(යොහාන් භාසුර)
ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ වී ඇතැයි කියන අයතා මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශයෙන් පැවැත්වූ විගණනයේ වාර්තාව වාහාම ප්‍රසිද්ධ කරන ලෙස එම සංගමයේ සාමාජිකයෝ ඉල්ලා සිටිති.
එම සංගමයේ ප්‍රධාන නිලධාරීන් සිවුදෙනා නීති විරෝධීව ලබාගෙන ඇතැයි කියන දීමනා, කතරගම විශ්‍රාම ශාලාවේ සහ රත්මලාන ප්‍රධාන කාර්යාලයේ නව ඉදිකරීම් සහ අලුත්වැඩියා සඳහා වැය වූ මුදල් ආදිය පිළිබඳව සාමාජිකයන් කළ පැමිණිල්ලකට අනුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ නියමයෙන් අදාල අභ්‍යන්තර විගණනය පැවැත්වූ බවත් එහි සාමාජිකයෝ පවසති.
අදාල නිලධාරීන් සිවුදෙනා මූලික වැටුපෙන් තුනෙන් එකක් දීමනා ලෙස නීති විරෝධීව ගෙන ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය හිමි පනතක් ඔස්සේ ස්ථාපිල කර ඇති ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ නිලධාරීන්ට එවැනි දීමනාවක් ගත නොහැකි බවත් සාමාජිකයෝ කියති.
අදාල නිලධාරීන් විමර්ශනය සඳහා සහභාගි වීමට ද සංගමයේ මුදල් ගෙන ඇතැයි දැනගන්නට තිබෙන බවත් කතරගම විශ්‍රාම ශාලාවේ ආදායම පසුගිය ජනවාරි මස සිට බැංකුගතකර නොමැති බවත් සාමාජිකයෝ වැඩි දුරටත් සඳහන් කරති.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය සේවක යහ සාධක සංගමයේ විගණන වාර්තාව සාමාජිකයෝ ඉල්ලති
බි.යම්.ටි.ඇයි.ප්‍රියදර්ශන Wednesday, 04 October 2023 11:31 AM
මෙම පුවත් නිවැරදියි ...මෙය පුවත්පතේ පළවෙන්නේ කවදාද මා එහි සාමාජිකයෙකි..මා මේ පිලිබද දු.සා.තුමාට හා ප්‍රවාහන ලේකම්තුමාට ලියා ඇත