
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා ගමනාගමන මණ්ඩලය ජනවාරි මාසය සඳහා නිකුත් කෙරුණු වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කිරීමෙන් පාසල් දරුවන් දුෂ්කරතාවයට පත්ව සිටින හෙයින් වහාම එම තීරණය වෙනස් කරන්නැයි අදාල බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
විපක්‍ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
දරුවන්ගේ ජනවාරි වාර ප්‍රවේශ පත්‍ර අහෝසි කිරීමට ලංගම සාමාන්‍යාධිකාරීවරයා ඩිපෝ අධිකාරිවරුන්ට ලිපි යවා ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා වාර ප්‍රවේශපත්‍ර සති අන්තයේ පාවිච්චි කිරීමද තහනම් කර ඇතැයි ප්‍රකාශ කළේය.
පාසල් නොපැවැත්වුණද සති අන්ත පෞද්ගලික පන්ති පැවැත්වෙන හෙයින් දරුවන්ට ඒවාට සහභාගිවීමට සිදුවන බවත් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන හෙයින් දරුවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම රජයේ වගකීමක් බවත් ඔහු කීවේය.
අවලංගු කරන ලද වාර ප්‍රවේශපත්‍ර නැවතත් වලංගුභාවයට පත් කරන්නැයි ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන්ගේ ජනවාරි සීසන් එක නැති කරලා
මැක්ස් Wednesday, 10 January 2024 12:18 PM
මේ වගේ අවස්ථාවාදී මෝඩ විපක්ෂ නායකයෙක් ලොවෙත් නෑ. ළමුන්ට ලංගම සීසන් දෙන්නේ ඉස්කොලේ යන්න මිසක් ටියුෂන් පන්ති යන්න නෙවෙයි. ඒ සරල කාරණයවත් නොතේරෙන කෙනෙකුට රටේ නායකත්වය ලැබුණොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි.
සුපුන් චාමරWednesday, 10 January 2024 01:11 PM
තමුන් වගේ කෙනෙක් අපි දැකලත් නෑ. ටියුෂන් යන්න වුණත් යන්නේ ඉගෙන ගන්න. අනිත් එක සීසන් දෙන්නේ ඉස්කෝලේ ළඟ ඉඳන් ගෙවල් ළඟට. ඒකෙන් වෙන ගමන් යන්න බෑ...!
jayaWednesday, 10 January 2024 01:17 PM
පැය ගාණක් ලංගමයක් එනකන්ම ඉඳලා ඒකේ යන්නේ කරන්නම දෙයක් නැති ළමයෙක්. ඕකත් දෙන්න බැරි නම් ලංගමයම වහලා දාන්න. නැත්තන් පුද්ගලික අංශයට දෙන්න. බස් එකකට 5-10 නඩත්තු කරනවා නම් අඩුම ගානේ ඒකෙන් සමාජ සේවයක්වත් වෙන්න ඕනෑ..
චන්දන Wednesday, 10 January 2024 03:06 PM
මැක්ස් හරි. ඔය සීසන් එක දෙන්නේ ස්කෝලේ විදුහල්පති නිර්දේශයෙන්. ටියුෂන් පන්ති යන්න නෙවෙයි. ස්කෝලෙ යන්න. ජනවාරි මාසේ පාසල් නිවාඩුයි. විභාගයට යන අයට විතරයි දෙන්න පුළුවන්. ඉස්සර සෙනසුරාදා ඉරිදා කපලා තමයි දුන්නේ... මේ ක්‍රමය වෙනස් කරන්න නම් සීසන් දෙන එකේ නිර්දේශය පාසලින් ඉවත් කරලා වැඩිහිටි සීසන් දෙනවා වගේ ක්‍රමයක් හදන්න ඕනෑ. සුපුන් නීතිය දැනගෙන කතාකළා නම් හොඳයි.