන එක. කපුවෙක්ගෙන් හරි බේතක් බීලා මැරෙන්න පුළුවන් නම්, නම් අපිවත් දැනුවත් කරන්න තිබුණානේ... නැත්නම් ඉතින්, ජීවිත කාලය පුරාම අපි කඹුරලා පාලකයින්ටයි, තක්කඩි පූජකයින්ටයි, ඔවුන්ට සම්බන්ධ හොර ව්‍යාපාරික හා මදාවි කල්ලියටයි සැපෙන් වැජඹෙන්න පව් ගෙවන එක හැර වෙන මොනවද කරන්න තියෙන්නේ...? පොඩ්ඩක් ඇස් දෙක ඇරලා ලෝකයේ අනෙක් රටවල් දවස බලාපල්ලා ඒ මිනිස්සු සැහැල්ලුවෙන් සැනසීමෙන් ජීවත් වෙන විදිහ...?

:       0       1

G.d.d Thursday, 13 July 2023 12:39 PM

හොඳ වැඩක් එත්, හොඳින්ම දන්නවානේද යටින් යන මාෆියාව හා පිටපස්සෙ ඉන්න රට පාලුව්න් ගැන. ඉස්ස ඉස්සෙල්ලාම ක්‍රමවෙදයක් හදන්න ඔන ඔය පාලුවන් ටික මර් දනය කරන්න. ඊට පස්සෙ වැඩේ සාර්තක වෙවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැතිවරණ කොමිසමෙන් අගමැතිට ඉල්ලීමක්
2024 මැයි මස 17 90 0

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් පළාත් පාලන අපේක්ෂකයන්ගේ ගැටලුව විසඳෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා අගමැති ද


ජනපති ත්‍රීරෝද රියට බහී
2024 මැයි මස 17 735 0

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැ


කෝටි 10ක අයිස් කටුනායක දී මාට්ටු
2024 මැයි මස 17 239 1

රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමක් සහිත මෙතැම්පටමයින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්, පුලියක සගවා ලතින් ඇමෙරිකාවේ ගෝතමාළා රාජ්‍යයේ සිට කටුනායක, සීද


හදිසියට ගෙනා බෙහෙත් තිස් අටෙන් දහයක්ම වැඩකට නැති ඒවා
2024 මැයි මස 17 273 0

උග්‍ර වෛද්‍ය සැපයුම් හිඟයක් නිර්මාණය වන බව පවසමින් වෛද්‍ය සැපයුම් අංශය සැවොරයිට් සමාගමට ඇණවුම් ඉදිරිපත් කර ඇති ඖෂධ තිස් අටෙන් දහයක්ම අත්‍යවශ්‍ය ඖෂ


විධායක කමිටු අනුමැතිය දෙන්න එකඟ නිර්දේශ ක්‍රියාත්මක කරන්න
2024 මැයි මස 17 532 0

දෙවැනි සමාලෝචනයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විධායක කමිටුවේ අනුමැතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතු බව එම අරමුදලේ සන්නිවේදන අධ්‍


රතුපස්වල නඩුවෙන් හිටපු මේජර් ඇතුළු 4ක් නිදොස්කොට නිදහස්
2024 මැයි මස 17 981 3

වැලිවේරිය නගරයේදී රතුපස්වල ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ නඩුවෙන් හිටපු හමුදා මේජර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 758 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2295 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1968 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site