IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දුම්රිය ප්‍රමාදයට හේතුව මාර්ග අබලන් වීමයි

 

(යොහාන් භාසුර)

වෙරළබඩ සහ ප්‍රධාන මාර්ගවල මේ දිනවල පවතින දුම්රිය ප්‍රමාදයට හේතුව දුම්රිය මාර්ගය අබලන්වීම නිසා දුම්රිය වේග සීමා පැනවීම බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමට අවශ්‍ය රේල්පීලි ඇතුළු භාණ්ඩ දැඩි හිඟයක් පවතින බවත් පීලි සහ සිල්පරකොට මිලදීගැනීමට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවත් එම උසස් නිලධාරියා කීය.

දුම්රිය මාර්ගයේ පීලි දිරායෑම, සිල්පරකොට විනාශ වීම, කුඩා ගල් හිඟය සහ දුම්රිය මාර්ගයට යොදන ඇණ කැඩීම ආදි හේතූන් නිසා කිලෝමීටර 1,000 ක් පමණ ධාවනයට නුසුදුසු තත්වයක පවතින බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

වෙරළබඩ සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල අද සහ ඊයේ දැඩි දුම්රිය ප්‍රමාදයක් පැවැති අතර ඒ හේතුවෙන් ඇතැම් දුම්රිය පැය ගණන් ප්‍රමාද විය. පස්වරුවේ දුම්රිය ප්‍රමාදය හේතුවෙන් කොළඹට පැමිණි කාර්යාල සේවක සේවිකාව දැඩි අපහසුතාවකට පත්වූහ. 



අදහස් (0)

දුම්රිය ප්‍රමාදයට හේතුව මාර්ග අබලන් වීමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site