IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දොරාදත්ත වැවේ මසුන් ඇල්ලූ පිරිසකට උණ:දෙකක් මරුට

(පුෂ්පකුමාර ජයරත්න සහ මහව සංජීවනී ආරියරත්න )

කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වියලි කාලගුණය හේතුවෙන් දිය සිඳී ගිය ගනේවත්ත හිරිපිටිය කිරිඳිවැල්ගාල දොරාදත්ත වැවේ මසුන් ඇල්ලීමට ගිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් හදිසි උණ රෝගයකට ගොදුරුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඉන් තරුණයන් දෙදෙනකු මරණයට පත්ව සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහල පවසයි.

කිරිඳිවැල්ගාල ප්‍රදේශයේ පදිංචිව සිටි අමිල අජන්ත කුමාර සහ ජීවන් චතුරංග නමැති තරුණයන් දෙදෙනා මරණයට පත්ව සිටිති.

මේ දනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් දිය සිඳී ගොස් ඇති දොරාදත්ත වැවේ ජලය එක්රැස්ව තිබෙන දියකඩක සිටින  මිරිදිය මසුන් ඇල්ලීමට ප්‍රදේශවාසින් හුරුව තිබෙන අතර ඒ අනුව පසුගිය සතියේ තරුණයන් විශාල පිරිසක්ද එම ස්ථානයේ මසුන් ඇල්ලීමට ගොස් ඇත.

ඉන් දින කීපයකට පසුව එසේ ගිය පිරිසෙන් එකොළොස් දෙනෙකු පමණ උණ රෝගයකට ගොදුරුව ප්‍රතිකාර සඳහා හිරිපිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර පිණිස කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත .

එසේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයන් අතරින් අසාධ්‍ය තත්ත්වයට පත්වූ කීප දෙනකු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී ඉහතකී තරුණයන් දෙදෙනා පසුගිය 9 වන දින මරණයට පත්ව ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

මියගිය තරුණයන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පවත්වන ලද අතර අධිකරණ වෛද්‍යවරුන් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇත. මරණයට නිශ්චිත හේතූන් අනාවරණය කර ගැනීම සඳහා මියගිය තරුණයන්ගේ සිරුරුවලින් ලබා ගත් කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ බොරුල්ලේ පිහිටි රජයේ වෛද්‍ය රසායනාගාරය වෙත යවා ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

රෝගීවී සිටින පිරිසට වැළඳී ඇති රෝග තත්ත්වය මී උණ යැයි සැක කළඳ නිශ්චිතවම ඊට සම්බන්ධ රෝග තත්ත්වය වැඩිදුර වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය කරගත හැකි බව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙති.

මේ අතර එම වැවේ ඉතිරිව සිටින මසුන්ද මේවනවිට මිය යමින් තිබෙන බැවින් එම මසුන් ආහාරයට නොගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ අවදානම් තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා හෝ පවතින අවදානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා මෙතෙක් කිසිදු සෞඛ්‍ය බලධාරියකු නොපැමිණි බවය.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කාන්ති වේහැල්ල මහත්මිය කියා සිටියේ ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් මේවනවිට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියළුම ක්‍රියාමාර්ග ගෙන ජනතාව දැනුවත් කරමින් සිටින බවය. අනාවරණය වී ඇති ආකාරයට මී උන රෝගයට ගොදුරුව ප්‍රදේශවාසීන් පිරිසක් රෝගාතුරව ඉන් අසාධ්‍ය තත්ත්වයට පත් දෙදෙනෙකු මියගොස් සිටින බවද ලේකම්වරිය පැවසුවාය.



අදහස් (1)

දොරාදත්ත වැවේ මසුන් ඇල්ලූ පිරිසකට උණ:දෙකක් මරුට

කිරිපුතා Saturday, 12 August 2023 09:48 AM

ජලය හිඳිලා මසුන් ජීවත් වෙන්න දඟලනකොට ඔවුන් අල්ලගෙන කන්න යනවා. මිනිසුන්ට කන්න නැතිව නෙවෙයිනේ. මීට වඩා මානුෂීය විදිහට මේ පරිසරය දිහා බලන්න මිනිසා පුරුදු වුණා නම් ස්වභාව ධර්මය මීට වඩා හොඳින් සලකාවි අපට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site