IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් වෙයි

 

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

මගී ජනතාවට උපරිම කාර්යක්ෂම සේවයක් සැලසෙන ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරිම සම්බන්ධයෙන්  සාකච්ඡා ආරම්භ වී ඇතැයි  ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සේවක වැටුප් ,විශ්‍රාම වැටුප් හා වෙනත් ප්‍රතිලාභ අහිමි නොකෙරෙන හෝ  කප්පාදු නොකෙරෙන ආකාරයට එම කටයුත්ත කිරීම අරමුණ බවද ඔහු සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීම සඳහා එය අධිකාරියක් බවට පත් කළ යුතු බවට යෝජනා ගණනාවක් පසුගිය කාලය පුරා රජයට ඉදිරිපත්ව තිබිණ.



අදහස් (5)

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් වෙයි

LGPJ Saturday, 05 November 2022 11:52 AM

හිසේ රුදාවට කොට්ටය මාරු කරනවා වගේ...!

:       3       67

Prase Saturday, 05 November 2022 03:33 PM

නිකම් කාලය කන්නේ නැතුව මහජන බදු මුදල් විනාශ නොකර ප්‍රයිවෙට් කරලා දැම්ම නම් ඉවරයි. බන්දුල කරන ගොන් වැඩ වී කිලෝ එක 150 ට අරන් හාල් කිලෝ එක 100ට දුන්න ආර්ථික පඬිවරයා.

:       0       13

Bamunuarachchi Saturday, 05 November 2022 06:30 PM

අධිකාරියක් කළොත් පරිපාලනයට රාජ්‍ය මුදල්, රෙගුලාසි, රාජ්‍ය පරිපාලන නීති බලපාන්නේ නැත. ඔවුන්ට ඕනෑ විදිහට පාලනය කර ගන්න පුළුවන්. මොන අධිකාරියද මේ රටේ සාර්ථකව කෙරුණේ? හිසේ අමාරුවට කෝට්ටේ මාරුකළා වගේ හිටියි. හිතු හිතූ විදිහට OT දාගන්න පුළුවන්... වෘත්තීය සමීති විරුද්ධ නොවීමෙන් පෙනෙනවා අධිකාරියක් වීම සේවකයින්ට තවත් හොඳවීම මිස රටට හොඳක් නොවන බව...!

:       0       2

Lalith M Saturday, 05 November 2022 08:37 PM

පුද්ගලික අංශයට දෙන්න. කිසිම විදියක රාජ්‍ය මැදිහත්වීමක් නැතිව දුම්රිය සේවය පවත්වාගෙන යාමට ඉඩදෙන්න. හොරට පින්පඩි ගන්න එක නවතා මහජන සේවය කරන අතර රජයට බද්දක් ගන්න පුළුවන්.

:       0       1

Peduru Sunday, 06 November 2022 04:56 AM

අධිකාරියක් නොවෙයි මොන කාරියක් කලත් පාලනය කරන්නේ මේ හොරු ටිකම නේද? විය යුත්තේ පෞද්ගලික අංශයත් සමග එකාබද්ද කිරීමයි. දේශ පාලුවන් ගෙන් මුදවා ගැනීමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 158 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site