(නිමන්ති රණසිංහ)
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට පහර දී මේ සිද්ධිවලට අදාල සැකකරුවන් වන සනත් නිශාන්ත සහ මිලානි ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහ ඩෑන් ප්‍රියසාද් යන අයගේ ජංගම දුරකථන පොලිස් භාරයට ලබාදෙන තෙක් ඔවුන් රඳවා තබා තබාගන්නා ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
එම සැකකරුවන් ඔවුන්ගේ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් පසු ඔවුන් මුදා හරින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.
අධිකරණ නියෝග ලබාදී තිබියදීත් ඒවාට අවනත නොවී සිටීම සම්බන්ධයෙන් සැකකරුවන්ට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා අධිකරණ නියෝග කඩ කරන්නේ නම් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බව ද ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියට අදාළ පළවෙනි සැකකරුගේ සිට පස් වැනි සැකකරු දක්වා වන අයවලුන්ගේ ජංගම දුරකථන වහාම අපරාධ පරීක්ෂණය පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ට නියෝග කර තිබුණේ ඉකුත් නඩුවාරයේදී ය .
ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් යන සැකකරුවන් තවමත් ඔවුන්ගේ ජංගම දුරකථන බාර දී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුරකතන බාර දෙනතෙක් සනත්,මිලාන්,ඩෑන් රඳවා ගනී
Hafeel Wednesday, 24 August 2022 05:13 PM
මෙන්න රනිල්ගේ කැබිනට් සගයින්...!
Saman Wednesday, 24 August 2022 05:30 PM
සනත් නිශාන්ත පොලිසියට බය නෑ... එයා තමයි නීති හදන්නේ...!
nanda Wednesday, 24 August 2022 06:13 PM
උගත්කමට පාර්ලිමේන්තු එනවා වගේ නෙවෙයි, චණ්ඩිකමට පාර්ලිමේන්තු ආවට පස්සේ පරණ පුරුදු අතාරින්න බෑ...
fairoos Wednesday, 24 August 2022 06:23 PM
ජනාධිපති මන්දිරයේ නාන තටාකයේ නාපු අයව අත්ඩංගුවට ගත්තේ ත්‍රස්තවාදී පනත යටතේ.. හැබැයි සාමකාමී අරගලයට පහර දීපු අය එළියේ...!
RohanaWednesday, 24 August 2022 08:22 PM
නෑම, ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට නිගමනය කළ හැකිය.
ravin Wednesday, 24 August 2022 06:30 PM
එහෙම කොහොමද? ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ අනික් ඔක්කොම ඉන්නේ ඒ ගොල්ලන්ට පහළින් කියලා...