අපේ රටේ සිදුවන පුද්ගල මරණ අනුපාතයෙන් සියයට අසූ තුනක්ම බෝ නොවන රෝග ආශ්‍රිතව වාර්තා වූ මිය යාම් වේ. එනම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය ( ආඝාතය), පිළිකා වැනි බෝ නොවන රෝගවලින් මිය යාම වැඩි බව මේ වනවිට රහසක් නෙවෙයි. ඊට අදාල වන අවදානම් සාධක ලෙස දියුණු වන සමාජ ක්‍රමයත් සමග ශ්‍රීඝ්‍රයෙන් වෙනසකට භාජනය වූ අපේ අහිතකර සේම අවිධිමත් ආහාර රටාව, කාර්ය බහුලත්වය මැද මඟහැරුණු ව්‍යායාම් ක්‍රම, දෛනික පුරුද්දක්ව ගිය මත් පැන් සහ දුම්පානය මෙන්ම වායු දූෂණයත් හේතු වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලාශ්‍ර පෙන්වා දෙන පරිදි වායු දූෂණය නිසා වර්ෂයකට පුද්ගලයන් ලක්ෂ70ක් (මිලියන 07ක්) මිය යන අතර ඉන් සියයට 50ක්ම මිය යන්නේ හෘදයාබාධ සහ ආඝාතය හේතුවෙනි. එසේම හෘද රෝග නිසා සිදුවන මරණවලින් සියයට 25කටත්, ආඝාතය නිසා සිදුවන මිය යෑම්වලින් සියයට 24කටත් හේතු වන්නේ වායු දූෂණය බව එහි වැඩි දුරටත් සඳහන් වේ.
එබැවින් වායු දූෂණය ගැන අපි වැඩි දුරටත් කතා කරද්දී ගෘහස්ත වාතය දූෂණය වන ක්‍රම මෙන්ම පරිසරයේ සිදුවන වායු දූෂණය එනම් වාහනවලින් පිටවන දුම, කර්මාන්ත ශාලාවලින් නිකුත් කරන දුමත් සෘජුවේම බලපානු ලැබේ. මේ අයුරින් දූෂණය වූ වාතය පෙනහලු පිළිකා, ඇදුම හා ශ්වසන රෝග ඇති වීමට මුල් වේ. මෙයාකාරයෙන් විවිධාකාරව දූෂණය වුණු වාතය ආඝ්‍රානය නිසා ගැබිනි මවුවරුන්ට නොමේරූ දරු උපත් ඇති වීම පවා සිදුවේ. එසේම අධි රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය වැනි රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග ඇති කරමින් අකාල මරණ ඇති කිරීමටත්, ඩිමෙන්ෂියාව මෙන්ම ඇස්වල, සමෙහි අසාත්මිකතා ඇති කිරීමටත් හේතු වන බව ඔබ දැන සිටියාද?
නිවෙස් තුළ නිසි වාතාශ්‍රයක් නොමැති නම් ආහාර පිසිද්දී පිටවන දුම සේම දුම්පානය කරන සාමාජිකයකු වෙත් නම් ඒ පිටවන දුමද නිවස අභ්‍යන්තරයෙහි එක් රැස් වේ. නිවසෙහි නිතරම දුම් ගතිය පිරී පවතී නම් ගැබිණි මවකට මෙම පරිසරය ඉතාම අවදානම් වේ. ගර්භනී කාලයේ මුල් අවදියේ සිටම මවුකුස තුළ වැඩෙන කළලයට පවා බලපෑම් ඇතිකරලිය හැකියි. අඩු බර උපත් සහිත දරුවන් බිහිවේ. සාමාන්‍යයෙන් නිරෝගීව නිසි උපත් බරක් හිමිව දරුවකු බිහි වුණද ළමා අවදියේදී නිවසේ මෙන්ම මඟතොටේදීද නිතරම දුම ආඝ්‍රානය කළහොත් ශරීර වර්ධනය බාල වීමට, පෙනහලු වර්ධනය හීන වීමට, ඇදුම වැනි රෝගී තත්ත්වාදියට ගොදුරු වීමට මෙන්ම රුධිර වාහිනී ඝන වීමටද හේතු වේ. මෙවන් පරිසර තත්ත්ව මත හැදී වැඩෙන දරුවා ක්‍රමයෙන් වැඩිහිටියකු බවට පත් වන විට ඇදුම, හෘදයාබාධ, පෙනහලු රෝග, අංශභාගය, දියවැඩියාව යන රෝගවල ගොදුරක් වීම වැලැක්විය නොහැකිය.
ක්‍රමක්‍රමයෙන් ජීවිතයට එකතු වන මෙම අහිතකර සාධකය වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරයි. එමෙන්ම අඩු වයසින් බෝ නොවන රෝගවලට ඔබ ගොදුරු කරවයි. විශේෂයෙන්ම සමාජයේ මරණ අවදානම වැඩි කරවන ප්‍රධනාම හේතුවක් ලෙස වායු දූෂණයේ තරම සුළු පටු නොවන බව පැහැදිලිය.
වායු දූෂණය හෘදයාබාධ, ආඝාතය වැනි රෝගවලට මුල් වන අයුරු
දූෂණය වූ වාතයේ විවිධ දූවිලි අංශු, වායු වර්ග, කුඩා රසායනික අංශු මෙන්ම ක්ෂුද්‍ර ජීවී කොටස්ද අන්තර්ගතයි. මේ බොහෝ දේ ඇසට නොපෙනෙන තරම් සියුම් අංශු වුවද අප ශ්වසනය කිරීමේදී වාතය සමග මේවාද අපේ පෙනහලු තුළට ඇතුළු වේ. පෙනහලුවල ඇති ඉතා සියුම් ගර්නිකා තුළ ඇති පටල හරහා එම අංශු රුධිරවාහිනීවලට එකතු වේ. එවිට එම අංශු රුධිරවාහිනීවල අභ්‍යන්තරයේ පිහිටා ඇති සියුම් පටලය පසාරු කරගෙන රුධිරවාහිනී බිත්තියට ඇතුළු වේ.
කාලයක් තිස්සේ මේ ක්‍රියාවලිය සිදුවුව හොත් රුධිරවාහිනී ඝන වීම මෙන්ම පටු වීමටද මෙහිදී සිදුවන ක්‍රියාවලි හේතු වෙයි. ඒනිසා අධික පීඩනයක් යටතේ රුධිරය පොම්ප කිරීමේ තත්ත්වයකට හෘදය හා රුධිර සංසරණ පද්ධතිය ක්‍රියා කරයි. එවිට ‘ අධි රුධිර පීඩනය ’ තත්ත්වය ඇතිවේ.
එමෙන්ම දුමෙහි ඇති විවිධ අංශු හේතුවෙන් රුධිරය උකු වීමට හා රුධිර කැටි ඇති වීමට සුදුසු පසුබිමක් සැකසේ. උදාහරණයක් ගතහොත් නිරන්තරයෙන් දුම් බොන්නන්ගේ සිගරට් දුමෙහි ඇති ‘නිකොටින්‘ නම් රසායනිකය නිසා රුධිරය උකු වීම පෙන්වා දිය හැකිය. එවිට මෙවැනි කැටිති හෘදයට රුධිරය සපයන රුධිරවාහිනියක හිර වුව හොත් ආඝාතය හෙවත් අංශභාගය ඇති කිරීමටත් හේතු වේ. එපමණක් නොව හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය මගින් සිදුවන හෘදය ස්පන්දනය වීමේ ක්‍රියාවලියටද බාධා පමුණුවීමේ හැකියාව වැඩියි.
විවිධාකාරව ‘දුමට‘ ගොදුරු වන අප ඉන් වැලකෙන මග
නිවසේදී අහිතකර දුමෙන් වැලකෙන අයුරු
මුළුතැන් ගෙයි ආහාර පිසීමේදී හොඳින් ජනෙල් කවුළු විවරව තබන්න.
විවිධ තෙල් වර්ග රත් කිරීමේදී නිකුත් වන දුම්වලින් හැකිතාක් ඈත් වන්න
ගර්භනී මවක් නම් මෙම දුම් ආඝ්‍රානය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැලකිය යුතුය.
නිවසේදී සංවෘත පරිසරයක් තුළ දුම්පානය කිරීමෙන් වලකින්න
මෙමගින් විවෘත පරිසරයක දුම්පානය කිරීමට කිසිසේත්ම අනුබල දීමක් නොකෙරේ. දුම්පානය කිරීමේ පුරුද්දට ඇබ්බැහි නොවන්නැයි වෛද්‍ය නිර්දේශයද වන බවට මතක් කරදීමට කැමතිය. එහෙත් විවෘත පරිසරයක හිඳ දුම්පානය කිරීමෙන් පවුලේ සෙසු අයට විස දුම ආඝ්‍රානය වීමේ අවදානම අඩු කරගත හැකිය. ඔබ යම්කිසි අවස්ථාවක සංවෘත වූ ස්ථානයක හිඳ දුම්පානය කළහොත් එහි අහිතකර විපාක ඔබට පමණක් නොව ඔබේ දරුවන්ට සේම පවුලේ සෙසු සාමාජිකයන්ටත් එකසේ වලංගු වේ. එසේම එවන් නිවසක සිටින ගර්භනී මවට, ඉපදීමට සිටින දරුවාට එහි අවදානම බරපතළය.
රැකියා ස්ථානයේදී අහිතකර දුමෙන් වැලකෙන අයුරු
නිතරම දුමට ගොදුරු වනවානම් ඊට අදාල ආරක්ෂක ඇඳුම් කට්ටල පළඳින්න. ඊට අදාල මෙවලම් ඔබ භාවිත කරන්න. ඔබ මෙබඳු අවදානම් වෘත්තියක නියැළෙනවානම් පළමුව ඔබගේ ජීවිතාරක්ෂාව තහවුරු කර ගන්න.
මඟතොටේදීත් අපි පරෙස්සම් වෙමු
නාසය සහ මුඛය ආවරණය වන පරිදි හොඳින් සහ නිවැරැදිව මුව ආවරණ පළඳින්න.
ඔබ වටා සිටින අවදානම නොතකන සියලුම දෙනාට අහිතකර දුමෙහි බරපතළ තත්ත්වය ගැන කියා දෙන්න.
එසේ වුවහොත් වසංගතයක් ලෙස පැතිරෙමින් පවතින බෝ නොවන රෝගවලින් වැලකී සිටීමට ඔබට මෙන්ම ඔබේ සමීපතමයන්ටත් හැකි වේ. එසේම කොරෝනා වයිරසයට ගොදුරු වූවත් ඉන් පහසුවෙන් සුවය ලබන්නටත් රෝගයට ගොදුරු නොවී සිටීමට තරම් ප්‍රබල ප්‍රතිශක්තියක් ගොඩනගා ගැනීමටත් හැකි වේ.
-සටහන- මාධවී ධර්මරත්න
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දුම් පානයෙන් - වායු දූෂණයෙන් බෝ නොවන රෝග අවදානමක්