
( රේඛා තරංගනී ෆොන්සේකා)
පවතින වැසිබර කාලගුණික තත්ත්වයෙන් ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දියවන්නාවේ ජලමට්ටම ඉහළ ගොස් ඇළ මාර්ග උතුරා යාමෙන් පවුල් 1,078 ක පුද්ගලයන් 4,429 ක් අවතැන්ව ඇතැයි කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා පවසයි..
ජල ගැල්මට හසුව අවතැන් වූ ජනතාවට රුපියල් ලක්ෂ දහයකට ආසන්න වියදමකින් පිසූ ආහාර වේල් තුනටම ලබාදීමටත් පවුල් 42 ආරක්ෂිත ස්ථාන කරා පිටත් කර හැරීමටත් කටයුතු කර ඇති බවද ඒ මහතා කියයි..
ග්‍රාම සේවා වසම් 13ක ජනතාව එසේ අවතැන්ව සිටින බව ඒ මහතා පැවසීය.
ඒ අනුව 514වැලිකඩ නැගෙනහිර, 522 පිටකොට්ටේ බටහිර, 514D වැළිකඩ උතුර,514C ඔබේසේකරපුර, 526ගංගොඩවිල දකුණ,526C ගංගොඩවිල නැගෙනහිර ,514Aවැළිකඩ බටහිර 521Aඇතුල්කෝට්ටේ බටහිර, 530B නාවල නැගෙනහිර, 520 නාවල බටහිර 520A කොස්වත්ත 521 ඇතුල්කෝට්ටේ, 522 පිටකොට්ටේ නැගෙනහිර ජනතාව අවතැන්ව සිටින බව ඈපා මහතා පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභාවේ සහ පාර්ලි මේන්තු මන්ත්‍රි මදුර විතානගේ, පුරපති අයි.ඒ.වී ප්‍රේමලාල් යන මහත්වරුන්ගේද සහාය ඇතිව සහන සැලසීමට කටයුතු කර ඇති බවද ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා පැවසීය.


2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2311
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දියවන්නාවේ ජලමට්ටම ඉහළ යාමෙන් පවුල් 1,078 ක් අවතැන්