(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය හරස් මාර්ගවල සවිකර ඇති සීනු සහ විදුලි පද්ධතිවලින් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් අක්‍රියවීම හේතුවෙන් මේ සඳහා වැය කර ඇති රුපියල් කෝටි 50 කට ආසන්න මුදලක් නාස්තිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම අක්‍රිය සීනු හා විදුලි පද්ධති හේතුවෙන් දුම්රිය හරස් මාර්ග වල ගමන් කළ පුද්ගලයන් සහ රථවාහන අනතුරු රාශියක් පසුගිය වර්ෂයේදී වාර්තා වී තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
දුම්රිය හරස් මාර්ග භාවිත කරන අයගේ ජීවිත හා දේපළවලට දැඩි අනාරක්ෂිත තත්වයක් ඇතිවී තිබුණද ව්‍යාපෘතියෙන් අපේක්ෂිත අරමුණු ඉටුකර ඉටුකර ගැනීමට දෙපාර්තමේන්තුව අපොහොසත්ව තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට කොන්ත්‍රාත් මුදලින් සියයට 95 ක් එනම් කෝටි සියයකට වැඩි මුදලක් ගෙවීම් කර ඇතත් සවිකර වසරක් ගත වීමටත් ප්‍රථම පහළ මාර්ගයේ සීනු හා විදුලි පද්ධති 142 න් 60 ක්ද පුත්තලම මාර්ගයේ සීනු හා විදුලි පද්ධති හතළිස් හයෙන් 34 ක්ද වශයෙන් සමස්ත සීනු හා විදුලි පද්ධති 94 ක් ක්‍රියා විරහිත ව පැවතුණ බව එම වාර්තාව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වන දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පවසන්නේ අවසාන පද්ධතිය 10 සඳහා කිසිදු මුදලක් ගෙවීම් කර නැති බවයි.
ඉහත දෝෂ සහිත පද්ධති 94ට ගංවතුරින් හා හදිසි අනතුරු වලින්විනාශවූ පද්ධති විස්සක්ද ඇතුළත් බව එම ප්‍රධානීහු පෙන්වා දෙති.
විදුලි උපාංග ඇනවුම් කර ඇති හෙයින් ඒවා ලැබුණු පසු පද්ධති නිවැරදි කිරීමට පියවර ගන්නා බවද ඔවුහු සඳහන් කරති.
අපේක්ෂිත ව්‍යාපෘති අරමුණු ඉටු නොවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර අවශ්‍ය පියවර ගත යුතු බව විගණන කාර්යාලය දුම්රිය බලධාරීන්ට නිර්දේශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය සීනු අක්‍රිය වෙලා: කෝටි 50ක් වතුරේ
පැරකුම් Tuesday, 24 October 2023 04:38 PM
මොන බයිලා ගැහුවත් අන්තිමට යන්නේ අපේ බදුසල්ලි...!