IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුම්රිය පාපුවරුවේ ගිය අයෙක් සංඥා කුලුනක ගැටෙයි

(සුමිත් පොතුපිටිය)

මරදාන සිට හික්කඩුව බලා අද (25) පස්වරුවේ ගමන්ගත් සීඝ්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන්ගත් පුද්ගලයකු ආලෝක සංඥා කුලුනක ගැටී බරපතළ තුවාල ලබා ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි .

කළුතර උතුර සහ කළුතර දකුණ දුම්රිය ස්ථාන අතර කළුතර උතුර මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ පිහිටි ආලෝක සංඥා කුලුනේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.

දුම්රිය මැදිරි තුල ඒ වනවිට අධික මගීන් පිරිසක් සිට ඇති බවත්, පාපුවරුවේ එල්ලීසිටී පුද්ගලයා ආලෝක සංඥා කුලුනේ ගැටී දුම්රියෙන් ඉවතට විසිවී  මීටර් 30 ක් පමණ  ඈතට විසිවී ඇති බවත් පැවසේ.

ආලෝක සංඥා කුලුනටද හානි සිදුව ඇදවී ඇති අයුරුද දැකගත හැකිවිය .

තුවාල ලැබූ තැනැත්තා 1990 සුවසැරියෙන්  කළුතර නාගොඩ  ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවත් ඔහු දැඩි බරපතළ තත්වයේ පසුවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති.



අදහස් (7)

දුම්රිය පාපුවරුවේ ගිය අයෙක් සංඥා කුලුනක ගැටෙයි

සුපුන් Friday, 25 August 2023 08:53 PM

මේ වගේ ප්‍රවෘත්තියක් අහපු ගමන් මම හැමදාම සාප කරන්නේ අවුරුදු 75ක් ති‍ස්සේ මේ රට කාපු පාලකයින්ට. මේ මනුස්සයා වැඩ අවසන් වෙලා මෙහෙම එල්ලිලා යන්න ඇත්තේ ආයෙත් කෝච්චියක් අල්ලගන්න තියෙන අමාරුව නිසා. උදේටයි හවසටයි අමතර දුම්රියක් ධාවනය කරගන්න බැරි පාලකයෝ. මේ මනුස්සයාට මොනා හරි වුනොත් ගෑනු දරුවෝ කොච්චර අසරණ වෙනවාද? මේ මිනිස්සු වෙනුවෙන් මොන වෘත්තිය සමිතියක්ද ස්ට්‍රයික් කරලා තියෙන්නේ...?

:       6       63

Prabha Saturday, 26 August 2023 12:52 AM

ඔබ සමග එකඟ වෙමි. නීතියක් එන්න ඕනේ මේ හොරුන්ට අනියම් මනුෂ්‍ය ඝාතනයකට දඬුවම් දෙන...

:       0       3

DUpulSaturday, 26 August 2023 07:08 AM

දැන් හොඳටම ඇති. වෙනස් කරමු.

:       1       7

SenjeeSaturday, 26 August 2023 09:22 AM

50% ක් පමණක් එකඟ වෙමි. මමත් දිනපතා දුම්රියේ ගමන් කරනවා. ඒකෙ තියෙන්නේ අමුතුම සංස්කෘතියක් නැග්ග කෙනා දොරකඩම ඉන්නවා ඊළඟට යන්න ඉන්න අයට නැග ගන්නත් බැහැ. ඇතුලේ වෙනම කල්ලි හදන් ඒ හරියට කාටවත් එන්න දෙන් නැහැ. පා පුවරුවේ යාම විනෝදයක් කරගෙන ඉඩ ලැබුණාමවත් ඇතුළට යන් නැහැ. මේ ඔක්කෝටම දේශපාලකයින් විතරක් නෙවෙයී අපිත් වග කියන්න ඕනේ...

:       0       12

Deepal Nirosh Saturday, 26 August 2023 10:35 AM

මඟීන් බොහෝමයක් දැන් දුම්රිය ගමනාගමනයට පුරුදු වී තිබෙන්නේ ප්‍රවාහන ගාස්තු අඩු නිසා. නැතිනම් මෙහෙමවත් ඔළුව උස්සලා ඉන්න බැරිවෙයි. හැබැයි මේ දුම්රිය පාපුවරුවල ගමන් කරන බහුතරයක් එසේ යන්නේ පුරුද්දට මිසක් ඇතුළු වීමට නො හැකිව නම් නොවෙයි. පොකට්ටුව ගැන හිතුවාට තම ජීවිතය ගැන එහෙම නො සිතෙන එක ගැටළුවක්...!

:       0       6

Krishan Saturday, 26 August 2023 02:08 PM

පසුගිය සතියේ මරදාන සිට දුම්රිය මුහුදුබඩ මාර්ගයේ ධාවනය ගැන වාර්තාවක් අරන් බැලුවොත් හොදට වැටහිමක් ගන්න පුළුවන් සවස සේවා නිමවා යන සියළු දුම්රියන් ප්‍රමාදවි ධාවනය වූ බව බ්‍රහස්පතින්දා සිකුරාදා දින 2ම ගාල්ලට යන සමුද්‍ර දේවි මරදානෙන් ගමන් ආරම්භ කලේ 6 පසුවී... ඔය හික්කඩුව නයනා කුමාරි දුම්රිය පසුගිය දිනවල ධාවනය වුනේ සමුද්‍රේ සාමාන්‍යයෙන් ධාවනය වන කාලයේදී... එසේවූ විටදී මගින් එන දුම්රියට ගොඩවී ඉක්මනින් නිවෙස් කරා යන්න උත්සාහ කරනවා එසේවූ විටදි පාපුරුවේ ගමන් කරන්න වෙනවා. එවිට තමයි ඔය අනතුරක් වෙලා තියෙන්නේ.. ඕවාට දේශපාලකයින් නොව දුම්රිය බලධාරීන් වගකියන්න ඕනෑ.. නියමිත වේලාවට දුම්රිය ධාවනය නොකිරිම ගැන..

:       0       2

Truth Sunday, 27 August 2023 10:35 AM

මේ අනතුර වුනේ සාගරිකා දුම්රියේ දුම්රිය නතර කරන්න උත්සාහ කළා.. ඒත් බැරි වුණා... ඒක හදිසි තිරිංගයක් වත් ක්‍රියාත්මක වුනේ නෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site