(යොහාන් භාසුර)
වැට් බැද්ද ඉහල දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු හෙට(1) සිට සියයට 42 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි.
ඒ අනුව දේශීය ඇමතුම්, කෙටි පණිවිඩ, අමතර සේවා සඳහා වන මුළු බදු අගය සියයට 42.02 ක් වන බවත් ඩේටා සහ විදේශ ඇමතුම් සඳහා මුළු බදු අගය සියයට 23.50 ක් වන බවත් එම සමාගම් සඳහන් කරයි.
පෙරගෙවුම් ඩේටා කාඩ්පත් කිහිපයක ඩේටා ප්‍රමාණය අඩුකර ඇති අතර, ඒවායේ බදු ඇතුළත් මිල නොවෙනස්ව පවතින බවද ඇතැම් දුරකථන සමාගම් වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 16
57
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
852
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුරකථන ගාස්තු ඉහළට
චාන්දනී Sunday, 31 December 2023 03:44 PM
එහෙම වෙන්න එපායෑ.. මොකද ඊළඟ ජනාධිපතිවරණය වෙලාවේ හයක් හතරක් නොදන්නා මෝඩයෙක් ජනාධිපති කරන්න කතිරය ගහන්න කෙනෙක් නැතිවෙනවනේ... දැනටත් ස්ථාවර දුරකථන පහසුකම් ලබන අයගේ බෙල්ල නොකපා තියෙනවා කියන්න පුළුවන්... දැන්වත් වොයිස් බන්ඩල් රෙන්ට් වගේ බදු රාශියක් තිබුණත් රජයේ බදුවලට වඩා තියෙන්නේ විවිධාකාරයෙන් ගසාකෑම තමයි.. ඔය අතරේ දැන් බිල් එවන්නේ නැති නිසා හොරාකන්න ඕනෑතරම් ඉඩත් තියෙනවා...!
user Monday, 01 January 2024 09:19 AM
"බදු හෙට(1) සිට සියයට 42 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි. " මේකෙ තියන විදිහට හෙට(1) ඉදන් බදු 42% ඉහළ යනව. ඒත් ඇත්තටම ඒකද වෙන්නෙ. නැත්නම් මුළු බදු ප්‍රමාණය 42% වෙන එකද ?
Ganithage Monday, 01 January 2024 12:52 PM
වැට් බදු 15% සිට 18% දක්වා වැඩිවුනේ 3% කින් නම් 42% වැඩි කරන්නෙ මොන පදනමෙන්ද මේ කරන්නෙ සූරාකෑමක් වෙන්න පුළුවන් මේ මුදල් රජයට ලැබෙනවාද කියලා බලනවා නම් හොදයි