
(ගයාන් සූරියආරච්චි)
පවතින අධික වර්ෂාවත් සමග මහව ඇල්ල ප්‍රදේශයේ ගංවතුරට හසුව විපතට පත්ව සිටි එකම පවුලේ තිදෙනකු ගුවන් හමුදාවට අයත් BELL-212 වර්ගයේ ගුවන් යානයකින් අද සවස බේරාගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවැසීය.
ඇල්ල ප්‍රදේශයේ දෙමහනල් නිවෙසක උඩු මහලේ කීපදෙනකු ගංවතුරට මැදිව විපතට පත්ව සිටින බවට ගුවන් හමුදාවට කළ දැනුම්දීමකට අනුව ගුවන් හමුදාවේ රත්මලාන කදවුරට අනුයුක්ත ගුවන් නියමුවෝ පිරිසක් එම තිදෙනා බේරාගත්හ.
බේරාගත් පිරිස අතර මව, දියණිය සහ පියා සිටින බව ගුවන් හමුදාව පැවැසීය.
බේරාගත් ගත් පවුලේ සාමාජිකයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකළ බව ද ගුවන් හමුදාව කීය.
ගුවන් හමුදාවේ අංක 04 හෙලිකොප්ටර් බලඝණයට අයත් නිලධාරීන් කණ්ඩායමක් එම මෙහෙයුම දියත් කළේය.


2025 නොවැම්බර් මස 21
173
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
240
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
දෙමහල් ගොඩනැගිල්ලක වහලයේ සිරව සිටි තුනක් ගුවන් හමුදාවෙන් බේරා ගනී