IMG-LOGO

දඹුල්ලේ දී වැසිකිලියට යන්න කොමඩු කිලෝ පහක් විකුණන්න වෙලා

(චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇති වැසිකිළියට යන්න තමන්ට කොමඩු කිලෝ පහක් අලෙවි කිරීමට සිදුව ඇතැයි මහදිවුල්වැව, බැඳිවැව ප්‍රදේශවල කොමඩු ගොවීහු පවසති.

කොමඩු කිලෝවක මිල රුපියල් 15 - 20 දක්වා පහළ බැසීමත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිලියට යාමට එක් වරකට රුපියල් 100ක් අය කිරීමත් මීට හේතු වී ඇතැයි ද ගොවීහු සඳහන් කරති.

කැකිරාවේ කළුඑබේ හා කිරියගස්වැව, මහදිවුල්වැව ගම්මානවල ගොවි ජනතාව මෙවර යළ කන්නයේ කොමඩු සහ බටානා විනි බෝග වග කර ඇති අතර පැවැති කාලගුණක තත්ත්වය හමුවේ විදුලි මෝටර් භාවිතා කර ජලය ලබා ගත් බවත් විදුලි බිල ඉහළ යාම නිසා වගාවට විශාල විදයමක් දැරීමට සිදුවූ බව ගොවීහු පවසති. අක්කර භාගයක කොමඩු වගා කරන්න රුපියල් 70000/= වැය කළ යුතු බව ද ගොවීහු කියති.

එම වගාවන් හි අස්වැන්න අලෙවිකර ගැනීමට නොහැකිව ඔවුන් කොමඩු අස්වැන්න නිවෙස්වල සහ ගෙවිබිම්වල ගොඩ ගසා ඇත.

 



අදහස් (3)

දඹුල්ලේ දී වැසිකිලියට යන්න කොමඩු කිලෝ පහක් විකුණන්න වෙලා

himal Friday, 15 September 2023 09:18 AM

වැස්ස කාලෙට කොමඩු වගේ පලතුරුවලට ලොකු අලෙවියක් නෑ. ඉතින් කොමඩු මිල අඩුවුණා කියලා. ඒක වැසිකිළිය පවත්වාගෙන යන කෙනාගේ ප්‍රශ්නයක් නෙවෙයි. එළවළු, පලතුරු මිල අඩු වෙනකොට ගොවියාගේ පාඩුව දානවා. මිල වැඩි වුණාම පාරිභෝගිකයාට ගන්න බෑ කියලා දානවා. ඒත් මිල අඩු වුණාම පාරිභෝගිකයට වාසියි. මිල වැඩි වුණාම ගොවියට වාසි කියන්නේ නැත්තේ ඇයි...?

:       1       1

SumindaFriday, 15 September 2023 04:48 PM

ඔබත් අතර මැදි මුදලාලි කෙනෙකු වගේ..., මොකද ගොවියාගෙන් කොමඩු මිලට ගන්නේ කිලෝවක මිල රුපියල් 15 - 20 වුණාට කොළඹ කිලෝවක සිල්ලර මිල රුපියල් 150 විතර වෙනවා. අතර මැදි මුදලාලිගෙන් තොරව ගොවීන්ට ඔවුන්ගේ ඵලදාව විකුණා ගන්න ක්‍රමයක් හදපුදාට.... ගොවියාත්, පාරිභෝගිකයාත් සතුටින් සිටීවි. අකාර්ක්ෂම පාලකයෝ ඉන්න රටක මෙවැනි දේ සුලබයි.

:       0       1

පැරකුම් Friday, 15 September 2023 11:48 AM

මේ කියන වැසිකිලිය තරුපහේ එකක්ද? මෙතන සිදුවන පිරිවැයේ හැටියට හරි නම් නොමිලයේ දියයුතු පහසුකමක් නේද මේක...?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site