IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දියේ ගිලුණු සරසවි සිසුවා මරු‌ට

(ෂේන් සෙනෙවිරත්න)

මහවැලි ගඟේ නාවලපිටියේ පිහිටි අතු ගංගාවක දිය නාමින් සිටියදී දියේ ගිලි අසාධ්‍ය තත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තුන්වැනි වසරේ සිසුවා මියගිය බව පොලිසිය කියයි .

එසේ මියගොස් ඇත්තේ ඉසුරු මදුරංග තිලකරත්න (24) නැමැති කටුගස්තොට රත්මලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මහනුවර කිංස්වුඩ් විදුහලේ ආදි සිසුවෙකු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියයි .

එම සිසුවා සමග සිසුන් 25 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පෙබරවාරි මස 24 වැනි දින නාවලපිටිය රෝහලේ සායනික පුහුණුවකට ගොස් එය නිමා කිරීමෙන් අනතුරුව එහි සිසුන් කිහිපදෙනෙකු මහවැලි ගඟේ අතු ගංගාවක දිය නාමින් සිටියදී මියගිය සිසුවා ජලයේ ගිලි අසාධ්‍ය තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට තිබුණි .

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විමර්ශන සිදු කරයි .



අදහස් (0)

දියේ ගිලුණු සරසවි සිසුවා මරු‌ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site