IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දඹුල්ලේ ලොකු ලූනු ගිනි ගණන්

(කාංචන කුමාර ආරියදාස)

දේශීය ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 240 ක ඉහළ තොග මිල අද (07) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී ගොවීන්ට ලැබෙන බව දේශීය ලොක ලූනු ගොවියෝ පවසති.

පසුගිය දින කිහිපයේ දේශීය ලොකු ලූනු කිලෝවක ගැනුම් මිල රුපියල් 85 සිට රුපියල් 130 දක්වා පැවති බවත්, කොරෝනා සිද්ධිය සමග දේශීය ලොකු ලූනු සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම හේතුවෙන් අද (07) පෙරවරුවේ සිට දේශීය ලොකු ලූනු කිලෝවක ගැනුම් මිල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 200 සිට රුපියල් 240 දක්වා වූ ඉහළ මිලකට අලෙවි වන බවත් ගොවීහු කියති.

මෙවර දේශීය ලොකු ලූනු  වගාවට හඳුනා නොගත් රෝගයක්  බෝවීම නිසා සාර්ථක අස්වැන්නක් නොලැබී ගොවීන් අසීරුතාවයකට පත්ව සිටි කාලයක කිලෝවකට රුපියල් 240ක් වැනි ඉහළ මිලක් ලැබීම නිසා යම් මට්ටමකින් තමන්ට ණයතුරුස් ගෙවාගෙන සතුටෙන් ජීවත් වීමට හැකි බව දේශීය ලොකු ලූනු ගොවීහු පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද පෙරවරුවේ සිටම ගොවීන් විශාල වශයෙන් තම අස්වනු අලෙවි කිරීම සඳහා රැගෙන එන ආකාරය දැක ගැනීමට හැකිවිය. ගොවින් කියාසිටියේ වසර කිහිපයකට පසු තමන්ට වචනෙකින් හෝ සතුටු වීමට හැකිවන පරිදි ලොකු ලූනු සඳහා හොඳ ඉල්ලුමක් සහ මිල පවතින බවය. විදේශීය ලොකු ලූනු තොග ද යම් මට්ටමකින් වෙළඳපොලේ පැවතියද ඒවා ප්‍රමාණවත් නොවීම නිසා තම අස්වනු වලට ඉහළ මිලක් ලැබෙන බවත් ගොවීහු පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ප්‍රජාව කියා සිටියේ දේශීය ලොකු ලූනු ගොවියාට කලකට පසු අතමිට සරුවන හොඳ මිලක් ලූනු  සඳහා ලැබී ඇති බව ය. බොහෝ ගොවීන් දේශීය ලොකු ලූනු වගාව අතහැර දමා තිබුණු අවස්ථාවක සාධාරණ මිලක් ලැබීම නිසා ඉදිරි කන්නවල වගා කිරීම සඳහාද මෙම මිල විශාල  උත්තේජනයක් වනු ඇති බවද වෙළෙන්දෝ පෙන්වා දෙති.

පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු තොග ද වෙළඳපළේ යම් මට්ටමක් පවතී. ආනයනික ලොකු ලූනු  කිලෝවක තොග මිල ද රුපියල් 140ක්  යටතේ අලෙවි වන බවත් එහෙත් දේශීය ලොකු ලූනු  සඳහා වෙළෙන්දන්ගේ වැඩි ඉල්ලුමක් පැවතීම නිසා මිල ඉහළ ගිය බවත් ඔවුහු පෙන්වා දෙති.



අදහස් (4)

දඹුල්ලේ ලොකු ලූනු ගිනි ගණන්

saminda Wednesday, 07 October 2020 09:21 AM

හුඟ කාලෙකින් අහන්න ලුබුණු හොඳ පුවතක්...

:       2       11

kumara Friday, 09 October 2020 11:07 AM

දැන් සැපද?

:       0       9

sampath Friday, 09 October 2020 11:13 AM

ගොවියා වගේම පාරිභෝගිකයා ගැනත් හිතන්න ඕනේ.. ඒ නිසා මේක හොඳ ප්‍රවෘත්තියක් වෙන්නේ කොහොමද? මිනිස්සු ළූණු ග්‍රෑම් 100ක් 250ක් ගන්න ලොකු මුදලක් වියදම් කළාම සම්බෝලයක් එක්කවත් කන්නේ කොහොමද?

:       2       15

mahinda Sunday, 11 October 2020 09:13 AM

කෝ දැන් සැපද අහපු අය?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site