IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දොරටියාවේ ව්‍යාපාරිකයෙක් මරා වාහනය තුළම පුළුස්සලා

(සජීවා කෝට්ටාගොඩ, බණ්ඩාර තල්පත්වැ සහ සිසිර නන්දන කැලේගම) 

කොන්ඩේ කපන්නට නිවෙසින් ගිය ව්‍යාපාරිකයකු ගිනි තබා මරා දමා තිබියදී  සොයා ගත් බව මහව මුලස්ථාන  පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ  කුරුණෑගල  දොරටියාව පොලීස්  වසමේ  පදිංචි  ව්‍යාපාරිකයකු බව පොලීසිය සදහන් කරයි.
මෙම  ව්‍යාපාරික තැනැත්තා  ඊයේ දහවල්  කොණ්ඩේ කැපීමට  යන බව පවසා  ජීප් රථයෙන් නිවසින් බැහැරව ගිය බව පවුලේ ඥාතීහු කියති.
ව්‍යාපාරිකයා සවස් වනතුරුත් නිවසට නොපැමිණිම හා ජංගම දුරකතනය  ක්‍රියා විරහිත කර තිබූ නිසා   බිරිය  දොරටියාව පොලිසියට ⁣පැමිණිල්ලක් කර ඇත.
මේ අතර කට්ටඹුවාව ප්‍රදේශයේ දියබැටේ ප්‍රදේශයක ජීප් රථයක් තුළ  කිසියම් පුද්ගලයක්  ගිනි තබා මරා දමා ඇති බවට හරකුන්  බැලීමට ගිය තැනැත්තකු සිද්ධිය  දැක මහව පොලීසිය දැනුවත් කර ඇත. 

ඒ අනුව වැඩිදුර  කරුණු සොයා යාමේදී එම වාහනය හා පුද්ගලයා දොරටියාවෙන් අතුරුදන් වූ අය බවට හදුනාගෙන ඒ සම්බන්ධයෙන් ඔහුගේ බිරියට දැනුම් දී ඇත. 

වාහනය තුළ මියගොස් ඇත්තේ තම සැමියා බවට හදුනා ගත් බව පොලිසිය කියයි. 
 



අදහස් (6)

දොරටියාවේ ව්‍යාපාරිකයෙක් මරා වාහනය තුළම පුළුස්සලා

යෝගා Thursday, 26 June 2025 08:52 PM

පෝය හයයි මිනී කන්දයි. බංකු බංකු, ඔයා කෝ...? පැලවත්තේ සෙට් එකට නම් මිනී කඳු කියන්නේ සාමාන්‍ය දේවල්නේ....

:       5       1

රුවන් Thursday, 26 June 2025 09:35 PM

ලංකාවේ බහුතරයක් ඉන්නේ පාපතරයෝ... මේ රට හදන්න පුළුවන් ඔය බහුතරම අයින් කරපු දවසට මිසක් හිටපු ඇමතිලාව හිරේ දාලා නෙවෙයි. ලංකාවේ වෛද්‍ය වෘත්තියේ පවා හොරකම්, මිනීමැරුම් තියෙන රටක් හදන්න පුළුවන්ද? එහෙම හදනවා නම් අනුර කතරගම දෙවියන්ට වඩා උසස් දෙවි කෙනෙක්...

:       2       0

Perera Friday, 27 June 2025 06:53 AM

කවුරුත් නොදන්න ලොකු කතාවක් මෙතන තියෙනවා වගේ...

:       1       2

ගුණරත්න Friday, 27 June 2025 08:02 AM

එක කාලෙක තිබුණු භීෂණය හෙමින් හෙමින් ආපහු එනවා වගේ

:       14       5

Chandima Friday, 27 June 2025 09:53 AM

කොටු පැනිල්ලකටවත් ගිහිල්ලද ?

:       2       3

maalaka Friday, 27 June 2025 11:37 AM

ඉස්සර කරපු හොර වැඩවල සාක්කි මකනවද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 248 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site