IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දයා නායකයා වෙන්න දැඟළුවා

(අජන්ත කුමාර අගලකඩ)

දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ මහලේකම්ධුරයෙන් ඉවත් කිරීමට සිදුවූයේ ඔහු සියලු දෙනා පෙරළාගෙන පක්ෂයේ නායකයා වීමට ගිය නිසා යෑයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලු රැසක් තිබූ බව කී සිරිසේන මහතා එම තත්වය හමුවේ ඔහු පක්ෂයේ ලේකම්වරයා ලෙස තවදුරටත් තබා ගත නොහැකි බවද සඳහන් කළේය.

ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇති බවත්,චෝදනා පත්‍රය ලබන සතියේ දී ඔහුට ලැබෙන්නට සලස්වන බවත්, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර, දයාසිරි ජයසේකර මහතා මහ ලේකම් ධුරයෙන් ඉවත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අගමැතිකම ගැනීමට දැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, තමාට එවැනි බොළඳ සිහිනයක් නොමැති බවය .

 



අදහස් (14)

දයා නායකයා වෙන්න දැඟළුවා

Rohana Sunday, 10 September 2023 09:22 AM

මෛත්‍රීපාල කොයි පැත්තට කරනම් ගහනවද කියල කවුරුවත් දන්නෙ නෑ. කිසිම විශ්වාසයක් තැබියහැකි කෙනෙකු නොවෙයි.

:       0       1

සල්ලි Sunday, 10 September 2023 09:41 AM

ලංකාවේ නිව්ස් වල උඩින්ම දේශපාලකයින් ඉන්නේ ඇයි තාත්තේ? අවුරුදු 75ක් තිස්සේ රට නොමග යැවුවේ ඔහොම තමා පුතේ...

:       0       0

de silva Sunday, 10 September 2023 10:16 AM

දයාසිරිගේ දේශපාලන මතවාදය මම අනුමත නොකළත් ඔහු උගත්කමෙන්, බුද්ධියෙන්, කලාවෙන්, ක්‍රීඩා අතින්, තරුණකමින් ඔබට වැඩිය ඉදිරියෙන් සිටින බව මගේ අදහසය. ජනතාව ඔබට ජනාධිපතිකම දීලත් කරගන්න බැරිවුණු දැන් ගෙදර යන්න. ඔය නිදහස් පක්ෂයකට ජනතාව දැන් ඡන්දෙ දෙන්නේ නැහැ...

:       0       1

Bamunuarachchi Sunday, 10 September 2023 10:36 AM

බය උනාද පුතාට නායක කම දෙන්න බැරිවෙයි කියලා. හැබැයි සිරෝ ඔහෙට වඩා දයාට වැඩක් කල හැකියාව තිබේනවා. ඔහේ ගේ වැඩවලින් පෙනෙනවා රාජ කපටියෙක් කියලා. ගේට්ටුව අරින විට එතන ඉන්නේ නොන්ඩි හරකෙක් උනත් ඌ තමයි ඉස්සෙල්ල එලියට එන්නේ. ඒවගේ තමයි ඔහේ පක්ෂ නායකයා උනේ.

:       0       1

Lalla Sunday, 10 September 2023 10:41 AM

උගත් වැඩ පුලුවන් එකෙකුට තැන දෙන්න නූගත් නාකි හම්පඩ පඹයින් කැමැති නෑ... ඒකයි ඇත්ත...

:       0       1

ගාමිණී Sunday, 10 September 2023 11:20 AM

මෙි මෛත්‍රීපාලයනමි සත පහකට විස්වාස කරන්ඩ බැරි ගං කබරයෙක්.

:       0       0

P.D Goonawardena Sunday, 10 September 2023 11:21 AM

ඔය චෝදනා කව්ද පිලිගන්නේ...ඔභේට අධිකරණයෙන් ආපු චෝදනාව ඔහේ පිලීගත්තද.....ඔවා දෙනු පරභට...තමා සම්මතෙහි පිහිටා සිට....

:       0       1

Rata Perata Sunday, 10 September 2023 12:26 PM

නායක කමට මෙයාට වැඩිය පොල්පිත්තක් හොඳයි.

:       0       1

සවින්ත Sunday, 10 September 2023 12:48 PM

ඇයි ඔය පක්ෂයේ නායක වෙන්න දයාසිරි සුදුසු නැද්ද? නැත්නම් පක්ෂයේ නායක තනතුර දීමට ඔහුට නුසුදුසුකමක් තිබේ නම් ඒක මොකක්ද කියන්න බැරිද?

:       0       0

Nimal Sunday, 10 September 2023 12:54 PM

පක්ෂය තවත් කා දමන්නේ නැතිව නැතිව කරන්න පුළුවන් කෙනෙකුට... දුන්නා නම් හොඳයි. කෙසේවෙතත් පක්ෂය යළි ගොඩගැනීමට නොහැකියි.

:       0       0

Sunil Sunday, 10 September 2023 02:49 PM

නායකයා වෙන්න උත්සාහ කිරීම ඕනෙම කෙනෙකුගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක්... එවන් කෙනෙකුට පක්ෂයෙන් නෙරපීම වැරැදියි.

:       0       1

abaran Monday, 11 September 2023 01:53 AM

දෙන්නම පොළොංගු තමයි. මෙදාපාර ඡන්දෙදී දෙන්නවම ගෙදර තියන්න කුරුණෑගල සහ පොලොන්නරුව ජනතාව සැදී පැහැදී තමයි බලාගෙන ඉන්නේ...

:       0       2

Bunny Preena Monday, 11 September 2023 10:45 AM

දයාසිරිට පක්ශ නායක්ත්වය ලැබීමට කාලය එලබ ඇත.

:       1       2

ගාමිණී Monday, 11 September 2023 11:34 AM

මේ මෛත්‍රිපාල වගේ කෙනෙක් මේ ලෝකයේ කොහේවත් නැතුව ඇති... කෙළෙහි ගුණයක් නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site