IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුම්රිය වැසිකිළියක මල් කැකුළක් දමා ගිහින්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය )

කොළඹ කොටුවේ සිටමඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රියේ තුන්වෙනි පන්තියේ මැදිරියක වැසිකිළිය තුළ තිබී අද (10) රාත්‍රී හතයි  තිහට පමණ බිළිඳෙකු සොයාගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි

නිල් පැහැති ප්ලාස්ටික්  කූඩයක බහා බිලිදා වැසිකිළිය තුළ තබා ගොස් තිබිණ යැය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

වැසිකිළියට ගිය මගියකු මෙම බිලින්දා දැක ඒ බව කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන්ට දැනුම් දී ඇත

දුම්රිය ස්ථානාධිපතිවරුන්  ඇතුළු කාර්ය මණ්ඩලය සහ දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරීන් පැමිණ මෙම බිළිඳු දරුවා ඔවුන්ගේ භාරයට ගෙන පසුව කොටුව පොලිසියට භාර දෙනු ලැබීය

මෙම දරුවා මාස එක හමාරක වයසේ පමණ පසුවන බව පෙනී යන්නේ යැයි එම නිලධාරියා කීය

පොලිස් භාරයට ගත් මෙම බිලින්දා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූ බව පොලිසිය පවසයි 

මෙම බිලිදාවැසිකිළිය තුළ තබා ගිය අය ගැනසොයා ගැනීමට දුම්රිය  ස්ථානයේ සවිකර ඇති සී සී ටීවී කැමරා පරික්ෂා කර ගෙන යන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය

කොටුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි



අදහස් (4)

දුම්රිය වැසිකිළියක මල් කැකුළක් දමා ගිහින්

බිලිඳා Saturday, 11 March 2023 08:18 AM

අනේ කමක් නෑ. දරුවා හදාගන්න බැරිනම් දරුවන්ට අනතුරු, කරදර, හිංසා නොකර මෙහෙම හරි කරන එක යම් තරමකින් සැනසෙන්න පුළුවන් දැන් දැන් අසන්නට ලැබෙන දේවල් ගැන හිතනකොට...

:       0       6

Bunny Preena Saturday, 11 March 2023 09:18 AM

වැඩිහිටියන්ගේ නොමනා හැසිරීම නිසා කිසිවක් නොදත් අහිංසක කිරිසප්පයින්ට වෙන දේවල් බොහෝම සෝචනීයයි..

:       0       2

රට වැසියා Saturday, 11 March 2023 11:13 AM

වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ලෙස විරෝධතාවක, උද්ඝෝෂණයක හෝ වැඩවර්ජනයක යෙදෙන විට මහා පිරිසක් සමඟ ඒවාට සම්බන්ධ වන බැවින් තමන් තනිවන බවක් නොදැනේ. මහ පිරිසක් තමන් සමඟ සිටින බැවින් තමන් අතිශය ශක්තිමත් යැයි ද සිතාගනී. මහා බලයක් ඇතැයිද විශ්වාස කරයි. එහෙත් අත්‍යාවශ්‍ය සේවා පනත ක්‍රියාත්මක වනවිට තත්ත්වය වෙනස් වේ. උසාවියට ඉදිරිපත් කරනුයේ තනිතනිව මිස මහ පිරිස් වශයෙන් නොවේ...

:       3       2

ලක්මාල් Saturday, 11 March 2023 01:07 PM

ඔයා කියන්නේ මේ පොඩ්ඩා වැසිකිළියේ දාලා ගිහින් මහ එවුන් උද්ඝෝෂණ කෙරුවා කියලාද? ඒ මොන කතාවක්ද? මේක ධාවනය වීමට තිබුණු එකක්. දාල ගියපු කෙනා තමයි වරද කරලා තියෙන්නේ. ඉතින් උද්ඝෝෂණ කරපු මිනිස්සු මේකට සම්බන්ධයක් නෑනේ. තනි කෙනෙක් තමයි (දාලා ගියපු කෙනා තමයි) උසාවි කැඳවන්නේ.. අත්‍යාවශ්‍ය සේවා පනත ක්‍රියාත්මක කෙරුවත් නැතත් කව්රු වුණත් කරලා තියෙන්නේ අනවශ්‍ය වැඩක්...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site