IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දුම්රියේ ලොරියක් ගැටී මගීන් 8 ක් රෝහලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙහිවල පීටර් ලේන් මාර්ගය අසලදී ගඩොල් පටවාගත් ලොරි රථයක් පසු පසට ධාවනය කිරීමේදී කොළඹ සිට මාතර දෙසට ගමන් ගත් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

තුවාල ලබා ඇත්තේ දුම්රියේ පා පුවරුවේ ගමන් ගත් පිරිසක් බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

(ඡායාරූප - එච්.එම් ධර්මපාල)

 

 



අදහස් (9)

දුම්රියේ ලොරියක් ගැටී මගීන් 8 ක් රෝහලේ

kapila Friday, 30 August 2019 03:46 AM

ලොරි රථය පසුපසට ධවනය කර ඇති නිසා වරදක් නැත පපුරුවේ ගමන් කිරීම වරදකි මගීන්ට විරුද්දව නිතිය කියාත්මක කරන්න

:       165       304

benat Friday, 30 August 2019 05:57 AM

අයියෝ... මම දැක්ක එක පුද්ගලයෙකුගේ විලුඹෙන් පහල කකුල් දෙකම ගැලවිලා ගිහින් ඔය ට්‍රක් එක ළඟ තියෙනවා . පාපුවරුවේ යද්දී ඒ මනුස්සය හීනෙකින්වත් හිතන්න ඇද්ද ඔය වගේ දෙයක් වෙයි කියල. ඒ නිසා අපි අපේ ජිවිත වෙනත් මිනිස්සුන්ට බාරදෙන්න හොඳ නැහැ . එහෙම බාරදීලා ඉඳල ජිවිත 300 ක් විතර පාස්කු ප්‍රහාරයෙනුත් නැති උනා . අපි අපි ගැනම පරිස්සම් වෙන්න ඕන . මිනිස් ජිවිතේට කොහෙන් කොයිවෙලේ කරදර එයිද කවුරුත් දන්නේ නැහැ . ගොඩක් පාරේ වාහන පදින රියදුරනුත් පාරේ යන්නේ තමන්ගේ ජිවිතේ වෙනත් වාහනයක රියදුරෙක්ට පරිස්සම් කරලා දෙන්න කියල නොසැලකිල්ලෙන් .ගොඩක්ම මෝටර් බයිසිකල් වල යන අය.

:       0       45

sirimewan Friday, 30 August 2019 06:31 AM

ලොරිය රේල්පිල්ල ආසන්නයටම පසුපසට පැමිණීම ඉතා වැරදියි. මේ කොචිචිය එන්න කලින්නුත් ලොරිය නැවතිලයි තිබුනේ, එතන සිටි මිනිසෙකුට ඕනෑතරම් වෙලා තිබුනා පිල්ල දිගේ ඉස්සරහට දුවගෙන ඇවිත් තමන්ගේ shirt එක හරි ගලවලා වනලා කොචිය නවත්තන්න. නමුත් ලොරිය ලග මිනිස්සු 6 විතර හිටියා ඒ ගොල්ලෝ ඔහේ කොචිචිය එනවා බලන් හිටියා.ඔතන කොචිචි රියදුරුටත් අවස්ථාවක් තිබ්බා කෝචිචිය නවත්ත ගන්න , මොකද ඔය හරියේ වංගු නැහැ තනි කෙලින් පේනවා.ගස්කොලනුත් නැහැ

:       5       319

shanika Friday, 30 August 2019 07:18 AM

අනේ kapila. දුම්රියේ පෙට්ටි 6 සාමාන්‍ය මිනිසුන්ට යන්න තියෙන්නේ. ඔබ දැකල තියෙනවද පෙට්ටි සාමාන්‍ය විදියට පිරිලා සැපසේ යන්න පුළුවන් දුම්රියේ අපේ රටේ. ඔබට වාහන ඇති. මිනිස්සු පාපුරුවේ යන්නේ ආසාවට නොවේ. වෙන යන්න තැනක් ඇතුලට යන්න ඉඩක් නැති නිසා.

:       4       42

kapila Friday, 30 August 2019 07:54 AM

ශානිකා: මමත් දුම්රිය දිනපතා බාවිතා කරන මගියෙක්, ඒ වගේම වැඩි හරියක් යන්නේ පපුරුවේ. බලන්න හැමදාම යන කට්ටිය නේ ද පපුරුවේ යන්නේ ඒ අය කවදවත් ඇතුලට එන්නේ නැහැ පුරුදු වෙලා තියෙන විදිහ අදින් පස්සේ මම පාපුරුවේ යන්නේ නැහැ.. චොමෙන්ට් එක දැම්මේ ඒ අය හදාගන්න. අපි පරිසම් වන එක කෝකටත් හොදයි! හැමෝටම එක්මන් සුවය පතනවා!!

:       1       103

lankaFriday, 30 August 2019 09:44 AM

ඇත්ත... බොහෝදෙනෙක් පාපුවරුවේ යන්නේ පුරුද්දට. හොඳින් බැලුවොත්, බොහෝවිට පෙට්ටියේ මැද හිස්. හැබැයි කාර්යාල වේලාවටවත් දුම්රිය පෙට්ටි ගණන වැඩි කළහැකි නම් හොඳයි...

:       0       0

එචි.එමි.ධර්මපාල.දෙහිවල. Friday, 30 August 2019 05:25 PM

දුම්රිය මාර්ගයේ අනාරක්ෂිත සටහන් යොදා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන මගී ආරක්ෂාව සලස්වන්න පාලකයන් අසමත්වීම නිසා මේ ජීවිත කරදරයට පත්වූ බව සඳහන් වේ.

:       0       106

anura Friday, 30 August 2019 09:55 PM

අපි වැඩකරන රටේ නම් සම්බාධක මාර්ගවල කොන්ක්‍රීට් බැරියර් ඉදිකරනවා. මේ සිදුවුණු දෙවැනි අනතුර දුම්රිය වේගයෙන් පැමිණුනා නම් පෙරලි යනවා දහස් ගණනක් අනතුරේ මේ ස්ථානය ගැන සොයා බල පිළියම් නොකළ මාර්ග ඉන්ජිනේරුවා අධිකරණයට ඉදිරිපත් කළයුතුය..

:       0       0

janahitha Friday, 30 August 2019 09:59 PM

එස්බී - ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනිති. මේවා තමයි ප්‍රශ්න... ජනවාරි මාසයේ මේ අනතුරු ස්ථාන පැය 24ක් නියෝගදී පිළිසකර කළ හැකි නායකයෙක් බිහිවෙනවා නියතයි කියලා හිතෙනවා.

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 23 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 17 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site