IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුම්රිය වැසිකිලියේ බිළිදා දමා ගිය යුවළ රිමාන්ඩ්

(ඇල්ල ප්‍රසාද් රුක්මල් )

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මීනගයා දුම්රියේ මැදිරියක වැසිකිළියක් තුල බිළිදෙකු දමා  පලාගොස් සිටියදි  බණ්ඩාරවෙල කොස්ලන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බිළිදා ගේ මවිපිය යුවළ අද (12) බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් කෙනට් සිල්වා මහතා සැකකාර තරුණ  මව්පිය යුවල මේ මස 15 වනදිනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කළේය.

එදිනට සැකකාර යුවල කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වැඩබලන මහේස්ත්‍රාත් කෙනට් සිල්වා මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූයේ කොස්ලන්ද මීරියබැද්ද සහ බණ්ඩාරවෙල නායබැද්ද වත්තේ පදිංචි යුවළකි.

මොවුන් දෙදෙනා කොළඹ දි දැන හදුනාගෙන ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් , පසුව පසුගිය මස  25 වන දින මැය බිළිදා බිහිකර ඇති බවත් පොලිසිය කීය .

අනතුරුව පසුගිය 10 වන දින රාත්‍රි  මෙම යුවල බිළිදා රැගෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානය ට  පැමිණ එහි වේදීකාවේ නවතා තිබූ කොළඹ කොටුව සිට මඩකලපුව බලා ධාවනය වීමට නියමිතව තිබූ මීනගයා දුම්රිය ට ගොඩවී එහි තෙවන පන්තියෙ මැදිරියක වැසිකිළි යක් තුල ප්ලාස්ටික් කූඩයක දමා බිළිදා තබා  මෙම යුවල කොළඹ සිට බණ්ඩාරවෙල සහ කොස්ලන්ද නිවෙස්වලට පැමිණ තිබේ.

ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල පොලිසිය මගින් සැකකාර තරුණිය ත්, කොස්ලන්ද පොලිසිය මගින් සැකකාර තරුණයත් අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .

 



අදහස් (2)

දුම්රිය වැසිකිලියේ බිළිදා දමා ගිය යුවළ රිමාන්ඩ්

Ahinsa Sunday, 12 March 2023 04:03 PM

මෙවැනි ප්‍රශ්න දැන් සමාජ ප්‍රශ්නයක් වෙලා. අපි මේ ගැන සානුකම්පිතව මානුෂිකව බලන්න ඕනේ. මම සහ මගේ පවුලේ අය ලංකාවේ ළමා නිවාස දෙකකට දැනට වසර 20ක් තිස්සේ උදව් උපකාර කරනවා. මේ දරුවන් පාරවල්වල දමා ගොස් පරිවාස දෙපාර්තමේන්තුව භාරයේ ළමා නිවාසවල ඉන්න දරුවන්. මේ දරුවන්ගේ දෙමව්පියන් වුණත් මෙලෙස දරුවන් පාරවල්වල දමායන්නේ ඔවුන්ට තිබෙන ආර්ථික සාමාජ සහ මානසික ප්‍රශ්න නිසයි. මේවාට වෙන රටවල මෙන් ලංකාවේ රාජ්ය යාන්ත්‍රණයක් නැහැ. මෙවැනි දෙමව්පියන්ව පුනරුත්තාපනය කරන්න පිහිට වෙන්න කිසි ක්‍රමවේදයක් නැහැ. දෙමව්පියන් නැති බාලවයස්කාර දරුවෙක් තරුණියක් පැහැරගෙන ගියොත් දූෂණය වුණොත් සමහර වෙලාවට දූෂිත පොලිස් නිලධාරීන්ට කීයක් හරි දුන්නොත් සමහර අවස්ථාවලදී නැවත එම අපරාධකරුටම එම දරුවාව තරුණියව බාර දුන් අවස්ථා තියෙනවා. මම මේ කියන්නේ නඩු වාර්තා සාක්ෂි සමගයි. අපි මේවාට කතාකරන්න ගියොත් අපි NGO වල සල්ලිවලට කහින අය කියලා අවලාද කරනවා. දක්ෂ දරුවන්ට උදව් කරන්න ඕනෑතරම් අය සිටියත් අදක්ෂ ආබාධිත අසරණ විරූපී කියා සිතන දරුවන්ට අතදෙන්න කවුරුත් නැහැ.

:       1       19

චමින්ද Monday, 13 March 2023 08:17 AM

මෙම අදහස ඉතාමත් නිවැරදියි දරුවාගෙ පියා පුද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවෙක් .ඉතින් ඔහුගේ පවුලේ අයට යමක් කමක් ඇති .පියා කියන්නෙ දරුවට ආදරය තියෙන අයෙක් මිස නරක අඅයෙක් නොවෙයි ඒබව ඔහුගේ අදහස් අනුව පේනවා මම නම් හිතන්නේ මොවුන් දෙදෙනා විවාහ කර උප්පැන්නය ඔවුන් නමින් ලියන්න කියලා තමයි දෙමාපියන් සමග සාකච්ඡා කර ඔවුන්ට දරුවාගෙ රැකවරණය සලසන්න පුළුවන් නම් ඉතාමත් හොදයි ඔවුන්ට ඒක අපහසු නම් ළමා නිවාසයක හැදෙන්න සලසා පසුව දෙමාපියන්ට භාර දෙන්න කියලා තමයි මම නම් කියන්නෙ දෙමාපියන් අකමැති නම් අධිකරණ තීන්දුව මත කකටයුතු කිරීම සුදුසුයී ඇත්තටම දැනට සිදුවීම ඉතාමත් කණගාටුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site