IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


රතුපස්වල නඩුවෙන් හිටපු මේජර් ඇතුළු 4ක් නිදොස්කොට නිදහස්

වැලිවේරිය නගරයේදී රතුපස්වල ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු  මියයාමේ සිද්ධියට සම්බන්ධ නඩුවෙන් හිටපු හමුදා මේජර් ජෙනරාල්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළේය.

ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින්  පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්විය.

එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩි තැබීම් සිදුකර තිබූ අතර වෙඩි වැදීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මියගොස්  පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රි‌ගේ)



අදහස් (57)

රතුපස්වල නඩුවෙන් හිටපු මේජර් ඇතුළු 4ක් නිදොස්කොට නිදහස්

සෙනෙවිරත්න Friday, 17 May 2024 03:47 PM

එතකොට මිනිස්සු මැරුනේ වෙඩි තියාගෙනද? තාක්ෂණිික දෝෂයක්ද?

:       369       470

Hafeel Friday, 17 May 2024 04:02 PM

එතකොට පිරිසිදු පානීය ජලය ඉල්ලුව එක වැරදි. මෙහම තමයි උඩතලවින්න දස පුද්ගල ඝාතකයන්, රවී රාජ් මන්ත්‍රී ඝාතකයන්, පරරාජසිංහම් මන්ත්‍රී ඝාතකයන්, කහවත්ත රනිල්ගේ පාක්ෂිකයක් ඝාතකයන් එහම ඝාකයන් රාශියක් නිදොස්කොට නිදහස්. නමුත් කවද හෝ සාපයෙන් බේරන්න බැහැ.

:       155       273

නිහාල් Friday, 17 May 2024 04:06 PM

මේ රටෙන් යන්න හැමදාම පෙළඹවීම් ලැබෙනවා.

:       198       290

Kazi Shajahan Friday, 17 May 2024 04:16 PM

අනේ අනේ දෙවියනේ ඔබ කොහෙද? අපේ ලංකාවේ අමුතු අමුතු දේවල් සිද්ද වෙනවා.. අපේ අවි ආයුධ ඉබේම පත්තු වෙලා මිනිස්සු මැරෙනවා දෙවියනේ

:       1       75

අරවින්ද මොනරවිල Friday, 17 May 2024 04:22 PM

මේ අමන දුෂ්ට පාලකයන්ගෙන් නීතියේ සාධාරණත්වය හො යුක්තිය බලාපොරොත්තු වෙනවට වැඩිය පහසුයි ඉබ්බන්ගෙන් පිහාටු ගන්න එක එහෙම නැත්නම් ගලකින් පට්ටයක් ගන්න එක. මොවුන් තමන්ව තමන්ගේ පැලැන්තියේ එවුන්ව රැකගන්න ඕනම අපරාධයක් කරනවා වගේම ඕනම අපරාධකාරයෙක්වත් රකිනවා. 88/89 ගැන අදෝනා නගන මෝඩ මිනිසුනේ දැන්වත් තේරුම් ගනිල්ලා සැබෑ තත්වය, බලයේ ඉන්න හොර මැර නඩයට ගලක් ගැහුවත් වන්දි ගෙවන්න වෙන්නෙ ජීවිත වලින් කියලා එහෙම නැත්නම් කට වහාගෙන වහලුන් සේ සදාකාලිකව ඉන්න වෙනවා.

:       2       4

ජගත් ලියනගේ Friday, 17 May 2024 04:32 PM

අහිංසක සිවිල් පූර වැසියන් ඉල්ලා සිටියේ බොන්න පිරිසිදු වතුර ටිකක්, මට මතක හැටියට ?

:       2       72

anuranga Friday, 17 May 2024 04:34 PM

කරපු අයගේ හෘද සාක්ශිය නඩු අහනකොට එතැනට ලෝයස්ලාට යන්න බෑ...

:       144       212

Manjula Pradeep Friday, 17 May 2024 04:56 PM

සෙනවිරත්න; තමන්ගේ මතයට වාසිදායකයින් තීරණයක් ලැබුණාම එතකොට නීතිය සාධාරණයි! අනිත් වෙලාවට නීතිය වැරැදියි. එහෙමද?

:       117       229

LakmalFriday, 17 May 2024 07:02 PM

ගොනා වුණාට තප්පුලන්න එපා...!

:       8       0

Lalla Friday, 17 May 2024 07:16 PM

මමත් එදා ඔය සිද්ධියට කිසිම සම්බන්ධයක් නැතිව හවස වැඩ ඇරිලා ගෙදර යන්න යනකොට හමුදා සොල්දාදුවන් හෝ පොලිස් නිලධාරීන්ගෙන් ගුටිකෑවා. එදින තමා ඔය වෙඩිතැබීම වූයේත්. ඒක කාගේ වගකීම වුණත් සිද්ධ වුණා... එක එක අයට ඕනෑ විදියට කතා නිර්මාණය වුණා.

:       0       4

විජිත් Friday, 17 May 2024 05:10 PM

" සොයා දියව් , මට සරණක් .. පෙරුම් පිරු යෞවනයන්, දකුණේදී උතුරේදී ... මරා දැමූයේ - නුඹලා නොවේද පව් කාරයිනේ..."

:       201       227

විජිත් Friday, 17 May 2024 05:15 PM

ආයෙත් වතාවක් මේ නඩුව අපි ගෙනෙනවා. බීමට ජලය ඉල්ලූ "වරදට" අහිංසක ජීවිත ගණනක් මරා දැමූ මේ "මස් වැද්දන්" ඒ මියගිය ජීවිත වෙනුවෙන් සිය ජීවිතවලින් වන්දි ගෙවිය යුතුයි.

:       188       147

shantha Friday, 17 May 2024 05:17 PM

මෙයාගේ මූණ තියෙන උජාරුව, හොඳක් වෙන්නේ නැහැ... නැති හෙන මෙයාගේ ඔළුවට වදිවී.

:       161       202

Hafeel Friday, 17 May 2024 05:31 PM

කලින් තීන්දුව දැනගෙනද මෙයාලා මෙහෙම ටයි, කෝට් දාගෙන ඇවිල්ලා තියන්නේ?

:       145       84

රෝයි ෆෙඩ්රික්ස් Friday, 17 May 2024 05:34 PM

මෙවැනි ප්‍රවෘත්ති දකිනවිට නැගෙන සිතුවිලි කෙසේනම් පාලනය කරම්ද? කෙතරම් උජාරුවෙන්ද චූදිතයා මහපට ඇඟිල්ල පෙන්වමින් සතුට ප්‍රකාශ කරන්නේ? එකම විකල්පය ඡන්දයේදී සියලුම දුෂ්ඨ බලවේග පලවා හැරීම පමණි.

:       130       203

නිර්මල Friday, 17 May 2024 05:38 PM

බයවෙන්න එපා... කොනක ඉඳලා ශුද්ධ කළයුතු නීතිය සම්බන්ධ ආයතන කීපයක් තියෙනවා... ඒවා කළාට පස්සේ ඔය නඩු ආයේ අහනවා..

:       124       85

පැරකුම්Saturday, 18 May 2024 04:59 AM

නිර්මල කියන්නේ කැලෑ උසාවි ගැන නේද?

:       2       115

ගමේ එකාලා Friday, 17 May 2024 06:11 PM

වෙඩි තියන්න කියලා නියෝගේ දීලා තියෙන්නේ මොළහතාලූ? මිනී මරලා නිදහසේ ජීවත් වෙන අය තව රටේ ඉන්නවා. පව්කාරයින්ට ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවා...

:       121       179

නිහාල් Friday, 17 May 2024 06:48 PM

දකුණේ මෙහෙම නම් උතුරේ කොහොම වෙන්න ඇතිද?

:       219       253

Lakmal Friday, 17 May 2024 07:01 PM

වැරැදි තීන්දු දුන්නු අයටත්... වැරැද්ද කරපු අයටත් වැහි නැති හෙණම වැදියන්...

:       1       139

End Game Friday, 17 May 2024 07:15 PM

පව්කාරයින්ට ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවා...

:       0       56

nihal Friday, 17 May 2024 07:25 PM

වැරැදි කාරයෝ මේ අය නොවේ... නියෝග දීපු අය වගකිව යුතුවේ.

:       0       10

Jagath Friday, 17 May 2024 07:28 PM

ස්වභාවධර්මයා විසින් සෑම අසාධාරණයකට විරුද්ධව, සාධාරණය ඉෂ්ට කරන්න ළඟදීම නඩු අසනු ඇත.

:       52       120

සපුමල් Friday, 17 May 2024 07:36 PM

අධිකරනයට ගරු කරන නමුත්, මෙම තීන්දුව දුප්පත්, අහිංසක ජනයාට කනට ගසා, මිනීමරුවන් රකින්නට නිදොස් කොට නිදහස් කිරීමට කරන ලද්දක් බව පෙනේ. පසුගිය කාලය පුරාවටම මෙවැනි නඩු තීන්දු අසන්නට, දකින්නට ලැබුනු අතර, ඒ සෑම අනීතික, අයුක්ති සහගත සහ අසාධාරන නඩු තීන් දු පිටුපස කතා කරන ලද නීතිඥයා වූයේ රොමේශ් ද සිල්වාය​. දුගී, දුප්පත් ජනතාවට එරෙහිව යන සියලු තක්කඩියන් ට දිනෙක ස්වාභාව ධර්මය විසින් නිසි දඬුවම් ලබා දෙනු ඇත​.

:       56       148

බද්රානි Friday, 17 May 2024 07:43 PM

ලංකාවේ නීතියෙන් නිදොස් කොට නිදහස් වුණාට, ඔහුගේ හෘද සාක්ෂියෙන් නම් ඔහුට නිදොස් වෙන්න ලැබෙන්නේ නැහැ... මේ ආත්මයේදී... මිනිස්සුන්ට එළව එළවා වෙඩි තිබ්බා. කතෝලික දේවස්ථානයක් තුළට පැනලාත් වෙඩි තියලා තිබුණා. මම හිතන්නේ මෙතැන් පටන් තමයි දෙවියන්ගේ තීන්දුව ලැබෙන්න පටන් ගන්නේ... සසර වසන තුරාවටම ඒ තීන්දුවට අවනත වෙන්න සිදුවෙයි. එහෙම නැත්නම් ඉතින් මේ ලෝකේ තියන ආගම ධර්මයන් ඔක්කෝම බොරු.. එදා කාපු ජරාව දැන් තමයි හරියට ඇඟට ජීර්ණ වෙන්න පටන් ගන්නේ... ඔහොම යං!

:       46       5

Suranga Sunday, 19 May 2024 07:01 AM

සත්‍යමදේ අසත්‍ය කිරීමට බද්‍රානි මැතිණියගේ අදහසට අකමැත්ත ලකුණු කර තියෙනවා. ඒක නීච නින්දිතම තුඡ්ච වැඩක් කියලා කියන්න පුළුවන්. අකමැත්ත පලකොට කරපු පව් නැතිකරන්න බැහැ .කරත්තෙ අදින ගොනා පසුපස රෝදය කැරකෙමින් එනවා වගේ කරපු පව් පස්සෙන්ම එනවා .මැරුණ මොහොතේ සිහියට ආවොත් ඉතින් ආත්ම කල්ප කෝටි ගණනක් දුක්විදින්නට සිදුවෙනවා .ඔය කවුරු කවුරුත් දැන් හිනාවෙලා යනවා වුනත් ඔවුන්ට කරන කලට පව් මිහිරිය මීසේ විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ කියලා මතක් කරන්න ඕන

:       0       0

චන්දිම Friday, 17 May 2024 07:56 PM

නඩුවක තීන්දුව විනිසුරු වරුන් විසින් දෙනු ලබන්නේ නඩුව ගොනුකළ පාර්ශ්ව විසින් ඉදිරිපත් කල සාක්ෂි සහ ඒ ඉදිරිපත් කල ආකාරය අනුව. ඒ නිසා මෙතන යම් අසාධාරණයක් වී තිබේ නම් එහි වරද අධිකරණය නොවෙයි එය ඉදිරිපත් කළ අයගේ ක්‍රියා පටිපාටියයි. වැඩිය ඕනැ නැහැ පුද්ගලික පාර්ශවයක් විසින් නිසි ලෙස ඉදිරිපත් කල පාස්කු නඩුවේදී දැක්කනේ කට්ටියකට වරද කරුවන් වෙලා දඬුවම් නියම වෙලා වන්දි ගෙවන්න සිදු වුණා. ඒ වගේම දැක්කනේ මල්වානේ මාලිගාවේ නඩුවෙන් සමහරු නිදොස් කොට නිදහස් වුනා. ඒ නිසා මේ කරුණු ගැන නීති විශාරදයන් සමග කටයුතු කර අභියාචනයන් කල හැකියි.

:       45       2

Cool land Friday, 17 May 2024 08:03 PM

අන්තිමේදී ළමයි ළමයි වෙඩි තියාගෙන...

:       43       15

chandana Friday, 17 May 2024 08:22 PM

වැරැදිකරු වුනත් මොකද ජනාධිපති සමාව තියෙනවනේ... ඒක හින්දා නිදොස් කොට නිදහස් කරන්න ඇති..

:       52       22

Ruwan Friday, 17 May 2024 09:34 PM

අධිකරණයේ තීන්දු ලැබෙන්නේ නීතිඥයින් විසින් විනිසුරුවරුන්ට ඉදිරිපත් කරන සාක්ෂි පදනම් කරගෙනයි. එහෙත් හෘද සාක්ෂියට සහ ලෝක දහමට බොරු කරන්න මේ කාටවත් බෑ. ඉතින් අපි බලමු. මේ අයගේ ජීවිත කොහොම ගෙවී යයිද කියා..?

:       37       169

kotiya Friday, 17 May 2024 10:11 PM

මේකේ වැටිලා තියෙන කොමෙන්ට්ස් ටික දැක්කාම හිතෙනවා රටේ මිනිස්සු කොයිතරම් නොදියුණුද කියලා. තමන් අකැමැති කෙනෙක්ට දඬුවම් දෙන තීන්දුවක් ලැබුණාම උසාවිය හරි හොඳයි... සාධාරණයි. තමන් අකැමැති කෙනෙක් නිදොස් කොට නිදහස් කළාම උසාවිය පිළිකුල්. නීතිය නමලා. අසාධාරණයි. තමන් කැමැති කෙනෙක්ට වැරැදිකරු කරලා දඬුවම් දුන්නාම උසාවිය පිළිකුල්. නීතිය නමලා. අසාධාරණයි. තමන් කමැති කෙනෙක් නිදොස් කොට නිදහස් කළාම උසාවිය හරි හොඳයි. සාධාරණයි. මේවායින් පෙන්නන්නේ මිනිස්සු කොච්චර නොදියුණු වැද්දෝද කියලා විතරයි. මෙහෙම මිනිස්සු ඡන්දෙන් තෝරාගන්නෙත් මේ වගේම ගොන් රැලක්. ඊට පස්සේ ඒ ගොන් රැලට බනිනවා... රට කනවා කියලා.

:       323       287

shanthaSaturday, 18 May 2024 12:49 AM

kotiya , ඔබ ගැන අපිට දුක්වෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඔබ තවමත් ජීවත්වෙන්නේ ප්‍රාග් අයිතිහාසික යුගවල ජීවත්වූ වානරයින්ගේ වගේ බුද්ධිය අඩු මානසික තත්වයකයි. පාසල් ගොස් ගෙදර එන දරුවන්ට වෙඩි තබා මරපු මිනීමරුවා නිදහස් වුණේ නීතියේ ඇති සිදුරකින් වෙන්න ඇති. ඒ වගේම මෙතන කිසිකෙනෙක් අධිකරණයට චෝදනා නගලා නැහැ. මේ අධිකරණයෙන් නිදහස් කළාට තව ඉහල අධිකරණ දෙකක් තියෙනවා. මේ මිනීමරුවාට මරණ දණ්ඩනය ඉහළ අධිකරණයකදී ලැබෙනවා නියතයි.

:       96       198

kanchanaSaturday, 18 May 2024 05:13 AM

හලෝ කොටියා, තමුනුත් මේ පාසල් ශිෂ්‍යයින් අමු අමුවේ මරපු මිනීමරුවාට සපෝට් කියලා දැන් තේරෙනවා. තමුන්ට දැන් හරි සතුටුයි නේද? ලංකාවේ ඉන්නේ නොදියුණු මිනිස්සු කියලා තමුන් කියනවා. ළමයින්ට වෙඩි තියලා මරණ එක දියුණු ලක්ෂණයක්ද ? ඔයාගේ මොලේ බලවාගන්න පිස්සන් කොටුවට ගිහිල්ලා.

:       86       114

නිහාල් Saturday, 18 May 2024 06:48 AM

නොදියුණු වැද්දෙක්ට වුණත් කෝච්චියක් මහපාරේ යද්දී අමුත්තක් දැනෙනවා. ඒකට රොකට් සයන්ස් ඕනෑ නෑ.

:       73       9

Dinesh Saturday, 18 May 2024 07:07 AM

සාධාරණය අසාධාණය මිනිස්සුන්ට තේරෙනවා. සාධාරණ තීන්දු ලැබුණාම මිනිස්සු ඒවට සතුටු වෙනවා. මෙතන මේ පුද්ගලයාට මිනිස්සු අකැමැති නෑ. මිනිස්සු අහන්නේ මැරුණු මිනිස්සු මැරුණේ කොහොමද කියලා... ඒවට වැරැදි කවුද කියලා. කවුද වෙඩි තිබ්බේ කියලා..

:       64       83

මෙත්සරSaturday, 18 May 2024 08:07 AM

වැලිවේරියේදී තමන්ගේ පවුලේ කෙනෙකුට වෙඩි තියලා මැරුවා නම් ඔය වගේ ගොන් කතා කියන්නේ නෑ...

:       68       74

ගාමිණී Saturday, 18 May 2024 08:26 AM

ඔබතුමාගේ අදහසට මමද එකඟයි...

:       58       77

චාමරSaturday, 18 May 2024 09:44 AM

මම යමක් තේරුම් ගත්තා ඔබේ අදහසින්. ස්තුතියි...!

:       24       0

Priyantha Dissanayake Saturday, 18 May 2024 12:43 AM

අද නීතිඥවරුන් පිරිවරා විජයග්‍රාහී ලීලාවෙන් සිටියත්, ඔබ අපි සෑම දෙනාටම පොදු න්‍යායක් තිබෙනවා. එනම් "කර්මය නඩු අසන හෙට දවසේ නීතිඥවරුන් හෙවත් පෙරකදෝරුවන් නොමැත"

:       46       80

Chinthana Saturday, 18 May 2024 05:07 AM

නොදෝමකින් විතරක් !!! ඉස්කෝලේ යන ළමයින්ට වෙඩි තියන සිරි ලංකාවේ හමුදාවේ මේජර්. ඉක්මනට අංගොඩ පිස්සන් කොටුවට දක්කන්න වෙයි. මේ වගේ මොලේ අමාරුකාරයන් සිවිල් සමාජයේ නිදහසේ තියන්න බැහැ.. ඊළඟට කාව මරයිද? කවුද දන්නේ.

:       47       80

සිංහයා Saturday, 18 May 2024 05:43 AM

උසාවියේ වැරැද්දක් නෑ කොටියෝ. තීන්දුව දීලා තියෙන්නේ ඉදිරිපත් කරපු සාක්ෂි වලට අනුව. හිතාමතාම සාක්ෂි හංගලා. අඩුගානේ රජයේ නියෝජිතයා තීන්දුව දෙන වෙලේ ඉඳලාත් නෑ. තනිකර පාවාදීමක්...

:       29       82

ලුම්බිණි Saturday, 18 May 2024 06:09 AM

මෙතැනින් පෙනෙන්නේ පැමිණිල්ලේ දුර්වලතාවය විනා මේ විත්තිකරුවන් අහිංසක මිනිසුන් මැරුවේ නැහැ කියන එක නොවෙයි...

:       42       83

Nishan Saturday, 18 May 2024 07:06 AM

නඩුවක් කාලයක් ඇදුණාම විත්තිකරුවන්ට නිදහස දෙනවාද? එතකොට අර වෙඩි කාලා මැරුණු අහිංසකයින්ට කෝ යුක්තිය සාධාරණය? මෙහෙම ගියොත් හැමෝම මිනීමරලා නඩු ඇදගෙන ගිහින් නිදහස් වෙයිනේ...

:       44       90

swene Saturday, 18 May 2024 07:15 AM

මේ යදමින්ලා විලංගුලා ගීතයේ කොටසකි... රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතනුවන් එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්...

:       43       3

densil Saturday, 18 May 2024 08:26 AM

රණවිරුවෝ කියලා හමුදාවල ඉන්න අයව ඇන්දෙව්වෙත් අපේ අයම තමයි. ඒක රැකියාවක්... ඒ රැකියාව අනෙකුත් බොහෝ රැකියාවලින් වෙනස්වෙන්නේ ඉහලින් නියෝග ආවාම කාටද කියලා බලන්නේ නැතිව ගහල දාන්න වෙන නිසයි. මේකට නියෝග නියෝග ලැබෙන්න ඇත්තේ එවකට සිටි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගෙන් වෙන්න පුළුවනි. රජා බලුවෙලා ඉන්න හැටි පෙනෙනවානේ දැන්. එයා වගේම මේකට සම්බන්ධ වූ අයට තමන් කළ සියලු අපරාධ වලට මනසින් විඳවන්න වෙනවාමයි. අපේ රටේ මෝඩ හරක් 69 ලක්ෂයක්ම මොවුන්ට ඡන්දේ දුන්නනේ...

:       131       193

Kasun Saturday, 18 May 2024 09:22 AM

ලංකා නීතියෙන් ඕනෑම අපරාධකාරයෙක්ට පහසුවෙන් බේරෙන්න පුළුවන්... නමුත් දෙවියන් වහන්සේගෙන් සහ අපරාධයට ලක්වුණු පුද්ගලයින්ගේ ශාපයෙන් කවදාවත්ම බේරෙන්න බැරිය.

:       82       158

Bunny Preena Saturday, 18 May 2024 09:58 AM

උසාවිය බොහොම නිවැරැදි තීරණයක් දීලා තියෙන්නේ. හමුදා නිලධාරීන් ඔවුන්ට නීතියෙන් දීලා තියෙන අවසරය අනුවයි ක්‍රියා කරලා තියෙන්නේ. අවුරුද්දකින් අවසන් කළ යුතුව තිබූ නඩුවක් ඇයිද දන්නේ නැහැ අවුරුදු 9ක් වගේ කාලෙකට ඇදගෙන ගියේ..

:       108       64

Alfread Saturday, 18 May 2024 11:47 AM

ජෙප්පෝ සෙට් එකක් හමුදාවට මානව හිමිකම් උගන්නනවා කමෙන්ට් වලින්. ඒ අස්සේ හරියට පුනරුත්තාපනේ නොවිච්චි කොටි දෙතුන් දෙනෙකුත් ඉන්නවා. බෝම්බ පුපුරලා, පෙට්ටියට සවලෙන් කෑලි එකතු කරපු, හමුදාවේ අය සීල්කරපු පෙට්ටි වලින් ගමට ආපු, බ්‍රේකින් නිව්ස් නම් අනිවාර්යෙන් බෝම්බයක් වෙච්චි කාලේ හිටපු නැති ලාමක සෙට් එකක් වෙන්න ඕනෑ. ඔය රතුපස්වල සිද්ධියත් ඇත්තටම වතුර ඉල්ලුවාට වඩා ඒ කාලේ පොලිටිකල් කැම්පේන් එකක් කරගන්නයි ඒ කාලෙත් ජෙප්පො දැඟලුවේ.. අර උමා ඔයේ හිල වගේ. අන්තිමට ග්ලවුස් ෆැක්ට්‍රිය ගලවලා වෙන රටකට ගෙනිච්චා. අපි ඩොලර් මිලියන ගාණක් වියදම් කරලා ඒ රටින් ග්ලවුස් ගේනවා...!

:       8       120

Kushan Saturday, 18 May 2024 11:51 AM

ඒ කාලේ වෙඩි තිබ්බේ සාමකාමී උද්ඝෝෂණයකට නෙමෙයි. හෙන සෙට් එකක් කුලප්පු කරවලා පොලිසියේ වෙපන් උදුරන්නයි, ඔවුන්ට ගහන්නයි ගියා නේද? ඒ වගේ වීඩියොත් ඒ කාලේ ප්‍රවෘත්ති වලට පෙන්නුවනේ. ඒ පාර නේද හමුදාවෙන් ගියාම ඔවුන්ටත් ගහන්න ගත්තා.. ඒ පාර වෙඩි තිබ්බා. හමුදාවට බනින එක හරිම ලේසියි, ඒත් ඇත්ත ඔයිට වඩා වෙනස්...!

:       149       55

Weerasena Saturday, 18 May 2024 12:59 PM

ඇල්ෆ්‍රඩ්ගේ කතාව හරි... ඒ කාලෙත් ජෙප්පෝ ඕක මුල්කරගෙන අරගලයක් කරලා ගොඩ යන්න හැදුවේ... ඒක එදා කර ගන්න බැරිවුණා. ඔවුන් බලාගෙන ඉන්නේම මොකක් හරි පොඩි සිද්ධියක් වෙච්චි ගමන් මිනිස්සු කුලප්පු කරලා බලය ගන්න. හැබැයි ගත්තාට කොර ගන්නත් බෑ. මතකයිනේ තිස්සමහාරාමේ. ඒක තමයි හොඳටම කරේ.

:       4       37

සුපුන් චාමර Saturday, 18 May 2024 01:27 PM

බැසිල්ගේ ටීම් එක වැඩ පටන් අරන්. මේ ප්‍රවෘත්තියට දාලා තියෙන ප්‍රතිචාර ගොඩක් මේ රටේ සැබෑ අදහස් ප්‍රකාශ කිරීමක්. ඒ ප්‍රතිචාර වලින් කියලා තියෙන ගොඩක් දේවල් ඇත්ත. ප්‍රතිචාර දක්වපු මිනිසුනේ. හොඳට බලන්න. ඔබේ ප්‍රතිචාරයට ලැබී ඇති අන්ලයික් ප්‍රමාණය එක වර වැඩි වුණු විදිය..

:       27       96

weerakoonSaturday, 18 May 2024 02:33 PM

සුපුන් චාමර ඔබ ඉතා හොඳින් කරුණු වටහාගෙන තිබෙනවා. සල්ලි කීයක් හරි දෙන්නම් කීවොත් ඕනෑම බලු වැඩක් කරන්න පෙළඹෙන කාලකන්ණි තාමත් ඉන්න බවයි පේන්නේ. නමුත් ඔය කමෙන්ට් වලින් දෙක තුනක් හැර අන් හැම දෙයකින්ම කියන්නේ සමාජයේ පවතින තිත්ත ඇත්ත...!

:       1       3

Jinadasa Saturday, 18 May 2024 03:46 PM

සුපුන් චාමර, ජෙප්පන්ට සැබෑ ජන මතය එළියට එනකොට දරාගන්න අමාරුයි. එයාලගේ කෙප්ප බේගල් එලිවෙලා සමාජයේ කිච වෙන්න ගන්නවා කියන ඇත්ත එයාලාට උහුලාගන්න බෑ.

:       3       13

Yasantha Saturday, 18 May 2024 04:02 PM

ඇත්ත එළියට එනකොට ජෙප්පන්ට පුදුම කැසිල්ලක්නේ තියෙන්නේ. ඔවුන්ට දරාගන්න බෑ. ඔවුන් සමාජ මාධ්‍ය වල වේවා, පත්තරේක වේවා විරුද්ධ මත දරනව නම් බයියෙක්, ටොයියෙක්, මෝඩයෙක්. ඔවුන් හෙන බුද්ධිමත්.... හැබැයි දැනුමයි, තර්කයි අමු ගොන්... හමුදා විරෝධය, සිංහල විරෝධය, බෞද්ධ විරෝධය, වෙන එකක් තියා ඔවුන් අදහන සමාජවාදී රටවලුත් එපාලු. ඔවුන්ට ඕනේ ඇමරිකාව ඇතුලු බටහිර ලංකාව කඩන්න උත්සාහ කරන පිරිස්වල සහයෝගය. ඒ රටවලත් බුද්ධිමත් අපක්ෂපාතී මිනිස්සුන්ගේ මත පිළිගන්න බෑ. පුදුම ලෙඩක් මේක... සමාජ පිලිලයක්...

:       3       12

චන්දිම Saturday, 18 May 2024 05:19 PM

මම මගේ කමෙන්ට් ඒක ලියුවේ ප්‍රවෘත්ති නාලිකාවක ගරු විනිසුරු තුමා ප්‍රකාශකළ දේශනය හොඳින් කියවා බලාය. හරිම පුදුමයි එක ලයික් එකට ඩිස්ලයික් හතලිස් ගාණක්... මෙතැන ඩිස්ලයික් වලට යම් පිරිසක් සංවිධානය වී කටයුතු කරනවා. ඒකට කමක් නැහැ. ඔබත් ගරු විනිසුරු තුමාගේ ප්‍රකාශය ඉතා සාවධානව කියවා බලන්න. වෙලා තියෙන දේ හොඳට තේරේවි.

:       2       5

samSunday, 19 May 2024 09:20 AM

බලන්න මෙන්න මෙයත් කපුටාස්ගේ ,සුනාමි ආධාර හොරාලාගේ කීකරු ගෝලයෙක්ද කියලා

:       1       1

sam Sunday, 19 May 2024 09:41 AM

චොකා මලයව,කපුටාස්ව,සුනාමි ආධාර හෝරාව නිදොස් කොට නිදහස් කල රටනේ.කමක් නෑ ඒ උනාට මේ මජරයෝ කල වෙඩි තැබීම් වලට දඬුවම් දෙන්න යාම රජ්ජුරුවෝ මග බලන් ඉන්නේ.එහෙදී දඬුවම් හරියට හම්බවෙයි

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

කොල්ල කල්ලියක් ගිනි අවි සමග මාට්ටු
2024 ජුනි මස 16 359 0

ගිනි අවි පෙන්වා දේපළ කොල්ලකෑමේ යෙදුණු කල්ලියක සැකකරුවන් තිදෙනකු ගිනි අවි අත්බෝම්බ, උන්ඩ, පිහියා ඇතුළු දේපල රැසක් සමග අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය


පොසොන් සමරන්න සල්ලි හොයන්න එතෙර රූ රැජිනත් පිඬුසිඟා වඩිති
2024 ජුනි මස 16 1856 0

රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වන මෙවර පොසොන් පින්කම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන් සහ ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත


අධිවේගයේ බසයෙන් කුඩු අදින්න බැරි වේ
2024 ජුනි මස 16 962 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ දී හෙරොයින්. සහ හෑෂ්. මත්ද්‍රව්‍ය ඇතුලු දුම්කොල ග්‍රෑම් 57ක්, ජංගම දුරකතන හතක් ,කුඩා කියත් තලයක් ලයිටර හතරක්,යත


පැය කීපයක තාවකාලික සටන් විරාමයක්
2024 ජුනි මස 16 537 0

දකුණුදිග ගාසා තීරයේ මාර්ග හරහා, විපතට පත්ව සිටින පලස්තීන සිවිල් වැසියන්ට ජාත්‍යන්තර ආධාර ලබා දීමට ඉඩ සලසා දෙමින්, දිනපතා පැය කීපයක සටන් විරාම ආරම්භ කි


අඟහරු ආවාටයට ඉන්දීය නමක්
2024 ජුනි මස 16 435 0

අඟහරු මතුපිට, අලුතින් සොයා ගත් ආවාටයක් ඉන්දීය භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් ට ගරු කිරීමක් ලෙස ‘ලාල්’ යන නමින් නම් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියව


ලිංගික දර්ශන අන්තර් ජාලයට දැමූ තරුණ ජෝඩු දෙකක් මාට්ටු
2024 ජුනි මස 16 2300 0

ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලයට යොමු කර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වූ තරුණ අඹුසැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1304 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3022 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2482 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site