IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දියණියට අයිස් අරන් දෙන්න කුඩු ඇද්ද පියුම් මාමා

(රේඛා තරංගනී ෆොන්සේකා)

ණය බරින් නිදහස් වෙන්න  ලියුම් බෙදන ගමන් කුඩු ප්‍රවාහනය කළ තැපැල් සේවකයකු හෙරෝයින් මිලිග්රෑම් 5150 සමග (6) අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය පැවසීය.

සැකකාර ලියුම් බෙදන්නා කුඩු බෙදාහරින බවට ලැබුන තොරතුරකට අනුව සිදුකල සෝදිසියේදී සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් සොයා ගත් බව පොලිසිය පැවසීය.

සැකකරු මත්ද්‍රව්‍යට ඇබ්බැහි නොවු පුද්ගලයකු බව සදහන් කළ පොලීසිය ඔහු බෙදා හැර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට නම් දැරු කුඩු අංජු නමැත්තාගේ හෙරෝයින් බවට තොරතුරු හෙලිවී ඇතැයි පොලිසිය පැවසීය.

රජයේ රැකියාවකුත් තිබියදී ජාවාරමට යොමුවුනේ ඇයිදැයි සැකකරුගෙන් විමසු විට ලැබෙන වැටුප ජීවත් වීමට ප්‍රමානවත් නැති බව සදහන් කළ ඔහු සිය දියණියට අයිස්ක්‍රිමක් අරන් දෙන්නවත් වැටුප ඉතිරි නොවන බැවින් මෙසේ මුදල් ඉපයිමට යොමු වු බවට ඔහු පාපොච්ඡාරණය කළ බව පොලිසිය පැවසීය.

දිණක් දියණිය සිය මිතුරියක් අයිස්ක්‍රිම් කනවා දැක තමාගෙන් අයිස්ක්‍රිම් ඉල්ලා සිටියද එදා අතේ මුදල් නොවු නිසා අයිස්ක්‍රිම් දියණියට ගෙනදීමට නොහැකි වු බව සැකකරු හෙළි කළ බව පොලිසිය පැවසීය.

කාලයක් අමතර මුදල් ඉපයිමට සුදු ක්‍රිඩාවේ යෙදී අවසානේ එයින්ද ණය විණැයි සැකකරු හෙළිකල බවද පොලිසිය පැවසීය.

අවසානයේ පහලටම වැටුන පවුලේ ආර්ථිකය ගොඩ ගැනීමට මෙසේ හෙරෝයින් ප්‍රවාහනයට යොමුවු බව සැකකරු විසින් වැඩි දුරටත් හෙළිකල බව පැවසීය.

අත්අඩංගුවට පත් සැකකරු ගේ පෙර වැරදි නැති බව සදහන් කල පොලිසිය සැකකරු ශාන්ත සේවියර් පල්ලිය පිටුපස නිවස අසලදී අත්අඩංගුවට ගත් බව පැවසීය.

 

 

 



අදහස් (2)

දියණියට අයිස් අරන් දෙන්න කුඩු ඇද්ද පියුම් මාමා

athulasiri Tuesday, 07 February 2023 04:03 PM

මොකක්ද මෙ මාමගෙයි දෝනිගෙයි තියන සම්බන්දෙ ? ඉතුරුටික ඉතින් ලියන්න අවශ්‍ය නැැනෙ .

:       1       0

pakeer Tuesday, 07 February 2023 04:36 PM

පවු ඉතින්. මේවට මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site