IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

(කේ බුද්ධික කුමාරසිරි)

තම බිරිඳ ගෙනැවිත් නොදුන්නොත් දරුවන් දෙදෙනා සමග අත් බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසා ගන්නා බවට පවසමින් හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ නිවසක කාමරයක් තුළ සිට කුඩා දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (06) දින නියෝග කලාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජයරත්නගේ සංජය සඳකැලුම් ජයරත්න නමැති 38 හැවිරිදි ආපන ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි.

සැකකරු විසින් සි4 වර්ගයේ අධි බලැති අත් බෝම්බයක් ලග තබා ගැනීම මිනී මැරීමට තැත් කිරීම, මහජනතාව පීඩාවට පත් කිරීම සහ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම යන චෝදනා යටතේ හංවැල්ල පොලිසිය මගින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

සැකකරු සහ ඔහුගේ බිරිඳ අතර කලක සිට පැවැති අඩ දබර සහ ගහ බැන ගැනීම් මෙන්ම සැකකරු විදෙස් ගතව සිටි සමයේදී බිරිඳ තමන්ට නොදන්වා වෙනත් ස්ථානයකට පදිංචියට යාම සහ තවත් කරුණු නිසාවෙන් ඇයව ඝාතනය කිරීම සදහා පෙරේදා (05) දින සවස එම කාන්තාව පදිංචිව සිටි හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයට පැමිණ අත් බෝම්බයක් රැගෙන ඇයව ඝාතනය කිරීමට යාමේදී එම කාන්තාව විසින් සැකකරු තල්ලුකර දමා පලායාම නිසාවෙන් දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තපා ගනිමින් බිරිඳ ගෙනැවිත් නොදුනහොත් දරුවන් සමග සියදිවි හානි කර ගන්නා බවට පවසමින් මහත් කලබලයක් සිදු කල අතර පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පැය නවයක මෙහෙයුමකින් අනතුරුව දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව මුදා ගැනීමටත් සැකකරු අත් අඩංගුවට ගැනීමටත් ඊයේ (06) දින කටයුතු කර තිබුණි.

 



අදහස් (2)

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා රිමාන්ඩ්

hemantha Tuesday, 07 May 2024 07:44 AM

නොන්ජල් මිනිහෙක්, ගෑනි යන්න ඇත්තේ එක තමයි

:       0       0

Bunny Preena Tuesday, 07 May 2024 11:36 AM

මේ වගේ එවුන්ව ජිවිතාන්තය දක්වා හිරගෙදරට තියන්න ඕනෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site