(මහින්ද නිශ්ශංක)
දුම්රිය උප නියාමකවරයකු හා දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණයක් සිදු කිරීම සඳහා දුම්රිය උසස් නිලධාරීන් තිදෙනකු ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස් ගුණසිංහ මහතා විසින් පත්කළ මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල ) එච්.එච්. ඩී.එස්.එල්.ජයතිලක මහතා කටයුතු කරයි.
මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එම් .අයි. ජයතිලක හා නියෝජ්‍ය ආරක්ෂක හමුදා අධිකාරි ජේ.එම්.එන්.එස්. ජයසේන යන මහත්වරු පත් කර තිබේ.
දෙමටගොඩ දුම්රිය ප්‍රධාන ඉංජීනේරු ධාවනාගාරය ආසන්නයේදී පෙරේදා සිදු වූ දුම්රිය නිලධාරී ගැටුම සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ මහතා කමිටුවට උපදෙස් දී ඇත.
මේ අතර දුම්රිය උප නියාමක හා දුම්රිය ආරක්ෂක හමුදා සැරයන් ගැටුම සම්බන්ධයෙන් දැනට ආරක්ෂක හමුදාවේ සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ගැටුම ගැන සොයන්න කමිටුවක්
Nimal Friday, 06 October 2023 09:04 AM
හැම දෙයටම කමිෂන්.මේ කමිෂන් වලින් පලක් වේද ?
lalindra Friday, 06 October 2023 10:43 AM
ඔය පරීක්ෂණ කමිටුව කියන නම වෙනුවට වෙන නමක්වත් දාන්නකෝ...? පරික්ෂණ කමිටුව කියලා දානකොටම දන්නවා මෙලො වැඩක් සිද්ද වෙන්නේ නැති ප්‍රස්නේ යටගහන්න අටවපු බොරු දෙයක් කියලා...