(යොහාන් භාසුර)
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉන්ධන ආනයනය පිළිබඳව ඊයේ කළ ප්‍රකාශය තරගයේ ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහතාට එරෙහිව නීතිමය කටයුතු කරන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයේ සියලු කරුණු අසත්‍ය සහ පදනම් විරහිත මෙන්ම ජනතාව තුළ වෛරයක් ඇති කිරීමට කළ ඒවා බවත් එම සංස්ථාව ඉන්ධන ආනයනයේදී සෑම විටම ටෙන්ඩර් පටිපාටිය සහ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමන කරන බවත් ඛනිජ තෙල් සංස්ථාව කියයි.
ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම පරීක්‍ෂණයකදී හෝ නීතිමය කටයුත්තකදී කරුණු පැහැදිළි කිරීමට සූදානම් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව එම නිවේදනයෙන් වැඩි දුරටත් අවධාරණය කරයි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දයාසිරි කළ ප්‍රකාශය ‘සිපෙට්කෝ’ ප්‍රතික්ෂේප කරයි
lalindra Thursday, 06 October 2022 04:23 PM
විරේ නම් ඇතිවෙන්න දයාසිරි ඕනේ නෑ. අපි දයාසිරිටත් වයිරයි. උපයෝගිතා කොමිසමේ සබාපතිටත් නඩු දානවා කිවා තෙල්වල සල්ෆ වැඩිපුර ගෙනත් මහජන මුදල් කාබාසිනියා කරා කියලා එලි කළාට.. දැන් වැඩේ ඇත්ත බව එලි වුනාම කාංචන ගලේ පැහැරූ බලලා සේ ඉන්නවා. පුලුවන්නම් දාපල්ලා නඩු කවුද හොරු බලමු. මේවා ම්නිස්සුන්ට අමතකවෙනකන් විතරක් ඔය පම්පෝරි . අන්තිමේදී දයාසිරිත් අතැරලා දානවා. මාද්යත් අතාරිනවා මිනිස්සුත් අතාරිනවා එහෙම ජාතියකට හිමි විනාසය මිසක් වෙන මොනවත් නෑ.
Bamunuarachchi Thursday, 06 October 2022 05:56 PM
දයාසිරිලා වගේ මිනිස්සු කියන දේවල තාරබර ඇරලා තමයි බාරගන්න ඕනේ. සමහර කතාවල තාරබර ඇරියාම ගත යුතු දෙයක් නැත.
Lalith M Thursday, 06 October 2022 07:13 PM
සිපෙට්කෝ කවදද ඇත්ත කිව්වේ. කවදද රටට හිතකර දෙයක් කලේ.තම බඩ වඩාගැනීම හැර වෙන කිසිම දෙයක් කල වෘත්තීය සමිතියක්වත් සිපෙට්කෝ තුල නැත.
de silva Friday, 07 October 2022 12:26 AM
මේ තෙල් සංස්ථාව පුද්ගලික අංශයට විකුනලා දමන්න.මේකේ මාසෙන් මාසේ වෙන වැඩ දැක්කම ලේ කෝප වෙනවා. පාඩු වෙන එකෙත් සීමාවක් නැහැ .මේක අපට දරාගන්න බැහැ
Bamunuarachchi Friday, 07 October 2022 07:01 AM
මේවගේ මිනිස්සු කියන දේවල් තාරබර ඇරලා තමයි බාරගන්න ඕනේ. සමහර කතාවල තාරබර ඇරියාම ගත යුතු දෙයක් නැත...