(රංජිත් රාපක්ෂ සහ ජවුෆර් ඛාන්)
නාවලපිටියේ දි සහ වාකරේ ප්‍රදේශයේ දි දරුවන් දෙදෙනකු සිදු වූ අනතුරු දෙකකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
නාවලපිටිය මොන්ටික්‍රිස්ටෝ වත්තේ නව හැවිරිදි දරුවකු නිවෙසේ බැඳ තිබූ ඔන්ච්ල්ලාවකට ගෙල සිරවිමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
නිවසේ සිටින වෙනත් පුංචි දරුවකුට බැඳ තිබූ ඔන්ච්ල්ලාවක සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. මේ අතර වාකරේ කට්ටමුරි කැලෑ ප්‍රදේශයේ බඳන තුවක්කුවක් පත්තු වී 14 හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගිය දරුවා තම ඥාතින් පිරිසක් සමග දඩයමේ යද්දි ඔවුන් රැගෙන ගිය බඳින තුවක්කුව පත්තු වි වෙඩි වැදී මෙම මරණය සිදුව ඇති බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දරුවා සමග දඩයමේ ගිය 24, 28 සහ 32 දෙහැවිරිදි තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දරුවන් දෙදෙනකු මිය ගිහින්