IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අනාරක්ෂිතයි


 
(කාංචන කුමාර ආරියදාස)
ඇඳිරි නීතිය ඉවත්කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන පැමිණි පිරිස හා  එළවළු මිලදී ගැනීමට පැමිණි බොහෝදෙනෙකු ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිනොගැනීම නිසා දැඩි අනාරක්ෂිත බවක්  හටගෙන ඇතැයි ජනතාව පවසති.
 
එළවළු රැගෙන ඒම සඳහා ඇඳිරි නීතිය බල නොපවත්වන බව රජය ප්‍රකාශ කිරීමත් සමඟ අද(23) දින අලුයම් කාලයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ගොවීන් මෙන්ම ව්‍යාපාරිකයෝ ද වැල නොකැඩී පැමිණෙන්නට වූහ.
 
මාර්ග තදබදය අවම කිරීම සඳහා දඹුල්ල පොලිසිය දැඩි වෙහෙසක් ගත්හ.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාට ඇතුළුවන  සහ පිටවන සෑම ස්ථානයකම අත සේදීම සඳහා සබන් ජලය තබා තිබුණද බොහෝදෙනෙකු ඒවා පරිහරණය නොකර ඉතා අනාරක්ෂිත ආකාරයෙන් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි බව එහි වෙළෙඳ සංගමයේ සභාපති චන්න  ඇරැවුල මහතා පැවසීය.
 
 පසුගියදා දඹුල්ල පයේ මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියාසිටියේ ආරක්ෂිතව මුකවාඩම්  නොමැතිව සහ අත් සේදීමකින්  තොරව ගොවීන් ඇතුළට නොගන්නා ලෙසය.
 
 දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු එළවළු තොග අලෙවි කර ගැනීමටවත් නොහැකි තත්ත්වයක පැවති අතර ඉතා අඩු මිල ගණන් යටතේ එළවළු අලෙවි විය.
 

බොහෝ දෙනෙකු කියා සිටියේ ඇඳිරි  නීතිය ඉවත් කිරීමත් සමඟ ජනතාව කිසිදු අවධානයකින් තොරව කටයුතු කිරීම නිසා බරපතළ තත්වයක් මතුවන බවය.
 
එහි කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ අලුයම් කාලයේ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට පෙර සිටම ජනතාව වැල නොකැඩී පැමිණීමත් සමඟ පාලනය කර ගැනීමට නොහැකි වූ බව ය.
  
ඒ මුකවාඩම්  නැතිව සහ අනාරක්ෂිතව ලෙස පැමිණි  ගොවීන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ මුඛවාඩම් නොමැති බවත් ඇතැම් අය ඒවා ළඟ තබා ගෙන පාවිච්චි නොකරන බවය. කෙසේ වෙතත් මෙහි බරපතලකම මෙතෙක් තමන්ට දැනී නැති  බවද ඇතැම් ජනතාව කියන්නට වූහ.



අදහස් (0)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අනාරක්ෂිතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 192 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 752 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site