(නිමන්ති රණසිංහ)
මිනිස් ආහාරයට නුසුදුසු අයුරින් නියමිත ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටොක්සින් අඩංගු සමපෝෂ, යහපෝෂ හා ලක්පෝෂ දරුවන් සදහා නිෂ්පාදනය කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් ලබන නොවැම්බර් මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මන්ජුල රත්නායක මහතා මෙරට ප්‍රධාන පෙළේ සමාගම් ත්‍රිත්වයකට හා එහි අධ්‍යක්ෂකවරුන් හය දෙනකුට අද සිතාසි නිකුත් කළේය.
විත්තිකාර සමාගම් සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලැබූ එම "පෝෂ' නිෂ්පාදනවල තිබිය යුතු අවම මට්ටමට වඩා ඇෆ්ලටොක්සීන් අඩංගුව ඇතැයි රස පරීක්ෂක වාර්තා මගින් අනාවරණය වී ඇතැයි සඳහන් කරමින් ගොතටුව වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. ඒ. එස් කසුන් මහතා කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස සිතාසි නිකුත් කළේය .
නියමිත ප්‍රමාණය ඉක්ම වූ ඇෆ්ලටොක්සින් අඩංගු වයස අවුරුදු 3 දක්වා දරැවන් සදහා නුසුදුසු තත්ත්වයෙන් බාල සමපෝෂ, යහපෝෂ හා ලක්පෝෂ නිශ්පාදනය කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් 1991 අංක 20 දරණ ආහාර සංශෝධන පනත යටතේ ගොතටුව වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉහත සමාගම් තුළට සහ එහි අධ්‍යක්ෂක මණ්ඩලයට නඩු තුනක් අධිකරණය හමුවේ ගොනු කර ඇත.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන්ට නුසුදුසු පෝෂ නිෂ්පාදනය කළ සමාගම්වලට සිතාසි
Thushara weerakkody Thursday, 22 September 2022 06:10 AM
This is totally unacceptable and need to take legal action against the company's directors or against the management and further investigations need to be done for other food categories also at least for the food items demand for children in our country. Thanks much for sharing this type of information.
Shanuki Thursday, 22 September 2022 01:32 PM
අඩුම තරමින් අපේ රටේ ළමුන් සඳහා ඇති ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් වත් වැඩිදුර විමර්ශන සිදු කළ යුතුව ඇත. අපේ ජාතියේ දරුවන්ව ලෙඩ කරවනව ආහාර නිශ්පාදන සමාගම්වල ලාභය වෙනුවෙන්.