ශ්රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතරව සිය ආර්ථිකය සවිමත් කරගැනීම සඳහා මේ මහාර්ඝ උපාංගය ජීවිතයට ළංකරගත්, එයින් ජීවිතය ගොඩනඟාගත් ශ්‍රී ලාංකේය කතුන් දහස් ගණනකි.
මේ සමීප සබඳතාව හොඳින් දැන හඳුනාගත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ලෝක කාන්තා දිනය වෙනුවෙන් දියත් කළ ව්‍යාපෘතිය ‘‘සිංගර් දිරි වියමන්” නමින් හැඳින්වෙයි. මැහුම් කලාව ලංකාව පුරා තවතවත් ප්‍රචලිත කිරීමත් ඒ ආශ්‍රිත ව්‍යාපාර රට පුරා ආරම්භ කිරීමත් එහි අරමුණ විය.
ආරම්භක පියවර වශයෙන් ‘‘සිංගර් දිරි වියමන්” පිළිබඳව සමාජ මාධ්‍ය හරහා කාන්තාවන් පුළුල් ලෙස දැනුවත් කෙරුණු අතර මුල් සති තුන ඇතුළත දිවයින පුරා වෙසෙන කාන්තාවන්ගෙන් ඒ සඳහා අයැදුම්පත් 1800කට වඩා ලැබී තිබිණි. ආචාර්ය නිසංකා කුසුම්සිරිල කාංචනා පෙරේරා සහ දෙවන්මිනි වික්‍රමරත්න යන අයගෙන් සැදුම්ලත් සිංගර් ශ්‍රී ලංකා විශේෂඥ මණ්ඩලයේ සියුම් පිරික්සීමකින් අනතුරුව ඒ අතුරින් 25 දෙනකු තෝරා ගන්නා ලදී.
එසේ තෝරාගත් අයගෙන් වැඩි පිරිසක් 2024 පෙබරවාරි 09 වැනි දින පැවැති පරීක්ෂණයට සහභාගී විය. කතුන් කිහිපදෙනකු සම්මුඛ පරීක්ෂණයට එක්වූයේ සූම් තාක්ෂණය හරහා ය. ඒ අතුරින් හෙට දවසේදී ව්‍යවසායකයන් ලෙස සාර්ථක ඉදිරි ගමනක නියැළෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි වඩා සුදුසු දිරිය කතුන් තුන් දෙනකු ලෙස තල්පේ මල්ෂා දිසානායකල වත්ත, පී.ඒ. නිලන්ති සහ බණ්ඩාරගම සසිකා ප්‍රියන්ති නන්දරත්න යන අය තෝරා ගනු ලැබිණි.
මේ ජයග්‍රාහිකාවන් සඳහා ආචාර්ය නිසංකා කුසුම්සිරි විසින් ‘‘ව්‍යවසායකත්වය, නීතිමය කටයුතු සහ පොත් තැබීම” පිළිබඳව ද කාංචනා පෙරේරා මහත්මිය විසින් ‘‘රෙදිපිළි තෝරාගැනීම සහ මැහුම් කලාවේ විශේෂඥ උපදෙස්” පිළිබඳවද මාස්ටර්ස් ප්‍රචාරණ ආයතනය විසින් ‘‘වර්ගනාම ගොඩනැඟීම සහ අලෙවිකරණය” පිළිබඳව ද විශේෂ වැඩමුළු පවත්වා ඔවුන් දැනුම්වත් කරවන්නට සිංගර් ශ්‍රී ලංකා ආයතනය කටයුතු කළේ ය.
අවසානයේ ජයග්‍රාහිකාවන් දෙදෙනකු සඳහා නවීන තාක්ෂණයෙන් යුතු සිංගර් MCZJA6000P-G Industrial මහන මැෂින් දෙකක් ද අනෙක් ජයග්‍රාහිකාව සඳහා SM-SC220 Domesticමහන මැෂිමක් ද ප්‍රදානය කෙරුණේ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සමඟ විශේෂ ප්‍රායෝගික පුහුණුවක් ද ලබාදීමෙන් අනතුරුවය.
-595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්