
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව ප්‍රදේශයේ තෙමහල් හෝටලයක ඉහළ කොටසේ සිට බිමට වැටී එම හෝටලයේ මුදල් අයකැමි මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙනිපිටිය වරකාපිටිය පිරිස්වත්ත පදිංචිව සිටි රිද්ම තරංග නැමැති 26 හැවිරිදි තරුණයෙකි .
වසර දෙකහමාරකට පමණ ඉහත දී එම තරුණයා හෝටලයේ රැකියාවට පැමිණ ඇතැයි පොලීසිය සඳහන් කරයි.
රාත්‍රී 11ට පමණ හෝටලය වසා ඇති බවත් රාත්‍රී දෙකට පමණ මුදල් අයකැමි හෝටලය ඉදිරිපිට ලේ පෙරාගෙන වැටී දඟලමින් සිටින අයුරු වේටර්වරයකු දැක ඇතැයි පොලිසිය කියයි.
ඒ බව හෝටලයේ හිමිකරුට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පැමිණ විනාඩි කීපයක් තුළ දී කලුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පැය බාගයකට පමණ පසු තරුණයා මිය ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මියගිය තරුණයා වැටි සිටි ස්ථානයේ තිබු යතුරු පැදියක් පෙර ලි තිබූ අතර තරුණයා වැටීමේදී ඔහුගේ ශරීරය ගැටී යතුරු පැදිය ගැටී එය පෙරලුනාද ? වෙනත් හේතුවක් මත යතුරු පැදියේ පෙර ලුනාද? යන්න විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි.
තරුණයා පෙරේදා රාත්‍රී සිට ජංගම දුරකථනයේ රැඳී සිට කිසියම් අයකු සමග කතාබස් කරමින් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුරකතනය තරුණයාට මරු කැඳවයි