(උපාලි ආනන්ද)
ඥාති දියණියක අවස්ථා තුනක දී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි විත්තිකාර බාප්පා එකී චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය.
ඒ අනුව පළමු චෝදනාවට වසර විස්සක්ද දෙවන චෝනාවටද වසර විස්සක්ද සහ තුන් වන චෝදනාවට වසර දහයක්ද බැගින් මෙම වසර පනහක බරපතල වැඩ සහිත සිර දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරුවරිය දර්ශිකා විමලසිරි මෙනවිය පනස් වසරක සිර දඬුවම වසර විස්සකදී එකවර ගෙවී යා යුතු බව ද තවදුටරත් නියෝග කරනු ලැබුවාය.
ඊට අමතරව පැමිණිලිකාර වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කඝ මහාධිකරණ විනිසුරුවරිය එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක සිර දඬුවමක්ද නියම කරනු ලැබුවාය.
ඊට අමතරව චෝදුනා තුනට වෙන් වෙන් වශයෙන් රුපියල් පහලොස් දහස බැගින් දඩ මුදල් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් මාස හයක සිර දඬුවමකටද යටත් කෙරිණි.
මෙම විත්තිකරු අවස්ථා දෙකක් සිය සහෝදරයාගේම දස හැවිරිදි දියණිය බරපතල ලෙස දූෂණය කර ඇති බවත් තුන් වන අවස්ථාෙවිදී එම දියණියට බරපතල අස්භාවික ලිංගික අපයෝජනයක් සිදු කර ඇති බවත් නීතිපතිවරයා විත්තිකරුට බාර දී ඇති අධි චෝදනා පත‍්‍රයේ සඳහන්ය
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියක දූෂණය කළාට වසර 50ක් හිරේට