IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

වසර දෙසීයක පමණ කාලයක සිට උඩරට දෙමළ ජනතාවගෙන් ශ්‍රී ලාංකීය ආර්ථිකයට ලැබෙන දායකත්වය අගයා උත්සව මාලාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 

වතුකරයේ ආදායමෙන් තුනෙන් එකකට වඩා දායකත්වය ලබා දෙන  කඳුරට දෙමළ ප්‍රජාවේ ප්‍රථම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙසීයක් සපිරීම නිමිත්තෙන් 2023 පෙබරවාරි මස මෙම වැඩසටහන් මාලාව පැවැත්වීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීමට මෙලෙස කඩිනම් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

මීට වසර දෙසීයකට පෙර ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ උඩරට දෙමළ ජනතාවගේ සේවය ඇගයීම මෙන්ම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කිරීමට අපේක්ෂා කරයි. 

150,000 කට අධික උඩරට දෙමළ වතු කම්කරුවන් පිරිසක් ප්‍රධාන වශයෙන් මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් ආශ්‍රිතව පදිංචිව සිටින අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සංස්කෘතියට ද ඔවුන්ගෙන් සැළකිය යුතු දායකත්වයක් හිමිවේ.



අදහස් (8)

දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතිය

pakeer Friday, 23 December 2022 02:04 PM

මෙය වියයුතු දෙයක්

:       55       6

Ruwan RFriday, 23 December 2022 03:06 PM

ඔව්. හැබැයි ඒක ඒකාට ලකුණු දාගන්න පවත්වන උත්සව වලින් නෙමෙයි. මේ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් ලැබෙන විදිහට.

:       1       26

SenakaSaturday, 24 December 2022 06:12 AM

ඔව්. දෙමළ ඡන්ද ටික කොහොම හරි ගන්න එපැයි. සුලු ජාතික ඡන්ද පෙරේතකම නිසා තමයි පාස්කු බෝම්බෙත් ගහගත්තේ. රනිල් නම් ඉක්මණට ගියොත් එයාටයි රටටයි දෙකටම හොඳයි වගේ...

:       0       0

Channa Friday, 23 December 2022 02:35 PM

එය සත්‍යක්. අපි මෙතෙක් ඔවුන්ට සලකුවේ නහ. චන්දය ගන්න පමනක් ඔවුන්ව පාවිච්චි කලා

:       47       6

sharm warn Friday, 23 December 2022 02:48 PM

සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අහෝසි කරලා ජේ.ආර්. වතුකරයේ ඡන්ද ලක්ෂ 5ක් හදාගෙන බලය ගත්තේ රටට ආදරෙන් නෙමෙයි කියලා නොදන්නේ කවුද? දෙමළ ජනතාවගේ ඡන්දටික අල්ලගන්න පින්බත් කන අයට ජනාධිපතිට මේ මල් හතේ අදහස දුන්නේ කවුද? ඒ මිනිස්සුන්ට උත්සව තියලා අගය කරන්න නෙවෙයි. එයාලගේ මූලික පහසුකම් ටික හරියට දීලා හිටියා නම් හොඳටම ඇති... මේ බොරු සෝබනවලට නම් මොවුන්ට සල්ලි විසිකරන්න පුළුවන්...!

:       1       78

මේ අය නැතිනම් අද See-LOAN-Tea Friday, 23 December 2022 02:59 PM

නුවරඑළිය යන කෙනෙකු මෙය නිරන්තරයෙන්ම දකින දෙයකි! වතුකරයේ අය එම වැඩය කරන නිසා නේද අපිට "තේ" කියලා දෙයක් තියෙන්නේ.. නැතිනම් ඒකත් පිටරටින් එනකම් බලාගෙන ඉඳියි... මෙතැනදී ගාමිණී දිසානායක තුමා වතුකරයේ අයට එදා කල සේවාවත් සඳහන් කළ යුතුය... අද එතුමගෙ පුතා නවීන් දිසානායක එලෙසම ඒ අයට උදව් කරයි... රනිල් අභියෝග බාර අරගෙන ජාතිය ආගම නොබලා රට යහපත් තත්වයකට පත්කිරීමට යොමුවීම කෙතරම් සතුටට කරුණක්ද..!

:       46       0

Rexi Friday, 23 December 2022 03:26 PM

කෝ දේශප්‍රේමියෝ...? මම කියන්නේ රතු අය නෙවෙයි..., 2019 දීපු අය...

:       4       22

Prabha Saturday, 24 December 2022 02:34 AM

උතුරු, නැගෙනහිරට දේශපාලන විසඳුමක්... වතුකරයට ඇගැයීමක්... ඊළඟට ඡන්දයක්.. ඉතින් අපි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site