IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


දඹානේ තරුණයෝ දෙකක් නම් පෝජ්ජ රැගෙන මංගච්චති

(පාලිත ආරියවංශ)

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් දඹානේ ආදි වාසි තරුණයන් දෙදෙනෙක් මෙවර පළාත් සභාමැතිවරණය සදහා මහියංගණය ප්‍රාදේශීය සභාවට ඉරිපත්ව සිටති.

ඌරුවරිගේ මහින්ද හා ඉන්දික යන ඔවුන් දෙදෙනා ම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නයලැ ඇත්තන්ගේ මුණුබුරන්ය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ නාමයෝජනා බදුල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි දමයන්ති පරනගම මහත්මිය වෙත භාර දීම මෙම මුණුබුරන් දෙදෙනාගේ අතින් සිදුවිය.

 

 



අදහස් (10)

දඹානේ තරුණයෝ දෙකක් නම් පෝජ්ජ රැගෙන මංගච්චති

podiekaa Sunday, 22 January 2023 12:49 PM

මොවුන්ව අල්ලලා ඉස්කෝලේ යවන්න ඕනැ...

:       41       2

pathiranaSunday, 22 January 2023 06:49 PM

මෙයාලා අමුතුවෙන් ඉස්කෝලේ යවන්න ඕනෑ නැහැ.. ඉගෙන ගත්තු මිනිස්සු බොහොමයක් ඉන්නවා. උදාහරණ විදිහට ලේඛකයෝ, ගුරුවරු, ක්‍රීඩකයෝ ආදිය ගොඩක් ඉන්නවා. මේ ලියන මමත් ඔය වරිගෙ කෙනෙක්... රස්සාවෙන් සිවිල් ඉංජිනේරුවෙක්... වැඩකරන්නේ පිටරට...

:       0       16

විජිත් Sunday, 22 January 2023 08:36 PM

ඉස්කෝලේ ගිය පට්ට හොරු රටට කරලා තියෙන දේ දැක්කාම හිතෙනවා ඉස්කෝලේ නොගිය එකෙක් ඉස්කෝලේ ගිය උන්ට වඩා හොඳට රට පාලනය කරයි ' කියලා.මට හිතෙන්නේ ඔයාව මුලින්ම ඉස්කෝලේ යවන්න වෙයි කියලයි.සමහරවිට මේ අපේක්ෂකයින් දෙදෙනා ඔබට වඩා ඉහල අධ්‍යාපනික සුදුසුකම් ඇති අය වෙන්නත් පුළුවන්.කෙසේවෙතත් උගත් මිනිසුන් වැඩිපුර සද්ද දමනවා අඩුයි. මිනිසෙකුගේ ජන්මය මුලිකකරගෙන ඔවුන්ට නින්දා කරන්න එපා.එයින් ඔබ සමහරවිට වින්දනයක් ලබනවා ඇති....නමුත් ඔබගේ ප්‍රකාශය බලන උගත් බුද්ධිමත් මිනිසුන් ඔබගේ ඒ ලාමක ක්‍රියාව අවඥාවෙන් ඉවත හෙළනවා.ඉස්කෝලේ ගිය පමණින්ම මිනිසෙක් " වැඩදායක රටවැසියෙක් "වෙන්නේ නැහැ.ඒ සඳහා සමාජයේ සෑම ස්තරයක්ම කිසිම ඇලීමකින් තොරව ස්පර්ශකළ යුතුයි.ගතයුතු හැමදේම ගතයුතු අතර ඉවතලිය යුතු දේ පැකිලීමකින් තොරව සදහටම ඉවත දැමිය යුතුයි.මෙය ඉතාම හිතවත් අවවාදයක් පමණයි, අයියාකෙනෙක් මල්ලි කෙනෙකුට ආදරයෙන් දුන්න පුංචි අවවාදයක් කියලා හිතන්න.

:       0       2

කැකුල Monday, 23 January 2023 09:02 AM

ඉස්කෝලේ ගිහින් විස්වාවිද්‍යාලෙටත් ගිහින් ආචාර්ය මහාචාර්ය පදවි තිබුන පිරිස් අටවගත්ත..... මග කරපු හරිය තමයි මේ මිනිස්සු තවම විඳවන්නේ. මොනවා නැතත් මේ අහිංසක මිනිස්සු ළඟ මනුස්ස ගති තියෙනවා. ඒක හොඳටම ඇති මේකට ඉදිරිපත් වෙන්න.

:       0       2

ganegoda Monday, 23 January 2023 03:01 PM

අපේ උන්ට තියෙන්නෙ හොරට බොරුවෙන් වංචාවෙන් හදාගත්ත පට්ටම් .. ඒ් නිසා තමයි අපේ උන්ට කිසිම දැනීමක් , රටට ජාතියට ගරුත්වයක් නැත්තෙ.

:       0       4

මහ ඌරලැත්තො Sunday, 22 January 2023 02:00 PM

මේ දඹානේ කැකුළලා දෙන්නා මහහූරගේ දණ්ඩු කජ්ජෙන් නගර පොජ්ජට මංගච්චලා මහහූරගේ ඡන්ද කන්තෝරුවට මංගච්චන්නේ තමාලගේ වරිගෙ යහපතට රාජකාරි පොජ්ජ මන්දු කරන්න කඩදහි බාරදීලා වරම් ගන්න...

:       0       25

wanawaasee Sunday, 22 January 2023 03:26 PM

එක්කෙනෙක් ඔය නොදන්න මගුල් කරන්න ගිහින්, මාලදිවයිනට මංගච්චලා තමයි පණ බේරගත්තේ...!

:       2       7

වන්නියා Sunday, 22 January 2023 08:45 PM

මාලදිවයිනට මන්ගැච්චුවේ ගෝටා හුරා නොවැ.එහෙන් සිංගප්පුරු පොජ්ජට මන්ගැච්චුවා. පස්සෙන් පහු සිංගප්පුරුවේ මහා නායක හුරා ගෝටා හුරාට කතා දාලා " වහාම මගේ කොදෙව්වෙන් පිටට මන්ගච්චපන් අපි " හොරුන්ව " අපේ කොදෙව්වේ තියාගන්නේ නැහැ කියලා.පස්සෙන් පහු හෙමින් සැරේ තලගොයෙක් වගේ හැංගිලා ආපහු බඩගෑවා අපේ කොදෙව්වට. ඕන් දැන් ඉන්නවා මිමින්නාවගේ.ඒ කාලේ කෙරුම් දැන් කොදොයි.

:       0       5

Piyal Sunday, 22 January 2023 06:11 PM

මේ රටට එකම විසඳුම ජාතික ජන බලවේගය පමණයි.

:       5       11

හින්නියාSunday, 22 January 2023 08:49 PM

ජාතික ජන බලවේගය පක්ෂ පොජ්ජට තමයි අපේ කැකුලෝ කැකුලියෝ ඔක්කොම චන්ද පොජ්ජ මන්ද කරන්නේ.ඒ කේ ඩී හුරා ජනාධිපති කරනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site