IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුරකතනය-මාලය වංචාවෙන් ගත්ත පොලිසියේ සිවුදෙනා 6 තෙක් රිමාන්ඩ්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පන්නිපිටිය විද්‍යාල හන්දිය ප්‍රදේශයේදී ඉකුත් 20 දා රාත්‍රී පුද්ගලයෙකු  රවටා රන්මාලයක් සහ ජංගම දුරකථනයක් වංචනික ලෙස භාරයට ගත් බව පැවසෙන  මාලබේ පොලිසියට අනුයුක්තව සේවය කළ  පොලිස් නිලධාරීන් සිව් දෙනා (25) දා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී යළි ලබන 6 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය.

සැකකරුවන් සිවුදෙනා එදින (25)දා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී  හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමුකළ අතර  එහිදී පැමිණිලිකරු විසින් සැකකරුවන්  සිව්දෙනා හඳුනාගෙන තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ  උහන ගලහිටියාගොඩ  පදිංචි කල්පාගොඩ මුදියන්සේලාගේ කරුණාසේන කල්පාගොඩ , පන්නිපිටිය හිරිපිටිය සුහද මාවත පදිංචි ජයලත්  ආරච්චිගේ විජයරත්න පුෂ්පකුමාර , වලල්ලාවිට මාකලන්දාව , පිටිගලගොඩ  පදිංචි පිටිගල කංකානම්ගේ විජයරත්න පුෂ්පකුමාර , අනුරාධපුරය ගම්මිරිස් වැව ඔක්කම්පිටයාව පදිංචි ගුණසේකරගේ නාලක ගුණසේකර සිව් දෙනකු බව පොලීසිය කියයි .

මෙම පුද්ගලයින් සිව්දෙනා මාලබේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් තිදෙනකු බවත් ඉන් එක් පුද්ගලයෙකු විශේෂ කාර්යාංශයට අනුයුක්තව සේවයේ නිරත බුද්ධි නිලධාරියෙකු බවත් පැවසේ .

මෙම නිලධාරීන් සිව්දෙනා එක් නිලධාරියෙකුට අයත් ත්‍රී රෝද රථයකින් ඉකුත් 20 දා රාත්‍රී කොට්ටාව  විද්‍යාල හංදිය ප්‍රදේශයේ රාජකාරියක නිරත ව සිටියදී මහමග රැඳී සිටි  කතා කිරීමට නොහැකි පුද්ගලයකු දැක නවතා පරික්ෂා කරන මුවාවෙන් ඔහු පැළඳ සිටි රන් මාලයක් සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් වංචනික ලෙස බාරයට ගෙන තිබුණි .

පසුව මේ පිළිබඳව වලස්මුල්ල වීරකැටිය පාර කොන්ගලාන පදිංචි  උඩුවක ගම් ආචාරිගේ ලහිරු ශාන් නැමැති පුද්ගලයා ඉකුත් 21  දා කොට්ටාව පොලීසියට පැමිණ  ත්‍රීරෝද රථයකින් පැමිණි පොලිස් නිලධාරින් සිව්දෙනකු තම ජංගම දුරකථනය සහ රන්මාලය පැහැරගෙන ගිය බවට  පැමිණිල්ලක් කර තිබුණි.

ඒ අනුව ෙම් සඳහා ෙයාදාගත් බව කියන ත්‍රීරෝද රථය පිලිබඳ  කොට්ටාව  පොලීසියේ ස්ථානාධිපති සුභාෂණ  වන්නිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් සිදුකළ විමර්ශනයකදී  එම ත්‍රිරෝද රථය  මාලබේ  පොලීසියට අනියුක්තව සේවය පො.කො (68080) විජයරත්න පුෂ්පකුමාර නිලධාරියාට අයත් එකක් බවට අනාවරණය වී තිබුණි .

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී  සිද්ධියට සම්බන්ධව සැකකරුවන් සිව්දෙනාම මාලබේ පොලිසියට අනුයුක්තව සේවය කරන අතර ඒ අතර සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනකු සිටින බවට අනාවරණය වී තිබේ .

මොවුන් පො.සැ.51576 කරුණාරත්න, පො.කො 68080 විජයරත්න පුෂ්පකුමාර, පො.කො.97447 මදූෂ පිටිගල යන තිදෙනාද, පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්ත පො.කො.13968 ගුණසේකර යන සිවිදෙනාය.

ඒ අනුව සැකකරුවන් සිව්දෙනා  කොට්ටාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සොරා ගන්නා ලද ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සහ රන්මාලය පොලීසිය මගින් සොයාගත් අතර  කොල්ලකෑම සඳහා භාවිතා කළ ත්‍රීරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබුණි .

මේ අතරතුරදී නුගේගොඩ කොට්ඨාස අංක 2 භාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත නිලධාරීන් සිව් දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කොට අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කරන ලදී .

පසුව සැකකරුවන් සිවු දෙනා 23  දා  හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්  25 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට  නියෝග කොට එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කරන ලෙසට  හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය පොලිසියට නියෝග කළාය.

ඒ අනුව 25 සැකකරුවන් යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී  හඳුනා ගැනීමේ පෙරට්ටුවට  යොමු කළ අතර එහිදී පැමිණිලිකරු විසින් සැකකරුවන් සිව් දෙනා හඳුනා ගන්නා ලදී .

ඒ අනුව සැකකරුවන් සිව්දෙනා  සැප්තැම්බර් මස  6 දා දක්වා යළි  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය පොලීසියට නියෝග කළේ එදිනට විමර්ශනයේ උද්ධෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයමාන්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුභාෂණ වන්නිආරච්චි  මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග ,පො.කො (73074) ලක්මාල් නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.



අදහස් (0)

දුරකතනය-මාලය වංචාවෙන් ගත්ත පොලිසියේ සිවුදෙනා 6 තෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site