IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය රියදුරෝ උපදෙස් බැහැර කරති

(යොහාන් භාසුර)

කොළඹ මරදාන සිට බෙලිඅත්ත බලා පස්වරු 2.30 ට ධාවනය වීමට නියමිතව තිබූ ‘ගාලූ කුමාරී’ දුම්රිය අත්තිරිංග දෝෂයක් තිබියදී සෙසු තිරිංග භාවිත කර ධාවනය කරන ලෙස බලධාරීන් දුන් උපදෙස් බැහැර කිරීමට දුම්රිය රියදුරන් කටයුතු කළ බව වාර්තා වේ.

මාලිගාවත්ත දුම්රිය අංගනයේදී එම දුම්රියේ අත්තිරිංග පද්ධතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දුම්රිය ධාවනය කිරීමට නොහැකි යැයි රියදුරුන් ප්‍රකාශ කළ බවත් සෙසු තිරිංග පද්ධතිය භාවිතා කර දුම්රිය ධාවනය කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා (ගමනාගමන) දුන් උපදෙස් බැහැර කිරීමට රියදුරන් කටයුතු කළ බවත් දැනගන්නට තිබේ.

එම දුම්රිය ප්‍රමාද වීමෙන් මරදාන හා කොළඹ කොටුව දුම්රිය ස්ථානවල සති අන්තයේ රාජකාරි නිමකර නිවෙස් බලා යාමට පැමිණි මගී ජනතාව විශාල වශයෙන් අපහාසුතාවයට පත්වූහ. 



අදහස් (1)

දුම්රිය රියදුරෝ උපදෙස් බැහැර කරති

ABARAN Friday, 15 March 2024 05:04 PM

කොහොමත් මොවුන් බිමින් යන පයිලට්ලා කියා ලොකු හීනමානයකින් පෙලෙන පිරිසක්නේ. අනික මෙයාලා නටන්නෙත් එක්තරා පක්ෂයක පදේටනේ. ඒ අයට ඕනෑ කරන්නේ මිනිස්සුන්ව රස්තියාදු කරවලා ආතල් එකක් අරගෙන එතැනින් එන මහජන අප්‍රසාදය රජයට හැරවීම... මොකද කරන්නේ මොවුන්ට පාඩමක් උගන්වන්න පුළුවන් කොන්ද පන ඇති බලධාරීන් නැති කොට...

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site