IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දරුණු සිරකරුවන්ගේ ආරක්ෂාවට ප්‍රතිභාගෙන් යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ)

බන්ධනාගාරවල  දරුණු  ගණයේ  විශේෂ  සිරකරැවන් ‘ස්කයිප්’ හෝ  සූම් තාක්ෂණය ඔස්සේ  ඒ ඒ බන්ධනාගාරවල සිටම  අධිකරණ කටයුතු සඳහා යොමු කෙරෙන්නේ නම් ඔවුන්ගේ ජීවිතවලට  සිදුවිය හැකි හානි අවම කරගත හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් සහ බූස්ස බන්ධනාගාරයේ දරුණු ගණයේ අපරාධකරුවන්ට  සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු  පරීක්ෂණ කමිටුවේ සභාපති ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.

ආරක්ෂාව සැලකිල්ලට ගෙන එවැනි සිරකරුවන් අධිකරණවලට ගෙන යෑම  අඩු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

ඇප පිට නිදහස් කෙරුණද  සමහර දරුණු ගණයේ සිරකරුවන් ආරක්ෂාව  සදහා  බූස්ස  බන්ධනාගාරයේ දිගින් දිගටම රැඳී සිටින බව පැවසූ  මහානාම හේවා මහතා එළියට ගියහොත් තමන්ගේ ජීවිතවලට හානියක් සිදුවිය හැකි බව බොහෝ සිරකරුවන් තුළ විශ්වාසයක් පවතින්නේ  යැයිද ප්‍රකාශ කළේය.

කොපමණ බාධා තිබුණද  බූස්ස  බන්ධනාගාරයේ දරුණු ගණයේ   සිරකරුවන් බොහෝ දෙනකු  සන්නිවේදන පහසුකම්  කෙසේ  හෝ සපයා ගන්නා බවද හෙතෙම  ප්‍රකාශ කළේය.

බූස්ස  බන්ධනාගාරයේ දරුණු ගණයේ ගණයේ සිරකරුවන් බොහෝ දෙනකු ළඟ ජංගම දුරකථන සහ ඒවායේ අංගෝපාංග  තිබූ බව පැවසූ ප්‍රතිභා මහානාම හේවා මහතා  ප්‍රදේශයේ  විදුලිය    හිටිහැටියේ    යන  හෙයින්  ඔවුන් ඔවුන්ට අවශ්‍ය පණිවිඩ   ඒ අවස්ථාවලදී කඩිමුඩියේ   හුවමාරු කර කරගන්නා බවද ප්‍රකාශ කළේය.

අලුත් කඩේ අධිකරණයේ පිටත සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට ස්කෑන්  යන්ත්‍ර දෙකක් ලබා දී තිබුණේ නම් ඒ විනාශය වළක්වා ගත හැකිව තිබූ බවද ඔහු කීවේය.

බූස්ස බන්ධනාගාරයේ  විශේෂ සිරකරුවන්ට  පහසුකම් වල අඩුවක්  නැති බවත් ඔවුනට හොඳ ආහාර පාන මෙන්ම ව්‍යායාම් කිරීමේ පහසුකම්ද ලැබෙන  ඇති බවත්  හෙතෙම සඳහන් කළේය.

බොහෝ අවස්ථාවල ඔවුන්ගේ කෑමවලට තලපත් මාළු මෙන්ම  ආහාරයෙන් පසු අඹ අන්නාසි ගස් ලබු වැනි  පලතුරු  පවා   ලැබෙන බව ඔහු කීවේය.

එවැනි සෞඛ්‍ය සම්පන්න  ආහාර වේලක් ලබාදීම හොඳ යැයිද  ආචාර්යවරයා පැවසීය.

මේ රටේ විශාල වශයෙන් ගිනි අවි පරිහරණය වන බවත්  අපරාධ මර්ධනය කිරීමට අවශ්‍ය  නම් මේ අනවසර ගිනි අවි අත්අඩංගුවට ගැනීම පළමුවෙන්ම කළයුතු කාර්ය  බවත් ප්‍රතිභා  මහානාම හේවා මහතා පැවසිය.

බොහෝ වෙඩිතැබීමකටම සම්බන්ධ වන්නේ යුද හමුදාවෙන් පැන ගිය අය බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (5)

දරුණු සිරකරුවන්ගේ ආරක්ෂාවට ප්‍රතිභාගෙන් යෝජනාවක්

සෞදි-සිංහ Tuesday, 25 February 2025 01:19 PM

ඇතුලේ ඉන්න දරුණු ගණයේ අපරාධකරයන්ගෙන් එළියේ ඉන්න සාමාන්‍ය ජනතාවට වෙන තර්ජන වලට ඔබතුමාලා කතා නොකරන්නේ ඇයි

:       1       37

රනේ Tuesday, 25 February 2025 01:34 PM

වැරදි කරන අයව එලියෙ තියලා මේ සාමාන්‍ය අය බන්ධනාගාර ගත කරල කන්න බොන්න දෙන ක්‍රමයක් බලමු.

:       0       26

Kamal Koyrala Tuesday, 25 February 2025 02:53 PM

මිනීමරුවන්ටත් ජනතාව ඇයි කන්න දෙන්නේ ?

:       0       18

රම්බොඩ Tuesday, 25 February 2025 03:19 PM

දරුණු අපරාධකරුවන් රැකෙන කරමට මෙයාලගෙ මල්ල පිරෙනවා. කල්ප ගණන් නඩු අහලා අහලා කල්පය අවසානයේ ඔවුන් එළියට ඇවිත් නැවත සුපුරුදු අපරාධ කරනවා.ඔවුන් රකිනවා විනා ඔවුන්ගෙන් රටක් රැකීමට මොවුන්ට අදහසක් නෑ.

:       0       17

Asela Tuesday, 25 February 2025 11:59 PM

බන්ධනාගාර වලට ටෙලිෆෝන් ජෑමර් සවිකලා නම් ප්‍රශ්නය එතනිම්ම ඉවරයි. කිසිම කෙනෙකුට දුරකථන ඇමතුම් , අන්තර්ජාලයට පිවිසීම කළ නොහැක.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site