IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රියේ සිඟමන් යදින යාචකයින් කරදරයක්

( රේඛා තරංගනී ෆොන්සේකා)

දැඩි තදබදයක් පවතින කාර්යාල දුම්රියවල  සිටින යාචකයින් නිසා දුම්රිය ගමන හිංසාකාරි මගී ප්‍රවාහන සේවයක් බවට පත්ව ඇති බව දුම්රිය මගීහු පවසති.

ඇතැම් යාචකයෙන් හිඟමන් ලැබීම නීතියක් ලෙසින් සිතාගෙන සිටිනවාදැයි සිතන තරමට ඇතමුන්ගේ සිඟමන් යැදීම පීඩාකාරී බව සඳහන් කරන මගින් දුම්රිය මගීන්ගෙන් පිරී සිටින මැදිරිවලදී පවා මෙම යාචකයන් සෙනග අතරින් රිංගා යමින් හිංසාකාරී ලෙස හිඟමන් යදින බව පැවසීය.

 සුවපහස දුම්රිය සේවාවක් යනු මෙයාකාරයෙන්ම හිඟන්නන්ගේ පීඩාවට ලක්වීම දැයි දුම්රිය බලධාරීන්ගෙන විමසා සිටිය යුතු බවද ඔවුන් පැවසීය.

ගීත ගායනා කර සිය දක්ෂතාවය ප්‍රදර්ශනයකොට මුදලක් උපයන අහිංසක පිරිස මගීන්ට පීඩාවක් නොවන බව සඳහන් කරන දුම්රිය මගීන් ගැටලුව ඇත්තේ මත්ද්‍රව්‍යට ඇබ්බැහිවු යාචකයින් කරන දේ තුළ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරි එච්. එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතා මෙසේ කීවේය.

 මේ සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක අංශ වලට යොමු කොට ඉදිරි ක්‍රියාමාර්ගයක් ගැනීමට බලා‍පොරොත්තු වෙනවා.

 

 

 

 



අදහස් (9)

දුම්රියේ සිඟමන් යදින යාචකයින් කරදරයක්

Don Susil Friday, 22 March 2024 11:34 AM

ට්‍රැෆික් ලයිට් වලත් හරි කරදරේ... ඒවාවලත් සිඟමන් යදිනවා... රජයේ ප්‍රවාහන සේවා වුවත් සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතුයි.

:       0       29

රංබොඩ Friday, 22 March 2024 11:36 AM

කුඩු කාරයින්, මැරයින් මෙසේ රට පුරා තැන තැන සිඟමන් යදිමින් සාමාන්‍ය ජනතාවට දැඩි අපහසුවක් සහ හිංසාවන් කරමින් සිටී. ඔවුන් සැබෑ අහිංසකයින් නොවේ. රජයට නීතිමගින් යමක් කළ නොහැකි නම් සමස්ථ සමාජයම ඔවුන්ට නොරැවටී සිටීය යුතුයි. කිසිවක් නොදී අත්හැරිය විට ඔවුන් වෙනත් ව්‍යාපාරයක් පටන් ගනීවි..

:       0       25

කියත්මගේ සෞභාග්‍යය Friday, 22 March 2024 01:02 PM

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශයට යොමුකොට පියවරක් ගන්නවා කියලා දුම්රිය සාමාන්‍යාධිකාරී කියන්නෙ ආරක්ෂක අංශය කියන්නෙ රොබෝවරුද කියලා අහන්න කැමතියි මගීන්ට ආරක්ෂාව සපයන්න බැරි ආරක්ෂක නිළධාරින් කුමටද කියලා අහන්න ඕන කොහොම වුනත් සිංදු කියලා හරි හිගමනේ ගිහිල්ලා හරි එන මිනිස්සු නිසා හරිම කරදරයක් වෙනවා සිංදු කියන එකෙක් බහිනකොට හිගන්නෙක් එනවා ඌ බහිනකොට තවත් සිංදු කාරයෙක් එනවා ඔය අතරේ වෙළෙන්දෝ කෙලවරක් නැහැ හරිම කරදරයක් තමයි තියෙන්නෙ මේවා ඉතින් 2005 දී මයිනප්පු සහ සමාගමේ සුබ අනාගතයේ ඉතාමත් සුලුම කොටසක් තමයි 2019 ආරම්භ වුනු කියත්මගේ සෞභාග්‍යය කාලයත් අවසන් වුනානම් බලන්න තිබුනා සෞභාග්‍යයේ තත්වය කොහොමද කියලා

:       2       15

ajith Friday, 22 March 2024 01:14 PM

මොවුන් බොහෝ දෙනාට යම් රැකියාවක් කිරීමේ හැකියාවක් ඇත. දුම්රිය සහ බස් ස්ථාන වල සිටින මේ "යාචකයින්" ගෙන ගොස් කෘෂිකර්මාන්තය වැනි කාර්යයකට යෙදිය යුතුයි.

:       0       22

ඉන්දික Friday, 22 March 2024 01:19 PM

අපෝ කවුද කියන්නේ සින්දු කියලා දක්ෂතා පෙන්නන කට්ටිය වදයක් නෑ කියලා? ඔවුන් හිඟන්නන්නට වඩා කරදරයක්.. මං දන්නේ නෑ ලංකාව කියන්නේ ශබ්ද දූෂණය අතින් ලෝකේ අංක එක වෙන්න ඇති.. බස්වල එහෙන් තඩි බෆල් ගහලා ඩිස්කෝ සවුන්ඩ්.. කෝච්චි වල මයික් එක බුම් බොක්ස් වලට ගහගෙන මෙලෝ රහක් නැති කැරෝකේ.. සර්කස් කාරයෝ විතරයි අඩු පොදු ප්‍රවාහන සේවයට...

:       0       20

Chan Friday, 22 March 2024 01:57 PM

ලංකාවේ හිඟාකන මිනිස්සු රජයේ සේවකයෙක් වගේ කිහිප ගුණයක් හොයනවා. කිසිම ආදායම් බද්දකට අහුවෙන්නේ නෑ. අපි තමයි ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕනෑ අඩු පඩියකුත් අරගෙන.

:       0       17

Achira Friday, 22 March 2024 04:15 PM

මේ අහිංසක මිනිස්සුන්ට තමන්ගේ රස්සාව කරන්න ඉඩ දෙන්න.

:       13       1

ලක්වැසියෝFriday, 22 March 2024 05:02 PM

අචිර මහත්තයෝ, ලංකාවේ අපිට පොදු ප්‍රවාහන සේවයේ යද්දී ඔහොම කරදර නම් ලංකාවේ දේශපාලුවන් ලෝකය වටේම හිඟමනේ යනකොට ඒ රටවල මිනිස්සු මොනවා කියනවා ඇද්ද? විශේෂයෙන් 1972 අලුතින්ම පිහිටුවා ගත් බංග්ලාදේශයේ මිනිස්සු කොහොම කියාවිද හිතා බලන්නකෝ..!

:       0       8

ටිකිරි ලපයා Saturday, 23 March 2024 12:30 PM

මේ තොත්ත බබාගේ කට ඇතුළට සූප්පුවක් අනේ කවුරු හරි ඔබන්නකෝ...!

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site