(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
සීමාසහිත ලංකා පොහොර සමාගම දියර පොහොර ගෙන්වීමට විදේශීය සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේදී සිදුවී ඇතැයි කියන අනීතික ගනුදෙනුවක් හේතුවෙන් රුපියල් කෝටි 10 කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ.
මේ අතර සීමාසහිත ලංකා පොහොර සමාගම සහනාධාර ලෙස බෙදා හැරීමට සූදානම් කර තිබූ පොහොර මෙට්‍රික් ටොන් 896 ක් ගොවීන්ට බෙදා හැරීමට නොහැකි ලෙස හානියට පත්වීම හේතුවෙන් රජයට රුපියල් පන් කෝටි තිස් අට ලක්ෂයක මුදලක් පාඩුවී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
එම පොහොර මෙලෙස හානිවී ඇත්තේ ඒවා නිසි කළමනාකරණයෙන් යුක්තව බෙදාහැරීමට කටයුතු නොකිරීම හේතුවෙන් බව ජාතික විගණන කාර්යාලය පවසයි.
රුපියල් කෝටි හතරකට වැඩි වටිනා පොහොර මෙට්‍රික් ටොන් 671.47 ක් 2019 වර්ෂයේදීත් රුපියල් එක් කෝටි
තිස් පන් ලක්ෂයක් වටිනා පොහොර මෙට්‍රික් ටොන් 225.44 ක් 2020 වර්ෂයේදීත් මෙලෙස හානියට පත්ව තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
ලක්පොහොර සමාගම විදේශීය සැපයුම්කාර සමාගමක් අතර 2017 වර්ෂයේ අප්‍රේල් මස 17 වැනිදා ඇතිකරගත් ගිවිසුම ප්‍රකාරව සපයන ලද දියර පොහොර වලින් රුපියල් කෝටි අටකට ආසන්න වටිනා කල් ඉකුත්වූ පොහොර ලීටර් 109408 ක ප්‍රමාණයක් හුණුපිටිය ප්‍රධාන ගබඩාවේ 2021 වර්ෂයේ මාර්තු මාසය වනවිටත් ගබඩා කර තිබූ බව නිරීක්ෂණයවී යැයි පවසන විගණන වාර්තාව පිරිවැය අඩු බෙදාහැරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමෙන් තොරව දිවයිනේ විවිධ ප්‍රදේශවල ගබඩා හතළිස් හයක් පවත්වාගෙන ගොස් වැටුප් පරිපාලන මෙහෙයුම් හා ප්‍රවාහන වියදම් අත්‍යවශ්‍ය නොවන ලෙස ඉහළ නැංවීම හේතුවෙන් සමාගම අඛණ්ඩව මෙහෙයුම් අලාභ ලබා තිබූ බවද සඳහන් කරයි.
එසේම සමාගම අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට අනුකූල නොවන සේ රුපියල් දෙකෝටි දෙලක්ෂයකට වැඩි වටිනා දිරිදීමනා 2020 වර්ෂයේදී ගෙවා ඇතැයිද ජාතික විගණන කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියර පොහොර ගෙන්වීමේදී කෝටි දහයක පාඩුවක්